ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ රදගුරු හිමිවරු මරණ දඬුවමට එරෙහිව හඬ නගති: "එය මනුෂ්‍යත්වයට අවමානයක්" ඔවුහු කියති.

Catholic Bishops in Tennessee  speak out against Capital Punishment 


(2018 ජූලි 16)
ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ මේ වන විට මරණ දඬුවම නියමව සිටින වරදකුවකුට එරෙහිව එම දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් වළකින්නැයි එම ප්‍රාන්තයේ කතෝලික රදගුරු හිමිවරු එහි  ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටිති.

"ඔබගේ පාලන සමයේ ඔබගේ අධීක්ෂණය යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවීය යන දේශපාලන උරුමයට හිමිකම් කියන්නැයි අපි ඔබට ආරාධනා කරමු"යි  එම හිමිවරු ආණ්ඩුකාර බිල් හැස්ලම් වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටිති. "ආණ්ඩුකාරයා ලෙස ඔබ සතු බලය භාවිත කරමින් මේ වසරට නියමිත සියලු මරණ දඬුවම්  නවත්වන්නැයි" ඔව්හු ඉල්ලති. ජූලි 13 දිනය   සහිතව ආණ්ඩුකාරවරයා වෙත යොමු කල ලිපිය රදගුරු හිමිවරුන් විසින් මාධ්‍ය වෙත යොමු කර තිබිණි.

දරුණු අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මනුෂ්‍යත්වයට අවමානයක් හා අගෞරවයක් බව මෙමෙ ලිපිය මගින් රදගුරු හිමිවරු පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් වන කතෝලික ඉගැන්වීම පිළිබඳව ආණ්ඩුකාරවරයාට යම් ප්‍රශ්නයක් වෙතොත් ඔහුට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට තමන් සතුටින් සිටින බව ද  ඔව්හු සඳහන් කරති.

ටෙනසී ප්‍රාන්තයට අයත් නැෂ්විල්, නොක්ස්විල් සහ මෙම්ෆීස් යන පදවිවල කතෝලික රදගුරු හිමිවරුන් මෙමෙ ලිපියට අත්සන් තබා තිබේ.

සත් හැවිරිදි ගැහැණු දරුවකු දූෂණය මරා දැමීමට වරදකරුවූ බිලි අයිරික් නැමැත්තා  අගෝස්තු මස 9 වැනිදා මරණීය එන්නත එන්නත් කිරීමෙන් මරණ දඬුවමට  ලක් කිරීමට නියමිතයි. ඉන් පසු මේ වසර පුරා තවත් කිහිප දෙනෙකු එම දනුවමට නියම වී තිබේ. 2009න් පසු එම ප්‍රාන්තයේ එම දඬුවම ක්‍රියාත්මක වන ප්‍රථම අව්ස්තාව් මෙයයි.

"මරණ දඬුවම මගින් මානව පුද්ගලයා ගේ ගරුත්වය සෝදාපාලු වේ. ...මෙම දඬුවම සමාජය ආරක්ෂා කල හැකි එකම ක්‍රමය ලෙස සිතීම සාවද්‍ය වේ. නීති කඩකරන්නනට එරෙහිව ක්‍රියාත්මක කල හැකි වෙනත් දනුවම් තිබේ. ...මරණ දඬුවම යුක්තිය ක්‍රියාත්මක කිරීමේ මාර්ගයක් වනවා වෙනුවට මානව ජීවිතයට අවමානයක් බවට පත්වේ"  ලිපියේ සඳහන් වේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය