පුදැදුරු ළමා අපයෝජන ගැන සාකච්ඡාවට ඇමෙරිකා රදගුරු හිමිවරු රෝමයට: : "සාකච්ඡා දීර්ඝයි; ඵලදායකයි" , ඔව්හු කියති

US bishops say meeting with Francis on clergy abuse was 'lengthy, fruitful'

වමේ සිට: ලොස් ඇන්ජලීස්හි හොසේ ගෝමස් අගරදගුරු හිමි, ගැල්වෙස්ටන්-හියුස්ටන්හි ඩැනියෙල් ඩිනාදෝ කාදිනල් හිමි, බොස්ටන් හි ෂෝන් ඕ'මැලි කාදිනල්  හිමි සහ බ්‍රයන් බ්‍රන්ස්ෆීල්ඩ් මාහිමි  

(2018 සැප්තැම්බර් 13)
ඇමෙරිකාවේ කතෝලිකයන්  කම්පනයටත් තෝන්තුවාවටත් පත්කළ එරට කතෝලික පුදැදුරු වරුන් විසින් සිදුකරන ලද බවට හෙලිදරව්  වී ඇති ළමා අපයෝජන හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග ගැන සාකච්ඡාව සඳහා ඇමෙරිකා රදගුරු සමුළුවේ නායකත්වය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් රෝමයට කැඳවනු ලැබ සිටියහ. වතිකානයේ දී අද (සප්තම්බේ 13)  ඔවුන් හමුවූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මේ අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වෙලාවක් ඔවුන්  සමග සාකච්ඡා කළේය.

ඇමෙරිකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ගැල්වෙස්ටන්-හියුස්ටන් පදවියේ අගරදගුරු ඩැනියෙල් ඩිනාඩෝ කාදිනල් හිමි, ලොස් ඇන්ජලීස් පදවියේ අගරදගුරු හොසේ ගෝමස් අගරදගුරු හිමි සහ රදගුරු සම්මේලනයේ මහ ලේකම් බ්‍රයන් බ්‍රන්ස්ෆීල්ඩ් මාහිමි මෙම නියෝජිත මණ්ඩලයට ඇතුළත් වූහ. ඊට අමතරව ළමා අපයෝජන පිලිබඳ සුදොතුම් පිය කොමිෂන් සභාවේ ප්‍රධානී බොස්ටන්හි අගරදගුරු ෂෝන් ඔ'මැලි කාදිනල් හිමි ද මෙම සාකච්ඡාවට සභාගි විය.

සාකච්ඡාවෙන් පසුව වතිකානය  ඒ සම්බන්ධයෙන් කිසිදු නිවේදනයක් නිකුත් කර නොතිබිණ. එහෙත් ඒ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ඩැනියෙල් ඩිනාඩෝ කාදිනල් හිමි කියා සිටියේ එම සාකච්ඡාව "දීර්ඝ, ඵලදායී සහ ඉතා හොඳ අදහස් හුවමාරුවක්" වූ බවයි. "පුදැදුරුවරුන් ගේ ළමා අපයෝජන නපුර හේතුවෙන් ඇමෙරිකාවේ කතෝලික සභාව තුවාල කරනු ලැබ ඇත්තේ" කෙසේදැයි තම කණ්ඩායම  සුදොතුම් පියතුමාට පැහැදිලිකල බව එතුමා එම නිවේදනයේ සඳහන් කරයි. තමන් කල විස්තරයට "සුදොතුම් පියතුමන් සිය හදවතින් ම සාවධානව සවන් දුන්" බව ද එතුමා කියා සිටියි.

ඉකුත් මාසය තුළ ඇමෙරිකාවේ දී හෙළිදරව් කරන ලද පුදැදුරු ළමා අපයෝජන පිලිබඳ තොරතුරු නිසා සභාව ප්‍රබල කුණාටුවකින් මෙන් පහර ලැබුවේය. ඉන් එක ප්‍රබල සිද්ධියක් වූයේ වොෂින්ටන් නුවර හිටපු අගරදගුරු තියඩෝර් මැක්කෙරික් හිමිපාණන්ට එම අපයෝජන චෝදනා එල්ල වීමයි. මේ නිසා එතුමා කාදිනල් පර්ෂදයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ අතර ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එතුමාට එරෙහිව තහංචි කිහිපයක් පැනැවීය. එහි උණුසුම තිබියදීම පුදැදුරු ළමා අපයෝජන පිලිබඳ පෙන්සිල්වේනියා ප්‍රාන්ත මහා ජූරි සභාවේ වාර්තාව නිකුත් කෙරින. වසර 20 ක කාලයක් තුළ ළමයින් අපයෝජනයට ලක් කරන ලදැයි මේ මගින් පුදැදුරුවරුන් 300 දෙනෙකුට චෝදනා එල්ල වී තිබිණි. මේ අතර, චෝදිත මැක්කෙරික් කාදිනල් හිමියන්ට එරෙහිව සොලොස්වන බෙනඩික් පාප්තුමන් පැනවූ තහංචි ප්‍රැන්සිස් පාප්තුමන් විසින් ඉවත් කරන ලදැයිද. එතුමා චෝදිත කාදිනල් වරයා ආරක්ෂා කල බවට ද ඇමෙරිකාවේ හිටපු වතිකාන තානාපති කාලෝ මරිය විගානෝ අගරදගුරු චෝදනා  කළේය. මේ තත්වය තුළ තමා ඇමෙරිකා සභාව වෙනුවෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මුණගැසීම සඳහා ඉක්මනින් රෝමයට යන බව කාදිනල් ඩිනාඩෝ හිමි ප්‍රකාශ කර තිබිණි.

ඇමෙරිකා රදගුරු සමුළු නායකත්වයේ අද හමුව පැවැත්වුනේ ඔවුන් ගේ එම ඉල්ලීම මතයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය