ඉතාලියේ නව කාදිනල් තුමාගෙන් අපූර්ව "මහා භෝජන සංග්‍රහයක්" - සියල්ලන් මවිත කරමින් ඊට පැමිණි අනපේක්ෂිත අමුත්තා

Pope Francis surprises poor and homeless at new Cardinal’s dinner


(2018 ජූලි 2)

ලොව පුරා බොහෝ   ප්‍රදේශවල ඇතැම්  පුදැදුරුවරුන් සිය සංවත්සර, ජයන්ති ආදිය උත්සව ශ්‍රීයෙන් සමරති. මේ  වන විට එවැනි මහා පරිමානයේ ප්‍රීති සාද පිලිබඳ තොරතුරු සියක් සංඛ්‍යාත පින්තුර  සමග මුහුණු පොත සරසන්නට ද පටන් ගෙන තිබේ.

 මේ අතර, ඒවාට මුළුමනින්ම වෙනස් අපූර්ව "මහා භෝජන සංග්‍රහයක්" ඉකුත්දා රෝමයේ දී පැවැත්විණ. එම භෝජන සංග්‍රහය පවත්වන ලද්දේ ජුනි 28 වැනිදා නව කාදිනල් හිමිනමක් ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් ස්ථාපනය කරන ලද පාප් වහන්සේ ගේ දයා  සේවා ආයතනයේ (පුණ්‍ය කටයුතු අංශයේ -Papal Almoner)) ප්‍රධානි  කොන්රඩ් ක්‍රජෙව්ස්කි අගරදගුරු  හිමිපාණන් විසිනි.

සිය කාදිනල්ධුරය නිමිත්තෙන් කාදිනල් ක්‍රජෙව්ස්කි හිමි ජුනි 29 වනදා රාත්‍රී භෝජන සංග්‍රයක් සංවිධාන කළේය. ඒ සඳහා එතුමා සිය "සමීපතමයන්" 300කට ආසන්න පිරිසකට ආරාධනා කළේය. මේ "සමීපතම" පිරිස නම් රෝමයේ දුප්පතුන් ,  ගෙවල් රහිත ජනතාව සහ රෝමයට පැමිණි සරණාගත ජනයා අතර පිරිසකි. (ඒ හැර එතුමන් ගේ  මිතුරු පුදැදුරුවරුන්, රදගුරු හිමිවරුන් හෝ දේශපාලකයන් හෝ  ඥාති මිත්‍රාදීහු ඊට ඇරැයුම් ලබා නොසිටියහ.)

මෙම භෝජන සංග්‍රහය සූදානම් කර තිබුනේ වතිකානයේ සේවය කරන සේවකයන් ගේ ආපාන ශාලාවේය. නව කාදිනල් ක්‍රජේව්ස්කි හිමියන් ගේ දාන කාර්යාලයේ සේවාව කරන කාර්ය මණ්ඩලයේ 60 දෙනෙක්  මේ භෝජන සංග්‍රහය සංවිධාන කිරීමට ස්වේච්ඡාවෙන් එක්වී සිටියහ.

හදිසියේ ආ අනාරාධිත අමුත්තා 

භෝජන සංග්‍රහය ඇරඹී ටික වෙලාවක් ගත වුනේය.

හදිසියේම කැන්ටිමේ දොරෙන්  ඇතුළුවූ සුදු ලෝගුවක් ඇඳි තැනැත්තා වෙත සියල්ලන් ගේ නෙත් යොමු වුනේය. ඒ  අමුත්තා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ය.

එතුමන් දුටු දුප්පත් ජනයා ප්‍රීතියට පත්වූ අතර කාදිනල් ක්‍රජෙව්ස්කි හිමි ප්‍රමුඛ සත්කාරකයන් තුළ ඇති වූයේ සතුටත්  මවිතයත් මිශ්‍ර හැඟීමකි. මන්ද සුදොතුම් පියතුමාට මේ සඳහා ඇරයුම් කර නොතිබීමයි. එසේම එතුමා එන බවක් නව කාදිනල් තුමන්ට හෝ වෙනත් කිසිවකු දන නොසිටීමයි.

"මම ආවේ දුප්පතුන් වෙනුවෙන්. ඔබ වෙනුවෙන් නොවේ," යයි සුපුරුදු සරදම් සිනහව මුවග රඳවා ගත් සුදොතුම් පියතුමා ක්‍රජෙව්ස්කි කාදිනල් හිමියනට පැවසුවේය. කාදිනල් තුමන් හා ස්වේච්ඡා සේවකයන් සමග මන්ද වෙලාවක් කතා කරමින් සිටි එතුමා, මෙම භෝජන සංග්‍රහයේ ආරාධිතයන් (රෝමයේ දුප්පතුන්) ගේ මේසයක අසුන් ගෙන ඔවුන් සමග එකට 'භෝජන සංග්‍රහය' රස වින්දේය.

සුදොතුම් පියතුමා එම භෝජන සංග්‍රහයට සහභාගී වූ බොහෝ දෙනෙකු සමග කතා බහ කරමින් දෙපයක් පමණ වෙලාවක් එම ස්ථානයේ ගත කළේය.

"මේ භෝජන සංග්‍රහය ඉතා විශේෂ එකක්. මන්ද මෙය දුප්පතුන්  වෙනුවෙන් නව කාදිනල් තුමන් විසින් සංවිධාන කරන ලද්දක් නිසා," යැයි ස්වේච්ඡා සේවකයකු වන කාලෝ සන්තෝරෝ වතිකාන ප්‍රවෘත්ති සේවයට කීවේය.
" අපි හැමෝවම පුදුමයට පත්කරමින් සුදොතුම් පියතුමා එතැනට පැමිණියා. අපි හිතුවෙ එතුමා පුංචි සුබ ප්‍රාර්ථනයක්  කරල ටික වෙලාවකින් ආපහු යයි කියලා," ඔහු කීවේය. එහෙත් එතුමා රාත්‍රී ආහාරය සඳහා අසුන් ගත්තේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එහි සිටි බොහෝ දෙනෙකුගේ ජීවිත අත්දැකීම්වලට් සවන් දුන් බව සන්තොරෝ කීවේය. රෝමයට පැමිණ සිටි සිරියානු සරණාගතයන් කිහිප දෙනෙක් එතුමා ගේ මේසයේ සිටියහ. මාස 11ක් කාන්තාරය ඔස්සේ පා නගමින් ජීවිතය බේරාගෙන  තමා  ඉතාලියට පැමිණි ලොමුදැහැගන්වන කතාව තවත් සරණාගතයෙකු එතුමාට විස්තර කල බව සන්තාරෝ කියා සිටියේය.

කාදිනල් ක්‍රජේව්ස්කි අගරදගුරු හිමි සුදොතුම් පියතුමාට එතුමන්ගේ 'අසල්වැසියන්' කිහිපදෙනෙකු හඳුන්වා දුන් බවද සන්තාරෝ සඳහන් කළේය. මෙම අසල්වැසියන් නම් රාත්‍රියේදී වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ නිදා ගන්නා 'ගෙවල් නැති' ජනතාවයි. විවිධ අවස්ථාවල මේ පිරිස තමන් එකිනෙකාට උදව්  කරගන්නා ආකාරය ක්‍රජේව්ස්කි හිමි සුදොතුම් පියතුමාට විස්තර කළේය.

සිරගතව සිට නිදහස්ව මෙතෙක් රැකියාවක් නොමැතිව සිටින කිහිප දෙනෙකු සේම මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහිව සිට ඉන් මිදුණු කිහිප දෙනෙක් ද සුදොතුම් පියතුමා සමග සිය  සිය අත්දැකීම් බෙදා ගත්හ. 

සම්බන්ධ අනෙකුත් වාර්තා:
"ඔබ තවත් කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨ යැයි නොසිතන්න" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කාදිනල් හිමිවරුනට කියයි."ඔබට ලැබිය හැකි ඉහලම උසස් වීම දේව ජනතාව අතර අල්පවුනට සේවය කිරීමයි"

සභාවට නව කාදිනල් හිමිවරු 14 නමක් - ස්ථාපනය ජුනි 29 - මැඩගස්කරයට සහ පාකිස්ථානයටත් කාදිනල් හිමිවරුන්


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය