පූජකවරුන් ගේ ළමා අපචාර වලින් හටගත් "පිළියම් කල නොහැකි හානිය" වෙනුවෙන් සමාව ඉල්ලීම යුතුයි : සුදොතුම් පියතුමා චීලියේ දී කියයි

Pope Francis begins Apostolic Visit in Chile  expressing  'pain and shame' over clergy abuse 

සුදොතුම් පියතුමන් චීලි ජනාධිපතිනිය විසින් පිළිගනු ලැබ ...

(2017 ජනවාරි 16)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා චීලි රාජ්‍යයේ අපෝස්තලික ගමන ආරම්භ කරමින් එරට කතෝලික සභාව අපකීර්තියට පත් කර ඇති ප්‍රධානම ප්‍රශ්නය ගැන කෙලින් කතා කළේය. එම ප්‍රශ්නය නම් එරට පූජකවරුනට එරෙහිව එල්ල වී ඇති ළමා ලිංගික අපචාර චෝදනායි. "මෙම පිළියම් කල නොහැකි හානියෙන් හටගත් ලැජ්ජාව ගැන මාගේ   දැඩි වේදනාවත් ලජ්ජාවත් ප්‍රකාශකිරීමට මා බැඳී සිටින බව හැඟෙන්නේ" යයි එරට තුල සිය ප්‍රථම කතාව කරමින්ම සුදොතුම් පියතුමා කීවේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා චිලියේ කරන සංචාරයේ  කළ ප්‍රථම සම්පුර්ණ දිනය අදයි (ජනවාරි 16). අද පෙරවරුවේ එරට ජනාධිපති මාලිගාවේදී ජනාධිපති මිචෙල් බැචේලෙට් මහත්මිය විසින් එතුමා මහත් හරසරින් පිළිගැණින. ඉන් අනතුරුව එතුමා  එහි පැවැති රාජ්‍ය පිළිගැනීමේ සභාව අමතා කතා කළේය. මෙම සභාවට එරට හිටපු  ජනාධිපති, වත්මන් ජනාධිපති සහ මීළඟ ජනාධිපති යන තිදෙනා  ද මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු ද ආරාධනා ලබා සිටියහ.

සිය කතාවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුලින්ම කතා කලේ පූජකවරුන් ගේ ලිංගික අපචාර අවාදර්ශය ගැනයි. එරට සභාව කෙරෙහි ජනතා විශ්වාසය හා ගෞරවය බිඳ දමන්නට හේතු වී ඇති මෙම තත්වය ගැන එතුමා කවර හෝ අවස්ථාවක අදහස්  දක්වනු ඇතැයි විචාරකයෝ අපේක්ෂාවෙන් සිටියහ. (වතිකාන සුළග ද මේ බව වාර්තා කළේය.) එහෙත් එය මේ තරම් කඩිනම් වෙතැයි බොහෝ දෙනෙක් නොසිතූහ.

"සභාවේ පූජකවරුන් පිරිසක් විසින් ළමයිනට කරන ලද පිළියම් කල නොහැකි හානිය ගැන මගේ ලැජ්ජාව සහ වේදනාව ප්‍රකාශ කිරීමට මා බැඳී සිටින බව  මට සිතේ. මේ වෙනුවෙන් සමාව ඉල්ලා සිටීම මෙන්ම ඊට ගොදුරු වූවනට උදව් කිරීම සඳහා සෑම ප්‍රයත්නයක්ම ගැනීමත් යෝග්‍ය වන්නේය. එසේම මෙවැන්නක් යළි සිදු නොවීම සහතික කිරීම සඳහා සභාව කැපවන බව ද පැවසිය යුතු" යැයි සුදොතුම් පියතුමා කීවේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ මෙම සංචාරයට සමගාමීව මෙම බහුතර කතෝලික රාජයේ එතුමන්ට සහ සභාවට එරෙහිව විරෝධතා පෙළපාලිද පැවැත්වෙමින් තිබේ. පූජක ළමා අපචාර කෙරෙහි සභාව විසින් දක්වන ලද උදාසීන ප්‍රතිචාරය  සහ ඒවා  සිදු කළ පූජකවරුන් ආරක්ෂා කිරීමට සභා නායකයන් කටයුතු කිරීම ගැන විරෝධතා කරුවෝ සිය විරෝධය ප්‍රකාශ කරති. විරෝධතා කරුවන් කිහිප දෙනෙකු ජාත්‍යන්තර කතෝලික මාධ්‍ය කිහිපයකට කියා තිබුනේ එවැනි පූජකවරුන් ආරක්ෂා කල රදගුරු වරුන් ඉවත් කිරීමට සුදොතුම් පියතුමාට හැකියාවක් ඇති නමුත් එතුමා එය නොකරන බවයි. මේ අතර සඳුදා රාත්‍රියේ ද දෙව්මැදුරු  කිහිපයකට ප්‍රහාර  එල්ල වී තිබිණ.

කෙසේනමුත් එතුමා පිළිගැනීමටත් සන්තියාගෝ අගනුවර එතුමන් විසින් පවත්වන ලද ප්‍රථම දිව්‍ය පූජාවටත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටියහ.

"මේ රටේ දොරවල් ඔබට නිරන්තරයෙන් විවෘතයි. මේ ඔබේ ගෙදරයි" යයි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් පිළිගනිමින් කතා කල එරට ජනාධිපති මිචෙල් බැචේලෙට් මහත්මිය කීවාය. "මට මේ රට ගෙදර වගෙයි. මගේ අධ්‍යාපන කාලය මා ගත කලේ මේ රටෙයි" එතුමා පිළිතුරු වශයෙන් කීවේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය