"අබාධිත ජනතාව සක්‍රීයව සමාජයට සහ සභාවට අන්තර්ග්‍රහණය කරන්නා වැඩසටහන් සහ ඔවුන් කැටුව යා හැකි මහා හදවත් අවශ්‍යයි." 2023 දෙසැම්බර මාසය සඳහා සසුන් පිය යැදුම් අදහස.

Programs and initiatives that promote inclusion of people with disabilities and 'big hearts' to accompany them are needed - Pope's prayer intention for December 2023



2023 දෙසැම්බර 3

2023 දෙසැම්බර මාසය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස රැගත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ. 

මේ මාසයේ යැදුම් අදහසින් එතුමා ලෝකයේ අවධාන යොමු කරන්නේ ආබාධිත ජනතාව වෙතටයි. 

අපේ සමස්ත සමාජය අප අතර සිටින ආබාධිත ජනතාව "මහා හදවත් වලින්"  අන්තර්ග්‍රහණය කරෙගන ඔවුන් සතු ශක්‍යතා සහ කුසලතා වලින් සමාජය තුළ ප්‍රීතියෙන් ජීවත් වන පරිසරයක් ගොඩ නැගෙන පිණිස ක්‍රියා කරමු යි සුදොතුම් පියතුමා මේ වීඩියෝ පණිවිඩය මගින් ලොව පුරා කතෝලික ජනතාවට ආරාධනා කරයි. 

මේ යැදුම් අදහස දෙසැම්බර 3 වැනිදා සැමරෙන ආබාධ සහිත ජනතාව පිලිබඳ එක්සත් ජාතීන් ගේ ජාත්‍යන්තර දිනය සමග සමපාත වන ලෙස නිකුත් කර තිබේ. 

දියුණු සහ උගත් යැයි කියන නූතන සමාජ චින්තනය තුළ  පවා මුල් බැසගෙන ඇති "අවිද්‍යාව සහ පූර්ව විනිශ්චයන්" නිසා  "ප්‍රතික්ෂේප කර කොර දමන" ආබාධිත  ජනතාව කෙරෙහි මේ පණිවිඩයෙන් සුදොතුම් පියතුමා ලෝක ජන සමාජයේ අවධානය යොමු කරයි.  

"වෙනස් ශක්‍යතා ඇති මේ ජනතාව සතු හැකියාවන් සහ කුසලතාවන්" හඳුනාගෙන ඒවාට විවෘත වීම සනදහා අපේ සමාජයේ මෙන්ම   සභාවේත් මානසිකත්වය ටිකක් වෙනස්  කර ගැනීමේ" අවශ්‍යතාව සුදොතුම් පියතුමා පැහැදිලි කරයී. ඔවුන් සමාජයට අන්තර්ග්‍රහණය  කර ගැනීමේ වැඩසටහන් ආරම්භ කල යුතු අතර විශේෂයන් ම "අධ්‍යාපනය සහ රැකියාවල්" ඇතුළුව ඔවුන්ට සිය වෙනස් වූ කුසලතා ප්‍රකාශ කල හැකි  වෙනත් සියලුම ක්ෂේත්‍රවලට ඇතුළු වීමට ඇති සියලු වැටකඩොලු බිඳ දැමීමේ අවශ්‍යතාව එතුමා අවධාරණය කරයි. එපමණක් නොවේ. පෙර කියූ අවිද්‍යාව නිසා කොන් කරනු ලබන ආබාධ  සහිත ජනතාව කැටුව යා හැකි "මහා හදවත් වල"  අවශ්‍යතාව ද එතුමා අවධාරණය කරයි. 

මේ සියල්ල වෙනුවෙන් "යාච්ඥා කරමු" යන්නෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අදහස් කරන්නේ යාච්ඥාවෙන්  ලැබෙන මහා ශක්තිය හා වරප්‍රසාදය තුළ "ක්‍රියා කරමු" යන්නයි. 

වීඩියෝ සටහන 

මෙවර සුදොතුම් පියතුමා ගේ වීඩියෝ කතාවේ රූප පෙළට ලොව ප්‍රදේශ කිහිපයක ආබාධ සහිත ජනතාව සමාජය තුළ සක්‍රීය වන ආකාරය පෙන්වා දෙයි. 

පැරාලිම්පික් තරගාවලියේ දී විවිධ දක්ෂතා ඇති ආබාධිත ක්‍රීඩකයන් සිය  ශාරීරික සීමා ජයගෙන තරග වදින ආකාරය; ඉතාලියේ සාන්ත් එජිඩියෝ සංගමයේ සේවා වල සිතුවම් ඇඳීමෙන් සිය නිර්මාණ ප්‍රදර්ශනය කරන සහ ආපාන ශාලා වල සේවාව කරන පුද්ගලයන්; ඉකුත්ද පැවති රදගුරු සාංගමනික කතිකාවට පෙර පවත්වන ලද රැස්වීමට සහභාගි වූ  ඕස්ට්‍රේලියාවේ සේවාව  කරන දෘශ්‍යාබාධිත ජේසු නිකායික පිය නමක් සහ ප්‍රංශයේ ලූර්දු පුද බිමේ සේවාව කරන "ඩවුන් සින්ඩ්රොම්" ආබාධ සහිත   කන්‍යා සොහොයුරියක් යන දෙදෙනා (වතිකානයේ ගිහියා, පවුල සහ ජීවිතය පිලිබඳ දෙපාර්තමේන්තුව   #IAmChurch  ව්‍යාපාරය තුළ මෙය සංවිධාන කර තිබිණි) යන දර්ශන ඊට ඇතුළත් වේ. (කර්තෘ සටහන: කැනඩාවේ එඩ්මන්ටන් අගරදගුරු පදවියේ කථනාබාධිත පියනමක් සේවය කරයි.) 

2023 දෙසැම්බර මාසය වෙනුවෙන් සුදොතුම් පිය යැදුම් අදහස සම්පූර්ණයෙන් මෙසේ ය: 

 "ආබාධ සහිත ජනතාව අප අතර සිටින ඉතාමත් දුර්වල කණ්ඩායමකි.

අප තුළ  මුල්බැස ඇති අවිද්‍යාව හෝ අවිචාරාත්මක චින්තනය නිසා ඔවුන්ගෙන් ඇතැමෙකු  ප්‍රතික්ෂේප කරනු ලබන අතර අවසානයේ ඔවුහු   කොන්කරනු ලබති. 

අධ්‍යාපනයට, රැකියාවලට සහ ඔවුන්ට සිය නිර්මාණශීලිත්වය ප්‍රකාශ කල හැකි ස්ථානවලට ප්‍රවේශ වීමට ඔවුනට හැකිවන ආකාරයෙන් ඇති කරනු ලබන ව්‍යාපෘති සඳහා  සිවිල්  ආයතන ආධාර කළ යුතුය. 

ආබාධිත ජනතාව අන්තර්ග්‍රහණය කර ගැනීම ප්‍රවර්ධනය කෙරෙන වැඩසටහන් සහ මූලිකත්වයන් අවශ්‍යව තිබේ.

සියල්ලටත් වඩා, ඔවුන් කැටුව යා  හැකි මහා  හදවත් අවශ්‍යයි.

 එහි අදහස නම්, වෙනස් ශක්‍යතා ඇති මේ ජනතාව සතු හැකියාවන් සහ කුසලතාවන් වෙත විවෘත වීම සඳහා අපේ සමාජයේත්  සභාවෙත් මාන්සිකත්වය මඳක් වෙනස් කර ගැනීමයි. 

එසේ නම්, සම්පූර්ණයෙන් ප්‍රවේශ විය හැකි මීසමක් ගොඩ නැගීම යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් භෞතික බාධාවන් මුලිනුපුටා දැමීම පමණක් නොවේ; "ඔවුන්" ගැන කතා කිරීම නවත්වා "අප" ගැන කතා කරන්නට පටන් ගැනීමත් ඊට ඇතුළත්.

අපි යාච්ඥා කරමු: ආබාධ සහිත ජනතාව සමාජ අවධානයේ කේන්ද්‍රයට පැමිණෙන ලෙසත්, ආයතන සහ සවිධාන ඔවුන් ගේ සක්‍රීය සහභාගීත්වය වර්ධනය කෙරෙන අන්තර්ග්‍රහණ වැඩසටහන් පිරිනැමීමට ඉදිරිපත් වන ලෙසත් අපු යාච්ඥා කරමු. 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය