ජගත් යොවුන් දිනයට සුදොතුම් පියතුමා පැනමාවට

Holy Father heads to Panama for World Youth Day


(2019 ජනවාරි 21)
පැනමාවේ  අගනුවර වන පැනමා නුවර පැවැත්වෙන 2019 ජගත් තරුණ දිනයට සහභාගී වීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජනවාරි 23 වැනිදා රෝමයේ සිට පැනමා නගරය බලා  පිටත් වෙයි.

කතෝලික සභාව වසර තුනකට වරක් පවත්වන ජගත් යොවුන් දිනයට සහභාගී වීම සඳහා මේ වන විටත් ලොව පුරා රටවල් 155කින් එරටට පැමිණ සිටින 150,000කට අධික යොවුන් ජනතාව සමග එතුමා ද සම්බන්ධ වනු ඇත.

2019 ජගත් යොවුන් දිනය සඳහා ජනගහයන 40 ලක්ෂයකට මඳක් වැඩි වන මෙම  කුඩා රට තෝරාගන්න ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසිනි. මධ්‍යම ඇමෙරිකාව දකුණු ඇමෙරිකාව සමග යා කරන පැනමාව එම කලාපය තුළ පිහිටා ඇති වේගවත් සංවර්ධනයක් සහිත රටකි.මේ නිසා එම රට තුළ පවතින දියුණු යටිතල පහසුකම් හා ආරක්ෂක තත්වයන් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත හමුවක් පැවැත්වීමට අවශ්‍ය ප්‍රබල සාධක සපයයි. මේ කරුණු  නිසා ජගත් තරුණ රැළිය පවත්වන්නට එම රට තෝරා ගැණින.

තරුණ දිනය සහ තරුණයන් පිලිබඳ සිනොඩ් කතිකාව 

මෙම තරුණ දින රැළිය පැවැත්වෙන්නේ ලොව පුරා රදගුරු හිමිවරුන් ගේ සහභාගීත්වයෙන් රෝමයේදී පසුගිය වසරේ පවත්වන ලද තරුණයන් පිලිබඳ රදගුරු කතිකාව අවසන්වී තුන් මාසයක් වැනි ඉතා සුළු කාලයක් තුළ වීම විශේෂත්වයකි.  තරුණයන් පිලිබඳ නිගමන රැසක් එම සිනොඩ් කතිකාවේදී ගන්නා ලදී. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම තරුණ දිනය සලකන්නේ තරුණයන් පිලිබඳ සිනොඩ් කතිකාවේම දිගුවක් හැටියට බව වතිකාන විශේෂඥයෝ පවසති.

මධ්‍යම ඇමෙරිකාවේ පළමු වරට 

මෙය මධ්‍යම ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රථම ජගත් යොවුන් දිනය ද වේ.

මේ නිසා එම කලාපයෙන්  හා දකුණු දිග අමෙරිකාවෙන් මේ සඳහා වැඩිම තරුණ ජනගහනයක් පැමිණීමට නියමිත යැයි පැනමා ආරංචි මාර්ග කියයි. මේ අතරින් තරුණ තරුණියන් 7000ක් මේ වන විටත් එල් සල්වදෝරයෙන් පැනමා නගරයට පැමිණ සිටිති. කියුබාවෙන් 450ක තරුණ ජනතාවක් ද ආජන්ටිනාවෙන් 2000 ක් ද  ඊට එකතු වී සිටිති. මේ කලාපය දුප්පත්කම, ප්‍රචණ්ඩත්වය, දේශපාලන හා ආර්ථික අර්බුද වැනි විවිධ ගැටළු වලට මුහුණ දී සිටින කලාපයකි. මේ නිසා තරුණ දිනය වෙනත් කලාපයක පැවැත්වූයේ නම් මෙම කලාපයෙන් මේ සා මහත් තරුණ ජනතාවක් ඊට සහභාගී විය නොහැකිය. මේ නිසා එම කලාපයේ තරුණ තරුණියෝ මෙම අවස්ථාව මහත් ආශීර්වාදයක් ලෙස යොදා ගනිමින් සිටිති.

යුරෝපිය රටවල් අතරින් වැඩිම යොවුන් නියෝජිත කණ්ඩායම සහභාගී වන්නේ පෝලන්තයෙනි. එරටින් පැමිණෙන පිරිස 3000කි. අමෙරිකාවෙන් 2000ක යොවුන් පිරිසක් පැමිණීමට නියමිතයි.

1985 දී ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් ජගත් යොවුන් දිනය ආරම්භ කරනු ලැබීමෙන් පසුව පැවත්වෙන 14 වන යොවුන් දිනය මෙයයි. ඒ අතරින් යොවුන් දින 5ක් අමෙරිකා  මහාද්වීප තුළත් එක් යොවුන් දිනයක් ඔස්ට්‍රේලියාවේත් පවත්වන් ලද අතර ඉතිරි සියල්ල පවත්වන ලද්දේ යුරෝපයේය.

"මේ මම සමිඳුන් ගේ දාසිය වෙමි..."

මෙවර ජගත් යොවුන් දිනයේ තේමාව "මේ මම ස්වාමීන් වහන්සේ ගේ දාසිය වෙමි. ඔබ කී වචනය ලෙස මට සිදු වේවා" (ලූක් 1:38) යන මරිය මවගේ ප්‍රකාශයයි.

සියලු තරුණ තරුණියන් මරිය මෑණියන් ගේ ආදර්ශය අනුගමනය කරමින් ලෝකයට සුපුවතේ ආනන්දය ප්‍රකාශ කිරීම සඳහා දෙවියන් වහන්සේ ගේ කැඳවීමට ප්‍රතිචාර දක්වීමට  යොමු කිරීම මෙම තේමාව තෝරාගැනීමේ අරමුණ බව ප්‍රැන්සිස් ස්දොතුම් පියතුමා කියයි. 

යොවුන් ජනතාවට කන්‍ය මරිය වහන්සේ තුළ ප්‍රීති වීමට හේතුවක් සහ අනුප්‍රාණයේ උල්පතක් සොයා ගත හැකි බව එතුමා පෙන්වා දෙයි. "අපි මේ යොවුන් දිනයෙන් ප්‍රයෝජන ගෙන මරිය මෑණියන් සමග ජේසු සමිඳුන් ගැන භාවනා කරමු. අපි එකට එක්ව අපගේම භාෂා වලින් සාමය වෙනුවෙන් ජපමාලය යදිමු.

සාමය ගැන සිහින දැකීමටත් සාමය වෙනුවෙන් ක්‍රියා කිරීමටත් ශක්තිය ඉල්ලා සිටිමු," යි එතුමා සියලු යොවුන් ජනතාවට ආරාධනා කරයි. 



සේයාරුව: පිලිපීනයෙන් පැනමා යොවුන් දිනට පැමිණ සිටින යොවුන් කණ්ඩායමෙන් කොටසක් 


Comments

  1. ලෝක කතෝලික තරුණ දිනයට පාප් තුමාට යාමට හැකිවේද? එතුමා දුබලව බිම වැටී සිටිනු දුටුවා. පූජක පිරිසක් බලා ගෙනත් ඉන්නවා. හැබැයි එතැන දෙවියන් නෑ!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය