Posts

"ජෙරුසලෙම සමස්ත මානව ප්‍රජාවේ සාමයේ සහ සහජීවනයේ සංකේතයක් වීම සඳහා එය සියළු විශ්වාසයනට විවෘත පෙදෙසක් ලෙස පිළිගන්න"- සුදොතුම් පියතුමා සහ මොරොක්කෝවේ රජුගෙන් ඒකාබද්ධ ඉල්ලීමක්

Image
"Let Jerusalem remain open to all faiths" - Pope Francis and Moroccan king sign a joint  appeal  (2019 මාර්තු 31) ජෙරුසලෙම් ශුද්ධ නුවර ජුදෙව්, ක්‍රිස්තියානි සහ මුසොල්මාන යන ත්‍රිත්ව ආගමිකයනට එක්ව මුණගැසිය හැකි නගරයක් ලෙස සංරක්ෂණය කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාත් මොරොක්කෝවේ සවැනි මොහොමඩ් රජුත් එකාබද්ධව ඉල්ලා සිටිති. සුදොතුම් පියතුමා මොරොක්කෝවට පැමිණි ප්‍රථම දිනයේම (මාර්තු 30) එරට රජු නිල වශයෙන් හමුවීමෙන් පසුව ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තබමින් ඔව්හු  මෙම ආයාචනය කළහ. ඉස්ලාම් බැතිමතුන් "අල් කුඩ්ස්" යනුවෙන් හඳුන්වන ජෙරුසලම "අසම සම සහ පූජනීය" ලක්ෂණයෙන්" යුත් නුවරක් බව මෙම ඒකාබද්ධ ලියවිල්ලෙන් පෙන්වා දී තිබේ.  "එහි පවතින ආධ්‍යාත්මික වැදගත් කමත් සාමයේ නුවරක් ලෙස එම නුවර සතුව පවතින අති විශේෂ කැඳවීමත්" නිසා ඒ සම්බන්ධයෙන් සිය සැලකිල්ල යොමු  වී ඇතැයි ඔව්හු ප්‍රකාශ කරති.  එබැවින් සියලු ආගම්වල -විශේෂයෙන් ඒක දේව ආගම් තුනේ - ජනතාවට මුණගැසිය හැකි පොදු උරුමයක් ලෙස එය පිළිගන්නැයි ඔව්හු ඉල්ලා සිටිති. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සහ සවැනි මොහො...

"කිතු දහම සහ ඉස්ලාම් දහම අතර පාලම් හදමු" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මොරොක්කෝවේදී කියයි

Image
Pope Francis in Morocco: "Let us build bridges" between Christianity and Islam රබාත් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සවැනි මොහොමඩ් රජු විසින් සුදොතුම් පියතුමා පිළිගෙන හමුදා උත්තමාචාරයක් පිළිගැන්විණි (2019 මාර්තු 30) ජනතාව අතර 'පාලම්' ගොඩනැගීමේලා ආගම් සතුව පවතින වගකීම හා වැදගත්කම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. එසේම ආගමික හෝ වෙනත්  සියලු ආකාරයේ "අන්තවාදයන් සහ ධර්මෝන්මාදයන්" පරාජය කිරීමෙහිලා ආගම සතුව පවතින වැදගත් කම ද එතුමා පෙන්වා දුන්නේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ මොරොක්කෝවේ රබාත් අගනුවර දී එරට රජතුමන්, දේශපාලකයන්, රජයේ නිලධාරීන් සහ තානාපති කාර්යාල නියොජිතයන් අමතමිනි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මාර්තු 30 වන දා මොරොක්කෝවේ දෙදින අපෝස්තලික සංචාරයක් ආරම්භ කළේය. "සාමයේ පනිවිඩකරුවකු ලෙස" තමා මෙම සංචාරයේ නිරත වන බව එතුමා ප්‍රකාශ කර තිබිණි. මොරොක්කෝවේ  රබාත් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පිළිගන්නා ලද්දේ එරට රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ නායකයා ද වන 6 වන මොහොමඩ් රජතුමා විසිනි. ඔහු ඉස්ලාම් දහමේ ...

ප්‍රැන්සිස් සුදොතුම් පිය මෙහෙවර හා භූමිකාව විමැසෙන සම්මන්ත්‍රණයක් කොළඹ දී

Image
"The Prophetic Voice in a time where men and women are considered as garbage and dust"- A conference on the vision and mission of Pope Francis in Colombo  (2019 පෙබරවාරි 27) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් එම ධුරයට තේරී පත්වී මේ මාර්තු මාසයට වසර 6ක් සපිරේ. මෙය නිමිති කරගනිමින් එතුමන් ගේ දැක්ම සහ මෙහෙවරත් සභාව තුළ මෙන්ම ලෝකය තුළ එතුමන් ගේ භූමිකාවත් විමර්ශනයට ලක්කෙරෙන කථිකා කිහිපයක් 2019 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ප්‍රථම සම්මන්ත්‍රණය නම් කර ඇත්තේ "කසල හා දූවිලි බවට මිනිසුන් හා ගැහැණුන් පත්වන යුගයක  - රාව නැංවෙන දිවැසිවර හඬ" ලෙසයි. මාර්තු මස 2 වනදා, සෙනසුරාදා පෙ.ව. 8.30 සිට 4.30 දක්වා බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දී මෙම කතිකාව පැවැත්වේ. මෙය සංවිධාන කරනු ලබන්නේ "අද ජේසු සාමුහිකය" විසිනි. "ප්‍රැන්සිස් සුදොතුම් පිය පසුබිම" පිළිබඳව ගරු ආචාර්ය ඇලෝයි පීරිස් ජේ. නි. පියතුමා පවත්වන දේශනයකින් කථිකාව ආරම්භ වේ. ඉන්  පසුව  කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් මහතා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ධර්මද...

"මේ කෘරකම් සඟවා තබා ගනිමින් පුදැදුරුවාදී සභාව නිශ්ශබ්දව සිටියේ මන්ද ?" නයිජීරියානු පැවිදි සොයුරියක් රදගුරු හිමිවරුන් ගෙන් අසයි

Image
 Nigerian sister asks bishops: Why did the church allow atrocities of sex abuse to remain secret? වෙරෝනිකා ඔපෙනිබෝ පැවිදි සොයුරිය රදගුරු හමුවේ දී (2019 පෙබරවාරි 24) "සභාව දැන් පවතින්නේ අර්බුදකාරී තත්ත්වයකය. සභාවක් ලෙස අප දැන් සිටින මේ නින්දිත, අපකීර්තිමත් තත්වයට අප රැගෙනවිත් ඇත්තේ අපගේම මධ්‍යමානතාව, කුහකකම සහ තෘප්තිමත් ස්වභාවයයි" යයි නයිජීරියාවේ වෙරෝනිකා ඔපෙනිබෝ පැවිදි සොයුරිය පවසයි.  "පූජක වරුන්ගේ ළමා අපයෝජනත් රදගුරුවරුන් එම වැරදි ආවරණය කොට ඔවුන් ආරක්ෂා කරන්නට ක්‍රියා කල ආකාරයත් විස්තර කරමින් 2015 දී නිෂ්පාදනය  කළ   “Spotlight,” චිත්‍රපටිය නරඹද්දී මගේ හදවත වේදනාවෙන් දැවුනා. නෙත්වලින් කඳුළු කඩා  හැලුණා. මේ කෘරකම් ආවරණය කර සඟවා තබා ගනිමින් පුදැදුරුවාදී සභාව නිශ්ශබ්දව සිටියේ මන්ද , රදගුරු හිමිවරුනි" ඈ ඍජුව ප්‍රශ්න කරයි. නයිජීරියාවේ වෙරෝනිකා ඔපෙනිබෝ පැවිදි සොහොයුරිය රදගුරු හිමිවරුන් ඇතුළු 190ක් වන නියෝජිතයන් ගෙන්  මේ ප්‍රශ්නය නැගුවේ වතිකානයේ පැවැත්වුණු පුදැදුරු ළමා අපයෝජන පිලිබඳ රදගුරු හමුවේ දෙවැනි දිනයේ එය අමතමිනි. ඔපෙනිබෝ සොහොයුරිය ශුද්ධවූ ...

"රදගුරු හිමිවරුන් මනුෂ්‍යත්වයේ තුවාල සමග නිරන්තර ස්පර්ශයෙන් පසුවිය යුතුයි" - මැනිලා නුවර අගරදගරු හිමි පුදැදුරු අපයෝජන සමුළුවේ දී කියයි

Image
Cardinal Tagle: Bishops need to be “constantly in touch with the wounds of humanity.”  (2019 පෙබරවාරි 23) ළමා ලිංගික අපචාර අනාගතයේ දී සිදුවීම වැලැක්වීම  සඳහා සමස්ත සභාවම එකට එක්ව තීරණාත්මක ලෙස ක්‍රියා කල යුතු යැයි ඉන්දියාවේ බොම්බායේ අගරදගරු ඔස්වල්ඩ් ග්‍රාසියස් රදගුරු හිමි කියයි. එසේම දැනට එම අපචාරයට ගොදුරු වී සිටින තැනැත්තන් සුවපත් කිරීම සඳහා හැකි උපරිම ආකාරයෙන් කැපවිය යුතු බව ද එතුමා පෙන්වා දෙයි. කාදිනල් ග්‍රාසියස් හිමි මේ බව කියා සිටියේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් කැඳවනු ලැබ  ඇති පූජක ළමා අපචාර පිලිබඳ රදගුරු සමුළුවේ දෙවැනි දින වූ පෙබරවාරි 22 වන දින රැස්වීම්වාරය අමතමිනි. ග්‍රාසියස් හිමි මෙම රදගුරු  හමුවේ සංවිධායක කමිටු සමාජිකයෙක් ද වේ. ළමයින් සහ අනතුරට ලක්විය හැකි වැඩිහිටියන් ඍජුව අපයෝජනයට ලක්කිරීම කෙතරම් බරපතල වන්නේද, සභාවේ මගපෙන්වීම සහ විධායක වගකීම් සහිත නායකයන් අපයෝජනයට ලක්වූවන් යළිත් ගොදුරු බවට පත්කරගැනීම නිසා ඔවුන් තුළ ඇතිවන තුවාල ඊටත් වඩා බරපතල ස්වභාවයක් ගන්නා බව ග්‍රාසියස් කාදිනල් තුමා පෙන්වා දුන්නේය. මේ තත්වය වැලැක්වීම සඳහා සියලු රදගුර...

"පුදැදුරු ළමා ලිංගික අපයෝජන චෝදනා සියල්ල ගැන නොපමාව විමර්ශනය කළ යුතුයි" වතිකාන නිලධාරී අගරදගුරු තුමා ලෝක රදගුරු හිමිවරුනට උපදෙස් දෙයි

Image
"Bishops must investigate all accusations of abuse without any delay" - Maltese Archbishop Scicluna tells Bishops  (2019 ජනවාරි 22) ළමා අපචාරයක යෙදී ඇති බවට පූජකවරයකුට විශ්වසනීය චෝදනා  එල්ල වී  ඇති විටෙක එවැන්නකුට එරෙහිව නෛතිකව කටයුතු කිරීමට වතිකාන කාර්යාලය අපොහොසත් වූවත්, රදගුරු හිමිවරුන් ගේ වගකීම වන්නේ ළමයින්  සහ යෞවනයන් ගේ ආරක්ෂාව අරමුණු කරගනිමින් පොදු යහපත තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම බව මොල්ටාවේ චාර්ල්ස් ස්කිල්කූනා අගරදගුරු හිමි පෙන්වා දෙයි. " අප නිතරම නීතියට අනුව ක්‍රියා   කරන බවට අපගේ රැකවරණ ලබන විශ්වාසිකයන් ගේ සංඝය තුළ විශ්වාසයක් තිබිය යුතුයි. කෙතරම් ඉහළ වන්දියක් ගෙවීමට සිදු වූවත් අප ඔවුන් ආරක්ෂා කරන බව අපගේ විශ්වාසකයන් දැනගත යුතුයි . අප වෙත භාර කරන ලද බැටළු රැල වෙනුවෙන් අප අපගේ ජීවිතය වුවද පුද දෙන්නට සූදානම් බවට වැටහීමක් ඔවුන් තුළ ජනිත විය යුතුයි," යි එතුමා අවධාරණය කළේය. ස්කිල්කූනා අගරදගුරු හිමියන් මෙම ප්‍රකාශ කලේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් කැඳවන ලද පූජක ළමා අපචාර පිලිබඳ ලෝක රදගුරු සමුළුවේ පළමු දිනයේ (පෙබරවාරි 21) තු...

"පූජක අපයෝජනයට ලක්වූවන් විශ්වාස කරන්න. ඔවුන්ට ගරු කරන්න. ..ඔවුන් සභාවේ සතුරන් බව පවසා අවමන් නොකරන්න!" රදගුරු සමුළුවේ දී සාක්ෂි දැරූ අපයෝජනයට ගොදුරු වූවෝ කියති

Image
Victims should be “believed, respected, cared for, and healed. They must not be treated as enemies of the Church" Abuse victims appeal in their testimonies  (2019 පෙබරවාරි 21) පුජකවරුන්  අතින් අපයෝජනයට ලක්වූවන් ඒ ගැන සභා නායකයනට පැමිණිලි කරන විට ඔවුන් විශ්වාස කරන්නැයි අපයෝජනයට ලක්වූ අයෙක් ලොව පුරා රදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියි. " ඔවුන් බොරු කියන බවත් සභාවේ සතුරන් බවත් පවසමින් ඔවුනට අවමන් කරන්නට එපා!" යි ඔහු අවධාරණය කරයි. ළමා අවධියේ කතෝලික පුදැදුරු වරයකු අතින් ලිංගික අපයෝජනයට ලක්වූවෙක් මේ බව කියා සිටියේ ළමා අපයෝජනය පිලිබඳ රදගුරු හමුව ඉදිරියේ සිය ජීවිත සාක්ෂිය ඉදිරිපත් කරමිනි ඔහුගේ ඇතුළු තුන් දනෙකු ගේ සාක්ෂි වීඩියෝ දර්ශනයක් ලෙස රදගුරු හමුවට එක්වූ 190ක් වන  නියෝජිතයන් හමුවේ ප්‍රදර්ශනය කෙරිණි. මෙම සාක්ෂි කරුවන් ගේ නම් හෝ එම වීඩියෝව මාධ්‍ය වලට නිකුත් කර තිබුනේ නැත. ඔවුන් ගේ කතාව මුද්‍රිත පිටපතක් ලෙස පමණක් බෙදා හැර තිබිණි. සමුළුවේ ආරම්භ දිනය වූ පෙබරවාරි 21 වැනිදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ඉතා කෙටි ආරම්භක හැඳින්වීමෙන් පසුව මුල්ම අංගය වූයේ මෙම සාක්ෂි කරුවන් ...