සභාවට අභිනව කාදිනල් හිමිවරුන් 13 ක්: වතිකානයේ සාංක්‍රමනිකයන් සහ සරණාගතයන් පිලිබඳ අංශ ප්‍රධානි පියනමකුත් ඒ අතර; 10 නමකට පාප් වරණයක දී ඡන්දය දීමට සුදුසුකම; නිල ගැන්වීම ඔක්තෝබර 5

Holy Father names 13 new cardinals; Vatican's point-person on helping refugees among them 


(2019 සැප්තැම්බර් 1)
නව කාදිනල් හිමිවරුන් 13 නමක් නිල ගන්වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (සැප්තැම්බර් 1 ඉරිදා) ප්‍රකාශ කළේය. මේ අතරින් 10 නමක් වයස අවුරුදු 80 වඩා අඩු පුදැදුරු - රදගුරු හිමිවරුන් වන අතර මේ නිසා ඔව්හු සුදොතුම් පිය වරණ දැහැනක දී ඡන්දය දීමට සුදුසුකම් ලබති.

නව කාදිනල් හිමිවරු උතුරු ඇමෙරිකාව, මධ්‍යම ඇමෙරිකාව, අප්‍රිකාව, යුරෝපය  සහ  ආසියාව යන කලාප වලට අයත් වෙති. "ඔවුන් අයත් රටවල් සංයුතියෙන් ප්‍රකාශිත වන්නේ මිහිතලය මත වෙසෙන සියලු ජනතාවට දෙවියන් වහන්සේ ගේ  දයා කරුණාබර ප්‍රේමය අඛණ්ඩව ප්‍රකාශ කරන  සභාවේ ධර්මදානීය මෙහෙවරයි," නව රදගුරු හිමිවරුන් ගේ නම් ප්‍රකාශයට පත් කරමින් සුදොතුම් පියතුමා කීවේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ප්‍රකාශය කලේ ඉරිදා (සැප්තැම්බර් 1) තුන්කාල ආරාධනා මරිය දැහැන අවසානයේ දීය. 

කාදිනල් නිල ලබන ජේසු නිකායික පියතුමා

සභාව "ක්ෂේත්‍ර රෝහලක්" යන්න ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිතර අවධාරණය කරයි. මේ නිසා දුප්පතුන්, සරණාගතයන්, සාංක්‍රමනිකයන් රැකබලා ගැනීමේ සේවාව එතුමා ගේ හදවතේ රැඳී ඇති සේවාවකි. මෙම සේවාව නව ධර්මදානයේ සුවිශේෂ ස්ථානයක් ගන්න අබව එතුමා ගේ අදහසයි. මෙම තත්වය අවධාරන කරමින් වතිකානයේ සරණාගත සහ සාංක්‍රමනික සේවාවේ අංශ ප්‍රධානි පියතුමා මෙවර කාදිනල් හිමි නමක් ලෙස නිල නම් කර තිබේ.

එම පියතුමා නම්, කැනඩා ජාතික ජේසු නිකායික මයිකල් ක්සෙන්රි පියතුමා යි. විශේෂත්වය වන්නේ එතුමා ද බාල කාලයේ සරනාගතයකු වීමයි. පැරැණි චෙකොස්ලෝවකියාවේ උපත ලද ක්සේන්රි පියතුමා ළමා කාලයේ දී ම සරණාගතයකු ලෙස සිය දෙමාපියන් සමග කැනඩාවට පැමිණියේය. එතුමා ජේසු නිකායිකයන් ක්‍රියාත්මක කරන විවිධ යුක්තිය හා සාමය පිලිබඳ සේවා පිළිබඳව ද අත්දැකීම් ලැබුවෙකි.

එතුමන් හැරුණු කොට වතිකාන පරිපාලන සේවාවේ තවත් හිමිවරු දෙනමක්    කාදිනල්වරුන්  ලෙස නම් කරනු ලැබ  සිටිති.  එනම් අන්තර් සාමයික සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාවේ ප්‍රධානි සපාඥ්ඥ ජාතික මිගෙල් අයුසෝ ගුයික්සෝ අගරදගුරු හිමි සහ රෝම සභාවේ ලේඛන සංරක්ෂනාගාර ප්‍රධානි සහ පුස්තකාලයාධිපති පෘතුගීසි ජාතික තොලෙන්තිනෝ කල්කා අගරදගුරු තුමායි. 

මීළඟ සසුන් පිය වරණ දැහැනක දී ඡන්දය දීමට සුදුසුකම් ලබන නවක කාදිනල් හිමිවරුන් ලෙස  නම් කරනු ලැබ සිටින සෙසු හිමිවරුන් මෙසේය: 

ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජයේ කින්ශාසාහි  අගරදගුරු  ෆ්‍රිඩොලින් අම්බෝන්ගෝ බෙසුන්ගු හිමි 
මොරොක්කෝවේ රබාට් හි අගරදගුරු ක්රිස්ටෝබාල් ලෝපේස් රොමෙරෝ හිමි

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සුහර්යෝ හර්ජෝඅට්මෝද්ජෝ අගරදගුරු හිමි
ගෝතමාලාවේ හුහෙන්ටේනංගෝ නුවර අල්වාරෝ රමස්සිනි රදගුරු හිමි
කියුබාවේ හවානා නුවර හුවාන් ඩි ලා කරිඩාඩ් ගාර්ෂියා රෝද්රිගුවෙස් අගරදගුරු හිමි
ලක්සෙම්බර්ග් හි ජාන් ක්ලෝඩ් හොල්ලෙරික් අගරදගුරු හිමි
ඉතාලියේ බොලොඥ්ඥා නුවර මතේයෝ සුප්පි අගරදගුරු හිමි

සුදොතුම් පිය වරණ දැහැනක දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති වයස අවුරු 80ට වඩා වැඩි කාදිනල් හිමිවරුන්  තුන් නමක් ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නම් කළේය. "සභාවට කරන ලද ගෞරවනීය සේවාව උදෙසා" එතුමන්ලා එම නිලයට  නම්  කල බව සුදොතුම් පියතුමා කීවේය. එම හිමිවරුන් නම්:

මයිකල් ලුවිස් ෆිට්ස්ජෙරල්ඩ් අගරදගුරු හිමි - ටියුනීසියාවේ නේප්තේ හි විශ්‍රාමික අගරදගුරු සහ සමයාන්තර සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාවේ හිටපු සභාපති
සිගිටාස් ටම්කෙවිකුස් හිමි - ලිතුවේනියාවේ කවුනාස් හි විශ්‍රාමික අගරදගුරු- සෝවියට් ආණ්ඩු සමයේ එතුමා සිරගතකොට වද හිංසා කරන ලැබිණි. 
එවුජෙනියෝ දල් කොර්සෝ හිමි - ඇන්ගොලාවේ බෙන්ගුවෙලා හි විශ්‍රාමික රදගුරු හිමි - එතුමා දීර්ඝ කාලයක්  එම රටේ ධර්ම දූතයකු සේවාව කළේය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය