2020 මාර්තු 19 දින ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ශු. ජුසේ මුනිඳුන්ට කළ යාච්ඥාව

2020 මාර්තු 19 දින
ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා
ශු. ජුසේ මුනිඳුන්ට කළ යාච්ඥාව 





අහෝ ශුද්ධ වූ ආරක්ෂකයාණනි, 
අපගේ මේ දේශය ආරක්ෂා කල මැනව 

පොදු යහපත පිලිබඳ වගකීමෙන් බැඳී සිටින සියල්ලන්ට ඥානාලෝකය ලබා දී,
ඔබ කළ සේ, 
තමන් ගේ වගකීමට භාර වී සිටින ජනතාව  රැක බලාගන්නේ කෙසේදැයි 
ඔවුනට පහදා දුන  මැනව. 

සිය සහෝදර සහෝදරියන්ට සුව සෙතත් ශරීර සනීපයත් ලබාදීම සඳහා උපක්‍රම සොයන්නන්ට, 
ඊට අවශ්‍ය බුද්ධියත් දැනුමත් දානය කළ මැනව.

ඇතැම් විට තමන් ගේ ආරක්ෂාව පවා පරදුවට තබමින් 
අවශ්‍යතාවයෙන් පෙළෙන්නන් සඳහා තමන් වැය කරගන්නා,  
ස්වේච්ඡා සේවකයන්, හෙද-හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු 
රෝගීන් සුව කිරීමේ පෙරමුණේ සිටින්නන් 
ශක්තිමත් කර උපද්‍රව වළින් රැකගත මැනව. 

ආ! ශුද්ධ වූ ජුසේ මුණිඳුනි, 
සභාව සිය පුදැදුරු සේවකයන් ගේ සිට ආශීර්වාද කොට
ඇය ඔබගේ ආලෝකයේ සහ ඔබගේ යහපත් කමේ සළකුණක් ද 
උපකරණයක් ද කළ මැනව. 

ආ! ශුද්ධ වූ ජුසේ මුණිඳුනි,  
ඔබගේ යැදුම් බර නිශ්ශබ්දතාව සමග අපගේ පවුල් කැටුව යනු මැනව; විශේෂාකාරයෙන්, බාලම දරුවාගේ සිට, 
අපගේ දෙමාපියන් සහ දරුවන් අතර සංහිඳියාව ඇති කළ මැනව. 

අපගේ වියපත් වැඩිහිටියන් තනිකමෙන් සහ පාලුවෙන් ආරක්ෂා කළ මැනව; 
අත්හැර දැමීමෙන් හෝ අධෛර්යවත් වීමෙන් හටගන්නා 
බලාපොරොත්තු නැති වීමට ඔවුන් ඇද වැටීමට ඉඩ නොදුන මැනව.

දුර්වල වූවන් සනසනු මැනව
අධෛර්ය වූවන් දිරිමත් කළ මැනව , 
දුප්පතුන් වෙනුවෙන් මැදිහත් වුව මැනව.

ආ! ශුද්ධ වූ ජුසේ  මුණිඳුනි, 
සෑම ආකාරයකම වසංගත වලින් ලෝකය ගලවා දෙන ලෙස 
කන්‍ය මාතාවන් සමග 
ජේසු සමිඳුන් ඉදිරියේ මැදිහත් වනු මැනව. 

ආමෙන්.  

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය