මුදා ගන්නා ලද ගණිකා කතුන් වෙත ගලා ආ සුදොතුම් පිය දයා සෙනෙහස

Women rescued from prostitution get a special visit from the Holy Father



(2016 අගෝස්තු 13)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ පිහිටි විශේෂ ප්‍රජාවක් බැහැදකින්නට යති.

ගණිකා වෘත්තියෙන් සහ දැඩි ශාරීරික හා හිංසනයෙන් ගලවාගන්නා ලද කාන්තාවන් රැකබලා ගන්නා විශේෂ නිවෙසක් බැහැදකින්නට එතුමා ඊයේ (අගෝස්තු 13, සිකුරාදා) ගියේය. මෙම නිවෙස රැකබලාගනු ලබන්නේ "23 වැනි ජුවාම් සංඝය" විසිනි.   එම සංඝයේ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්වුහ. ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් රැගෙනැවිත් ගණිකා වෘත්තියේ යොදවනු ලැබ සිටියදී සහ දැඩි ශාරීරික හිංසනයට ලක්ව සිටියදී මුදාගන්නා ලද කාන්තාවෝ මෙම නිවසේ රැකබලා ගැනෙති. ඔවුන් මුදා ගන්නා ලද බැවින් ඔවුනට අවශ්‍ය ආරක්ෂාවද මෙම ගෙදර තුළ ඔවුන්ට සැපයේ.

සුදොතුම් පියතුමා මෙම නිවෙසට ගියේ සිය මාසික "දයාවේ සිකුරාදා" දයා කරුණාවේ ක්‍රියාව ඉටුකරනු පිණිසය. දයාවේ ශුද්ධ වසර නිමිත්තෙන් ඉකුත් ජනවාරි මාසයේ සිට එක් සිකුරාදාවක් එතුමා මෙම දයාවේ ක්‍රියාවේ නිරතවෙයි.

"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම නිවෙස බැහැදකින්නට යාම,  නීති විරෝධී මානව ජාවාරම එතුමන් විසින් පුණ පුණා විවේචනය කරනු ලැබීමේ සලකුණක්" බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන වතිකාන ප්‍රවෘත්ති කාර්යාලය කියයි. මානව ජාවාරම හෙවත් මිනිසුන්, කාන්තාවන් හා ළමයින් විවිධ අකටයුතුකම් සඳහා නීති විරෝධිව ප්‍රවාහනය කිරීම සුදොතුම් පියතුමා විසින් හඳුන්වනු ලැබ ඇත්තේ "මානව වර්ගයාට එරෙහි අපරාධයක්,නුතන මානව දේහය ඔස්සේ පැතිර යන වසංගතයක් සහ ක්‍රිස්තුන් වහන්සේ ගේ දේහය මත තුවාලයක්" ලෙස බව ද එම නිවේදනය සඳහන් කරයි.

මුදා ගන්නා ලද ගණිසුදොතුම් පියතුමා එම කතුන් සමග සුහද සංවාදයේ යෙදී


සුදොතුම් පියතුමා මෙම නිවෙසට පැමිණෙන අවස්ථාවේ රටවල් කිහිපයකට අයත් කාන්තාවෝ 20 දෙනෙක් එහි රැකවරණ ලබා සිටි බව "23 වන ජුවාම් සසුන් පිය සංඝය" පවසයි. ඒ අතරින් 6 දෙනෙකු රුමේනියා සහ හත් දෙනෙක් නයිජීරියා ජාතිකයෝ වෙති. ඇල්බේනියාව, ටියුනීසියාව, යුක්රේනය සහ ඉතාලිය යන රටවලට අයත් කාන්තාවෝ ද මෙහි රැකවරණය ලබා සිටිති. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය