"පුදැදුරු ළමා ලිංගික අපයෝජන චෝදනා සියල්ල ගැන නොපමාව විමර්ශනය කළ යුතුයි" වතිකාන නිලධාරී අගරදගුරු තුමා ලෝක රදගුරු හිමිවරුනට උපදෙස් දෙයි

"Bishops must investigate all accusations of abuse without any delay" - Maltese Archbishop Scicluna tells Bishops 


(2019 ජනවාරි 22)
ළමා අපචාරයක යෙදී ඇති බවට පූජකවරයකුට විශ්වසනීය චෝදනා  එල්ල වී  ඇති විටෙක එවැන්නකුට එරෙහිව නෛතිකව කටයුතු කිරීමට වතිකාන කාර්යාලය අපොහොසත් වූවත්, රදගුරු හිමිවරුන් ගේ වගකීම වන්නේ ළමයින්  සහ යෞවනයන් ගේ ආරක්ෂාව අරමුණු කරගනිමින් පොදු යහපත තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම බව මොල්ටාවේ චාර්ල්ස් ස්කිල්කූනා අගරදගුරු හිමි පෙන්වා දෙයි.

"අප නිතරම නීතියට අනුව ක්‍රියා   කරන බවට අපගේ රැකවරණ ලබන විශ්වාසිකයන් ගේ සංඝය තුළ විශ්වාසයක් තිබිය යුතුයි. කෙතරම් ඉහළ වන්දියක් ගෙවීමට සිදු වූවත් අප ඔවුන් ආරක්ෂා කරන බව අපගේ විශ්වාසකයන් දැනගත යුතුයි. අප වෙත භාර කරන ලද බැටළු රැල වෙනුවෙන් අප අපගේ ජීවිතය වුවද පුද දෙන්නට සූදානම් බවට වැටහීමක් ඔවුන් තුළ ජනිත විය යුතුයි," යි එතුමා අවධාරණය කළේය.

ස්කිල්කූනා අගරදගුරු හිමියන් මෙම ප්‍රකාශ කලේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් කැඳවන ලද පූජක ළමා අපචාර පිලිබඳ ලෝක රදගුරු සමුළුවේ පළමු දිනයේ (පෙබරවාරි 21) තුන්වන දේශනය කරමිනි.  චාර්ල්ස් ස්කිල්කූනා අගරදගුරු තුමා වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ සසුන් නියෝජනයේ සහකාර ලේකම් වරයා ද වේ. මේ තනතුරේ නිල බලයෙන් පුදැදුරු ළමා අපයෝජන ගැන විමර්ශනය කිරීමේ වගකීම එතුමන් වෙත පැවරී තිබේ. සසුන් නීතිවේදියකු ද ව න එතුමා අභීත, ස්වාධීන විමර්ශකයකු ලෙස ද ගෞරවයට පාත්‍රව සිටියි.

මෙම වගකීම ද පසුබිම් කරගනිමින් ස්කිල්කූනා අගරදගුරු හිමි ලිංගික අපයෝජන චෝදනා සමබන්ධයෙන් රදගුරු හිමිවරුන් ක්‍රියා කල යුතු ආකාරය ගැන පියවරෙන් පියවර උපදේශ මාලාවක් ඉදිරිපත් කළේය. එසේම සිය වතිකාන කාර්යාලය එම චෝදනා ගැන විමර්ශනය කරන ආකාරය  ගැන ද එතුමා විස්තර කළේය.

"පූජක ළමා අපයෝජන සම්බන්ධයෙන් තමන් වෙත ලැබෙන සියලුම චෝදනා ගැන රදගුරු හිමිවරුන් අනවශ්‍ය පමාවකින් තොරව වමර්ශනය කල යුතුයි. රදගුරු හිමිවරුන් ලෙස නම් යෝජනා කෙරෙන පුදැදුරු වරුන් තුළ අපයෝජන සම්බන්ධයෙන් නිසි තේරුම් ගැනීමක් හෝ වැටහීමක් නොමැති නම් ඒ ගැන වතිකානය් වෙත දැනුම් දීමේ වගකීම රදගුරු හිමිවරුන් වෙත පැවරී තිබේ. රදගුරු හිමිවරුන් තෝරාගැනීමේ ක්‍රියාවලියේදී කරුණු වසන් කිරීම රදගුරු සේවාවේ විශ්වසනීයත්වයට එරෙහිව කරන බරපතල පාපයකි" යි ස්කිල්කූනා රදගුරු හිමි කියා සිටියේය.











Comments

  1. මෙසේ මත දක්වන හා ක්‍රියා කරන රදගුරුවරු වතිකානයේ සිටිනවා යැයි දැන ගැනීමත් අප බඳු අයට මහත් ධෛර්යයක්. අපේ රටේ එබඳු රදගුරුවරු නැතිකම අප තුළ ඇතිකර වන්නේ කණගාටුවක් හා කෝපයක්.වතිකාන සුළං හඬ අපේ රදගුරු හිස් වලට උඩින් ගසාගෙන නො යාවා!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය