වතිකානයේ කාදිනල් හිමි වරුන් ඇතුළු විධායක ශ්‍රේණි වල වැටුප් 10% දක්වා කපා හැරේ; කෝවිඩ් මුල්‍ය අර්බුදය තුළ හිහි සේවක රැකියා ආරක්ෂා කර ගැනීමේ වෑයමක්

Pope approves pay cuts for Vatican Cardinals and the top Vatican officials; lay employees at lower pay grades exempted from pay cuts 

සාන්ත පීතර බැසිලිකාවේ දසුනක් 


(2021 මාර්තු 25)

වතිකානයේ වියදම් අඩුකර ගැනීම සහ ගිහි සේවක සේවක සේවිකාවන් ගේ රැකියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් වතිකානයේ ඉහළ කළමනාකාරීත්වයේ  වැටුප් අඩු කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අනුමැතිය ලබා දී තිබේ. 

එක් අතකින් වතිකානයේ වියදම් වැඩි වෙමින් තිබුණු අතර කෝවිඩ් වසංගතය හේතුවෙන් ඊට විවිධ මාර්ග වලින් ලැබෙන ආදායමද කැපී පෙනෙන ලෙස අඩු වෙමින් තිබේ. මේ හේතුවෙන් වතිකානය මූල්‍ය අභියෝගයකට මුහුණ දී සිටියි. එය අර්බුදයක් වීම වැලැක්වීම සඳහා විවිධ පියවර යෝජනා වී තිබිණ. ඒ අතරින් විශේෂයෙන් වතිකානයේ සේවය කරන ගිහි සේවක සේවිකාවන් ගේ රැකියා අහිමි නොකෙරෙන් ආකාරයේ ක්‍රියා මාර්ගයක් ගැනීමට සුදොතුම් පියතුමා තීරණය කර තිබේ. 

ඒ අනුව වතිකානයේ සේවාව කරන කාදිනල් හිමිවරුන් ගේ වැටුප සියයට 10 කින් ද, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ගේ සහ ලේකම් වරුන් ගේ වැටුප සියයට 8කින් ද කපා හැරේ. ශුද්ධාසනයේ සේවාව කරන පුදැදුරු වරුන් සහ පැවිදි වරුන් ගේ වැටුප් කපා හැරීම සියයට 3කි. මීට අමතරව ජ්‍යෙෂ්ඨත්වය අනුව වාර්ෂිකව ලැබෙන වැටුප් වර්ධක 2023 වසර දක්වා අත්හිටුවනු ලැබේ. 

කෙසේ නමුදු එක සිට තුන දක්වා වූ වැටුප් ශ්‍රේණි වල හිහි සේවක සේවිකාවන්ට මෙම වැටුප් කපා හැරීම් හෝ වර්ධක අත්හිටුවීම් බලපවත්වන්නේ නැත. එසේම වැටුප් කපා හැරීම නිසා තමා ගේ හෝ තම පවුලේ සමීප සාමාජිකයකු ගේ සෞඛ්‍ය වියදම් වලට බලපෑමක් වන නිලධාරීහු ද වැටුප් කපා හැරීමෙන් ඉවත් කෙරෙති. 

කාදිනල් හිමි නමක් යුරෝ 4000ත් 5000ත් (ඇමෙරිකානු ඩොලර් 4,730ත් 6,000ත් ) අතර වැටුපක් ලබන බව මාධ්‍ය වාර්තා කියයි. 

මෙම උපදෙස් ඇතුළත් සුදොතුම් පිය නියෝගය මාර්තු මස 24 වැනිදා නිකුත් කෙරිණි. 

"වෙනත් තීරණ අතර තිරසාර ආර්ථික අනාගතයක් ගැන කල්පනා කිරීම අද අවශ්‍යව තිබෙන" බව එම නියෝගය නිකුත් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කර තිබේ. "සේවක සේවිකාවන් ඔවුන් ගේ රැකියා වලින් ඉවත් නොකිරීම සහතික කිරීම ද අවශ්‍යව ඇත.... මේ නිසා සමානුපාතිකතාවේ සහ ප්‍රගාමීත්වයේ උපමාන අනුව ක්‍රියා කරමින් ඉහළ වැටුප් ශ්‍රේණි වල සේවාව කරන පුදැදුරු පැවිදි පිරිස් වල වැටුප් ගලපන්නට තීරණය කළ බව" එතුමා සඳහන් කරයි. 

මෙම තීරණය ගැනීමට හේතු වූ සාධක ද එතුමා සිය නියෝගයේ සඳහන් කර  තිබේ. "වසර කිහිපයක අයවැය හිඟය ශුද්ධාසනයේ මුල්‍ය කළමනාකරණයට කර ති බලපෑම" ඉන් එකකි. "වසංගතය නිසා හටගෙන ඇති තත්වය ශුද්ධාසනයේ ආදායම් මාර්ගවලට ඍනාත්මක ලෙස බලපෑම" තවත් සාධකයකි. 

වැටුප් සංශෝධනය අප්‍රේල් මස පළමුවැනි දින සිට ක්‍රියාත්මක වේ. රෝම කියුරියාව, වතිකාන පුර රාජ්‍යය, රෝම පදවිය සහ රෝමයේ ඇති සසුන් පිය බැසිලිකා දෙව්මැදුරු හතර යන ආයතන වල නිලධාරීන් සහ සේවකයන්ට එය බලපැවැත්වේ. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය