කාන්තාවනට සභා නායකත්වයේ වඩා ප්‍රමුඛ කාර්යභාරයක් ලැබෙන අයුරින් ක්‍රියා කරමු: ඔක්තෝබර මාසයේ සුදොතුම් පිය යැදුම් අදහස

Holy Father's prayer intention for October: that women have greater leadership roles in the Church



(2020 ඔක්තෝබර 8)

සහාවේ වගකීම් සහිත කාර්යභාර සඳහා ගිහියන් - විශේෂයන් ම කාන්තාවන් - ඇතුළත්  කර ගැනීම ප්‍රවර්ධනය කිරීම පිණිස යාච්ඥා කරමු යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට ආරාධනා කරයි. 

එතුමා මෙම ආරාධනය කරන්නේ ඔක්තෝබර මාසයේ සිය යැදුම් අදහස ඇතුළත් "සසුන් පිය වීඩියෝව" නිකුත් කරමිනි. 

සෑම මාසයකම සුදොතුම් පියතුමා විශේෂයෙන් යාච්ඥා කරන යැදුම් අදහසක් තිබේ. එම යැදුම් අදහස සඳහා  එක්වන ලෙස එතුමා ලොව පුරා සියලු කතෝලික ජනතාවට ආරාධනා කරයි. සුදොතුම් පිය යැදුම් අදහස ලොව පුරා ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ලබන්නේ යාච්ඥාවේ අපෝස්තලිකත්වයේ ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය විසිනි. එම යැදුම් අදහස අලලා "සසුන් පිය වීඩියෝවක්" නිකුත් කිරීම ආරම්භ කරන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි. 

ඔක්තෝබර මාසය සඳහා සසුන් පිය වීඩියෝව ඉකුත් දා නිකුත් කෙරිණි. ඒ අනුව මේ මාසය සඳහා එතුමන් ගේ යැදුම් අදහස  "ගිහියන්, විශේෂයෙන් කාන්තාවන්, කතෝලික සභාවේ වගකිව යුතු කාර්යභාර වලට වඩා පුළුල් ලෙස ඇතුළත් කර ගැනීම පිණිස" යන්නයි. 

මෙම වීඩියෝවේ දර්ශන වලින් කිතුනු පණිවිඩය ප්‍රචාරය කිරීමෙහිලා ගිහියා ගේ දායකත්වය පෙන්වා දෙනු ලැබේ.   

"සභාවේ ප්‍රධාන ක්‍රියාකාරිකයෝ ගිහියෝ ය."

කිසිදු තැනැත්තකු පුදැදුරු වරයකු හෝ රදගුරු තුමකු හෝ ලෙස ප්‍රසාද ස්නාපනය නොලබන බව සිය වීඩියෝව ආරම්භයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. ප්‍රසාද ස්නාපනය ලබන්නේ ලබන්නේ ගිහියකු ලෙස ය. සභාවේ ප්‍රධාන ක්‍රියාකාරීත්වය ඉටු කරන්නෝ ගිහි ජනතාව ය. එහෙත් ගිහියන් - විශේෂයෙන් ම කාන්තාවන් - සභාවේ වගකිව යුතු කාර්යභාර වලින් ඉවත් කෙරෙන තත්වයක් දක්නට ලැබෙන බව එතුමා පෙන්වා දෙයි. මේ නිසා විශේෂයෙන් කාන්තාවන්  එවැනි කාර්යභාර වලට වැඩ වඩාත්  ඇතුළත් කරගන්නා ලෙස මේ මාසය තුළ යාච්ඥා කිරීමට තමා හා එක්වන ලෙස සුදොතුම් පියතුමා කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටියි. 

එම වීඩියෝ පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේ ය:

"කිසිවෙකුත් පුදැදුරුතුමකු හෝ රදගුරු තුමකු හෝ ලෙස ප්‍රසාද ස්නාපන කෙරෙන්නේ නැත. අප සෑම කෙනෙකුම ප්‍රසාද ස්නාපනය ලබන්නේ ගිහියන් ලෙස ය. 

සභාවේ ප්‍රධාන ක්‍රියාකාරිකයෝ ගිහියෝ ය. 

සභාව තුළ වඩා තියුණු කාන්තා සහභාගීත්වයක් ඇති කිරීම සඳහා පුළුල් අවස්ථා උදා  කිරීම, වෙන කවරදාටත් වඩා අද, විශේෂයන් අවශ්‍ය වී තිබේ. 

අප කාන්තා සහභාගීත්වය වඩාත් අවධාරණය කල යුත්තේ ඔවුන් පිටතින් තැබීමේ නැඹුරුවක් දක්නට ලැබෙන බැවිනි. 

විශේෂයන් ම වැදගත් තීරණ ගනු ලබන ස්ථාන වලට කාන්තාවන් ඇතුළත් කර ගැනීම අප ප්‍රවර්ධනය කල යුතු ය. 

ප්‍රසාද ස්නාපනයේ බලයෙන්, ගිහියන් , විශේෂයන් ම කාන්තාවන්, ගිහි දූත සේවාවේ දීප්තිය අඩු කරන පුදැදුරු අධිපතීත්වයේ ආකෘති වලට ඇද නොවැටී, සභාවේ වගකිව යුතු කාර්යභාර වලට ඇතුළත් කරගැනීම වර්ධනය වේවා යි අපි යාච්ඥා කරමු." 

සභාවේ කාන්තා නායකත්වය 

වසර 2000කට මඳක් අඩු කාලයක් සම්පූර්ණයෙන් ම පුරුෂාධිපත්‍යයටත්, පූජකාධිපත්‍යයටත් යටවුනු කතෝලික සභාව තුළ කාන්තා නායකත්වයට අවකාශ සැලසීම අතිශය දුෂ්කර   කටයුත්තක් වී තිබේ. එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා, සෙසු සියලු ප්‍රමුඛතාවන් අතර, කාන්තාවනට සභාවේ තීරණ ගන්නා ස්ථාන වල දොරටු හැරීමේ අභියෝගයට ද එඩිතරව මුහුණ දෙමින් සිටියි. මේ නිසා එතුමාට සතුරෝ ද බොහෝ ය.  ඔවුහු නම් සභාවේ පුරුෂාධිපත්‍යයත් පූජකඅධිපතීතත්වයත් වෙනස් කල නොහැකි බව සිතන පුදැදුරුඅධිපතීත්වයේ රෝගයෙන් පෙළෙන්නෝ වෙති. 

එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඒ කිසිවකට නොබියව සභාව තුළ ගිහියන්ට - විශේෂයෙන් ම කාන්තාවන්ට වගකීමක් සහිත කාර්යභාර වල දොරටු හරින්නට ක්‍රියා කරමින් සිටියි. මේ වන  වතිකානයේ සසුන් පිය මන්ත්‍රණ සභා සහ දෙපාර්තමේන්තු කිහිපයකම තීරණ ගන්නා කාර්යභාර වලට ගිහි කාන්තාවන් පත් කර තිබේ. ගිහියන් විසින් පහසුවෙන් ක්‍රියා කල හැකි ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවේ සේ ම කළින් රදගුරු-පුදැදුරු පිරිසෙන් පමණක් සමන්විත වූ සභාවේ වේද සත්‍යතා පිලිබඳ දෙපාර්තමේන්තුවේ ද මේ වන විට සැලකිය යුතු කාන්තා සහභාගීත්වයක් ඇති කර තිබේ. වතිකාන මාධ්‍ය අංශයේ නායකත්වයට ද ගිහි පිරිමි - කාන්තා නායකත්වයක් ඇතිකළ පළමු සුදොතුම් පියතුමා ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉතිහාසයට එක්වෙයි. 


Comments

  1. Excellent..A great translation Saman.. appreciate much.. blessings

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය