වතිකාන ජන සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නායක තනතුර ගිහි මාධ්‍ය ප්‍රධානියකුට - මෙම තනතුරට ගිහියකු පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව

Pope Francis appoints a professional journalist as new prefect of communications office - The first layperson to lead this important Vatican office 

වතිකාන සන්නිවේදන කාර්යාලයේ නව ප්‍රධානි පාවොලෝ රුෆිනි 

(2018 ජූලි 8)
වතිකාන  ජන සන්නිවේදන  දෙපාර්තමේන්තුවේ නායකත්වයට ගිහි මාධ්‍ය ප්‍රධානියකු වන  පාවොලෝ රුෆිනි, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් ඉකුත් ජූලි 5 වැනිදා පත් කරන ලදී. රුෆිනි ඒ වන විට සේවය කරමින් සිටියේ ඉතාලි රදගුරු මණ්ඩලයට අයත් TV2000 රුපවාහිනියේ ප්‍රධානියා ලෙසයි. මෙම දෙපාර්තමේන්තුව සැලකෙන්නේ වතිකානයේ බෙහෙවින් ප්‍රමුඛ මට්ටමේ  කාර්යාලයක් ලෙසයි. එහි නායකත්වයට ඉතිහාසයේ මෙතෙක් පත්කරන ලද්දේ රදගුරු හිමිවරුන් හෝ කාදිනල් හිමිවරුය. මේ අනුව මෙම ප්‍රමුඛ මට්ටමේ   කාර්යාලයේ නායකත්වයට ගිහි මාධ්‍ය ප්‍රධානියකු  පත්කෙරුණු ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත. 

මෙම තනතුර පුරප්පාඩු වූයේ මීට කලින් එහි නායකත්වය දැරූ දාරියෝ විගානෝ මාහිමිපාණන්  මතභේදයක් හේතුවෙන් එම තතුරින් ඉලා අස්වීම  නිසාය. විශ්‍රාමික සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ගේ ලියුමක් නිරවද්‍ය නොවන ආකාරයෙන් භාවිත කිරීම නිසා හටගත් මතභේදය හේතුවන් මීට මාස තුනකට කලින් එතුමා එම තනතුරින් ඉල්ලා  අස්විය.

TV2000 රූපවාහිනියේ ප්‍රධානියා වූ 61 හැවිරිදි  පාවොලෝ රුෆිනි, මුද්‍රිත, රේඩියෝ සහ රුපවාහිනි මාධ්‍ය පිලිබඳ දීර්ඝකාලීන අත්දැකීම් සහ කුසලතා සහිත මාධ්‍යවේදියෙකි. ඉතාලියේ සිසිලි නගර වැසියකු වන ඔහු වෘත්තීය නීතීඥක් ද  වේ. 2014 දී TV2000 ආයතනයට එක්වීමට කලින් හේ එරට ජාතික රුපවාහිනි ජාල ලෙස සැලකෙන Rai 3 සහ  LA7 යන ආයතනවල සේවාව කළේය. ඊට කලින් ඔහු රෝමයේ පලවන Il Messaggero ඇතුළු ප්‍රමුඛ පෙලේ මුද්‍රිත මාධ්‍ය රැසක සහ රේඩියෝ නාලිකා කිහිපයක සේවාව කර තිබේ.

රුෆිනි මෙම තනතුරට පත්කිරීමේ තීරණය ඉතාලි මාධ්‍යවේදීන්ගේ දැඩි ප්‍රශංසාවට ලක්වී තිබේ. වතිකානයේ පවතින ඓතිහාසික මාධ්‍ය ආයතන රැසක් පාලනය කිරීමේ වගකීම පැවරෙන මෙම වැදගත් තනතුරට ගිහි වෘත්තීය මාධ්‍යවේදියකු පත් කිරීම ගැන සිය ට්විටර් සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලා  ඔස්සේ ඔවුහු ප්‍රශංසාව පළකළහ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වතිකාන සන්නිවේදන ව්‍යුහය ප්‍රතිසංස්කරණය ආරම්භ කලේ 2015 සිටය. සන්නිවේදන කාර්යාලය "ලේකම් කාර්යාලයක්" බවට පත්කළ එතුමා එහි නායකත්වයට  දාරියෝ විගානෝ මාහිමිපාණන් පත් කළේය. එහෙත් එම කාර්යාලය දෙපාර්තමේන්තුවක තත්වයට පත්කිරීමට සුදොතුම් පියතුමා තීරණය කර ඇතැයි වතිකානය ඉකුත් ජුනි 21 වැනිදා ප්‍රකාශ කළේය. සුදොතුම් පියතුමා එසේ කලේ එහි නායකත්වයට ගිහියකු පත්කිරීමේ සූදානම හේතුවෙන් බව නිරීක්ෂයෝ පවසති.

සුදොතුම් පියතුමා විගානෝ මාහිමිපාණන් ගේ ඉල්ලා අස්වීම භාර  ගත්තත් එම කාර්යාලයේ වෙනත් තතුරක් භාරගෙන උපදේශක මට්ටමින් කටයුතු කරන්නැයි  එතුමාඑම මාහිමිපාණන් ගෙන්  ඉල්ලා සිටියේය. මේ නිසා එතුමා දිගටම එම කාර්යයේ සේවය කරයි. ඊට අමතරව එම දෙපාර්තමේතුවේ දෙවැනියා ලෙස කටයුතු කරන්නේ ආජන්ටිනා ජාතික ලුසියෝ ඒඩ්‍රියන් රුයිස් මාහිමිපාණෝය. මේ අනුව මෙම මාහිමිවරුන් දෙනමට ප්‍රථම වරට ගිහි නායකත්වයක් යටතේ සේවාව කිරීමේ අවස්ථාව උදාවී තිබේ. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය