මාර්තු 20-21: "සමිඳුන්ට පැය 24ක් දෙන්න; කොරෝනා වසංගතය ගැන යාච්ඥා කරන්න" සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලිකයන් ගෙන් ඉල්ලයි

Pope appeals for 24 Hours for the Lord initiative on March 21-22



(2020 මාර්තු 18)
" සමිඳුන්ට පැය 24ක්" යනු නව ධර්මදාන ප්‍රවර්ධනය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව වාර්ෂිකව චතාරික කාලයේ සංවිධාන කරන එක් දින යැදුම් වැඩපිළිවෙලකි. එය පැවැත්වෙන්නේ චතාරික කාලයේ සිව් වැනි ඉරිදාට පෙර යෙදෙන සිකුරාදා සහ සෙනසුරාදා දෙදින තුළ ය.

මේ පැය 24 තුළ ලොව පුරා සෑම පදවියකම ආසන දෙව් මැදුරු ජනතාව වෙනුවෙන් විවෘතව තැබේ. එම දෙව්මැදුරු වලට පැමිණ 24 පැය පුරා යාච්ඥා කිරීමටත්, සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය ලබා ගැනීමටත්, ඒ අතර ශුද්ධෝත්තම පියතුමා සමග ආධ්‍යාත්මිකව සම්බන්ධ වෙමින් යාච්ඥා කිරීමටත්  විශ්වාසිකයන්ට හැකිය. 

මේ වසරේ මාර්තු 21-22 දින දෙකේ යෙදෙන එම දිනය කොරෝනා වෛරසට අදාලව යාච්ඥා කිරීම සඳහා යොදා ගන්නා ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බදාදා ලොව පුරා සිටින කතෝලික ජනතාව ගෙන් ඉල්ලා සිටියේය. එතුමා මෙසේ ප්‍රකාශ කලේ සිය බදාදා පොදු හමුවට සහභාගී වෙමිනි. කෝවිඩ්-19 තත්වය නිසා මේ දිනවල එතුමා පොදු හමුව පවත්වන්නේ ජනතා සහභාගීත්වයෙන් තොරව "අථත්‍ය හමුවක්" (virtual Audience)  ලෙස වීඩියෝ ආධාරයෙනි.

" '  සමිඳුන්ට 24 පැයක්' මූලිකත්වය ඉතා වැදගත් චතාරික දිනයක්. මෙය පාපොච්චාරණය කර ගැනීමට ලැබෙන යහපත් අවස්ථාවක්" යැයි එතුමා කීවේය.

"එහෙත් මේ වසරේ පවතින කෝවිඩ්-19 හදිසි තත්වය හේතුවෙන් එම දිනය ඊට හුරු පුරුදු ස්වරූපයෙන් පැවැත්විය නොහැකිය. කෙසේ නමුත්, මෙම දිනයේ සුපුරුදු සොඳුරු වැඩසටහන් සාම්ප්‍රදායික ආකාරයෙන් මේ වසරේත් පවත්වන ලෙස  සෙනගට එක්රැස්වීමේ තහංචි පනවා නොමැති  රටවල කතෝලික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. පාපොච්චාරණය තුළ දෙවියන් වහන්සේ ගේ කරුණාවට සමීප වී කෝවිඩ්-19 වසංගතයෙන් පීඩා විඳින රටවල ජනතාව් ගේ දුක් වේදනා වෙනුවෙන් යාච්ඥා කරන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා," යි එතුමා කීවේය.

"එසේ ම, මෙම යැදුම් දිනයට සහභාගී වීමට කෝවිඩ්19 නිසා සීමා පනවා ඇති රටවල ජනතාවටත් පුළුවන්. ඔබගේ පෞද්ගලික යැදුම් මගින් මේ පශ්චාත්තාපයේ මොහොතට ඒකාත්මික වී, ලොවපුරා දුක් විදින සහ රෝගීනට  ප්‍රතිකාර සහ උපස්ථාන කරන සුව සේවක සේවිකාවන් වෙනුවෙන් යාච්ඥා කරන" ලෙස ද එතුමා ඉල්ලා සිටියේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය