ශු. කල්කටාවේ තෙර්සා මව් තුමියගේ සාන්තුවර භාවය දවසේ ඉතාලියේ දුප්පතුන් පිරිසකට පිට්සා භෝජන සංග්‍රහයක්

A pizza  lunch for Italy's poor after Mother Theresa Canonization 


(2016 සැප්තැම්බර් 5)
ශුද්ධවූ කල්කටාවේ තෙරේසා මව් තුමිය සාන්තුවරියක ලෙස ප්‍රකාශයට පත් කිරීමේ දිව්‍ය පූජාවෙන් පසුව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ දුප්පතුන් වෙනුවෙන් පීට්සා දිවා භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ. මෙම දිවා භෝජනයට ඇරැයුම් ලබා සිටියේ ඉතාලිය පුරා ඇති ශු. තෙරේසා මව් තුමියගේ දයාවේ ධර්මදූත නිකායේ කන්‍යා සොයුරියන් විසින් පවත්වාගෙන යනු ලබන නිවාස වල ජීවත් වන දුප්පතුන් 1500 දෙනෙකු පමණ පිරිසකි.

"මෙම දිවා භෝජන සංග්‍රහයේ දී සත්කාර ලැබුවේ ඉතාලිය පුරා සිටින දුප්පතුන් හා අසරණයෝ ය. විශේෂයෙන් ම ඉතාලිය පුරා දයාවේ ධර්මදූත නිකායේ සොයුරියන් ගේ නිවාස වල ජීවත් වන අය ය. මිලානෝ, බෝලොඥ්ඥා, ෆ්ලොරන්ස් සහ නාපොලිය ඇතුළු සෑම ප්‍රදේශයක ම දයාවේ නිවාස වල සොයුරියන් ගේ සේවාව ලබමින් සිටින දුප්පත් අසරණ ජනතාව ඊට ඇරැයුම් ලබා සිටියහ" යි වතිකානය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

ශු. කල්කටාවේ තෙරේසා මව්තුමිය ගේ ශාන්තුවර භාවයේ දිව්‍ය යාගයට සහභාගී වීම සඳහා සැප්තැම්බර 3 වන දින රාත්‍රියේ ඔව්හු බස් රථවලින් රෝමයට පැමිණියහ. දිව්‍ය පැවැත්වුණු ශාන්ත පීතර චතුරශ්‍රයේ ශු. පේදුරු අපෝස්තුළු තුමන් ගේ ප්‍රතිමාව අසල "රැපර්තෝ සන් පියෙත්‍රෝ " ( “Reparto San Pietro.”) කලාපයේ විශේෂ කොටසක අසුන් පනවා මෙම 'විශේෂ අමුත්තන්' වෙනුවෙන් වෙන් කරනු ලබා තිබිණි. දිව්‍ය පූජාවෙන් පසුව දිවා ආහාරය සඳහා වතිකානයේ සවැනි පාවුළු ශාලාවට ඔවුහු කැඳවාගෙන යන ලදහ.

දිවා ආහාරය සඳහා ඔවුනට ලැබුනේ ඉතාලියේ ප්‍රකට නියපොලිටාන් පීට්සා ය.

දිවා භෝජනයට  සහභාගී වූ විශාල සංඛ්‍යාව නිසා 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කාර්ය මණ්ඩලයක් ආහාර පිළියෙළ කිරීමට එක්ව සිටියහ. ඔවුන්ගෙන් ඇතැමෙකු පැමිණ සිටියේ සිය ජංගම බේකරි රථ ද රැගෙන වීම විශේෂයක් විය. ආහාර පිරිනැමීම සඳහා දයාවේ ධර්මදූත සොයුරියෝ 250 දෙනෙක් ද එම නිකායේ පිරිමි පාර්ශවයේ සහෝදර තුමන්ලා 50 දෙනෙකු සහ තවත් ස්වෙච්චා සේවක පිරිසක් ද එක්ව සිටියහ.

ඉකුත් ඉරිදා (සැප්තැම්බර 4) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රධානත්වයෙන් වතිකාන චතුරශ්‍රයේ පැවැති දිව්‍ය පූජාවේදී කල්කටාවේ තෙර්සා මව් තුමිය ශාන්තු වරියක ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරිණි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය