"මිනිස් බල පිපාසය වෙනුවෙන් ධර්මය ප්‍රාණ ඇපකාරයෙකු නොකරමු" ජගත් ආගමික නායක සමුළුව අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි; ධර්මයන් ගේ නාමයනට පහර දෙන අන්තවාදයන් සහ මූලධර්ම වාදයන්ගෙන් මිදෙමු."

“It is time to realize that fundamentalism defiles and corrupts every creed" Holy Father says in his address to World Religious Leaders Congress

සුදොතුම් පියතුමා ආගමික නායක සමුළුව අමතයි 


(2022 සැප්තැම්බර් 15)

"ආගමික නායකයන් වන  අපි ප්‍රචණ්ඩත්වය අනුමත නොකළ යුත්තෙමු. ..අපි අපවම අයහපතින්, නපුරෙන් පවිත්‍ර කර ගනිමු. ...බලය සඳහා වූ මිනිස් පිපාසය වෙනුවෙන් ධර්මය (දෙවියන් වහන්සේ) ප්‍රාණ අපකාරයෙකු කර නොගනිමු" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින සියලු ආගමික නායකයන්ට ආයාචනා කරයි.  "ආගම ගැටළුවක් නොව සමාජයේ  වැඩි ප්‍රසංවාදී ජීවිතයක් සඳහා වූ විසඳුමේ කොටසකි."

එතුමා මේ දේශනය කළේ කසක්ස්ථානයේ නූර්-සුල්ටාන් අගනුවර පැවැත්වෙන ජගත් නායකයන් සහ සාම්ප්‍රදායික ආගමික නායකයන් ගේ සත් වැනි ලෝක මහ සමුළුව අමතමිනි. එම සමුළුවට ලොව පුරා රටවල් 50 කින් ආගමික නායකයෝ සිය දෙනෙක් පමණ සහභාගී වෙමින් සිටිති. බෞද්ධ, ඉස්ලාම්, ජුදෙව්, ඕතොඩොක්ස් ක්‍රිස්තියානි, ප්‍රොතෙස්තන්ත ඇතුළු වෙනත් සාම්ප්‍රදායික ආගමික නියෝජිතයෝ ඒ අතර වෙති.  

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කසාක්ස්ථානයේ සිය පළමු දිනය ආරම්භ කළේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙලා දකිමිනි. සාමය , යුක්තිය සහ සාධාරණත්වය ඇති කිරීම සඳහා දේශපාලන නායකයන් සතු වගකීම තමන්  පිළිගැනීම සඳහා වූ රාජ්‍ය උත්සවයේ දී එතුමා අවධාරණය කළේය. දෙවැනි දිනය වූ අද සමාජයේ  සාමය සහ සංහිඳියාව ඇති කිරීම උදෙසා ආගමික නායකත්වය සතු වගකීම එතුමා පැහැදිලි කළේය. 

පැහැදිලි මනසකින් සජීවී ආත්ම වලින් යුත් ආදර්ශවත් ආගමික නායකයන් 

"ආගමික නායකයන් ලෙස අප සජීවී ආත්මයන් සහ පැහැදිලි මනස් වලින්  යුත් පුද්ගලයන් ගේ ආදර්ශයන් වීම ලෝකය අපගෙන් අපේක්ෂා කරයි. ලෝකය අව්‍යාජ ආගමිකත්වය සඳහා ආදර්ශය පතන්නේ අපගෙන් යැ"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය දේශනය  ආරම්භයේ කියා සිටියේය. මේ නිසා මෙම ජගත් ආගමික නායකයන් ගේ සමුළුව "මානව සම්බන්ධතා, මානව ගරුත්වය, අවංක සංවාදය, සෑම මිනිස් පුද්ගලයකු ගේ ම අනුල්ලංඝනීය ගරුත්වය කෙරෙහි වූ ගෞරවය සහ අන්‍යොන්‍ය සහයෝගය කේන්ද්‍රීය වූ නව මාවතක්,  සාමයේ ඉලක්කය කරා එක්ව ගමන් කල හැකි සහෝදරාත්මක මාවතක් විවෘත කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි" යි එතුමා කියා සිටියේ ය. 

බල පිපාසය වෙනුවෙන් ආගම ප්‍රාණ ඇපකාරයකු කිරීම ...?

"සහෝදර සහෝදරියනි, ලෝකයට ඉදිරි පිම්මක් අවශ්‍ය වේ. එය පැමිණිය යුත්තේ අප වෙතිනි. මේ අරමුණින්,  මිනිස් බල පිපාසය වෙනුවෙන් මතු කිසි දිනෙක දෙවියන් (ධර්මය) ප්‍රාණ ඇපකාරයෙකු නොකිරීමට අප වග බලා ගත යුතු ය.  ... ආගමික මූලධර්මවාදය සෑම දහමක් ම කෙලෙසන බව, දුෂ්‍ය කරන බව වටහා ගන්නට කාලය  පැමිණ තිබේ; විවෘත සහ අනුකම්පාසහගත හදවතක් ඇති කර ගැනීමට කාලය පැමිණ තිබේ."

"අප සෑම කෙනෙකු ම අයහපතින් සහ නපුරෙන් පවිත්‍ර විය යුතු වෙමු," යි ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා සමුළුවට එක්ව සිටි 100කට අධික බහු විධ ආගමික නායකයන් ගෙන් ඉල්ලා සිටියේ ය. "තමා යහපත් යැයි අප තුළ ම පැණනගින පූර්ව නිගමන සිතිවිල්ලෙන් අපි මිදිය යුත්තෙමු. දෙවියන් වහන්සේ ගේ (ධර්මයන් ගේ ) නාමයට පහර දෙන සහ රිදවන, රළු බව, අන්තවාදය සියලු ආකාර මූලධර්ම වාදයන් වැනි විනාශ කාරී  සංකල්පනාවන් ගෙන් හා මත වාදයන්ගෙන්  අපි මිදෙමු. එසේ ම දෙවියන් වහන්සේට අපහාස කරන සහ ආගම්  කෙලෙසන වෛරයෙන්, ධර්මොන්මාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් අපි මිදෙමු."

ආගමික ප්‍රචණ්ඩත්වය යුක්ති සහගත කිරීම - බලය සඳහා ආගම මුක්කුවක් කිරීම 

ආගමික නායකයනට ආගමික ප්‍රචණ්ඩත්වය යුක්තිසගහත කිරීමට හැකියාවක් නොමැති බව ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කළේය: 

"සහෝදර සහෝදරියනි, ආගමික නායකයන් ලෙස අපි කිසි දා ප්‍රචණ්ඩත්වය යුක්තිසහගත නොකළ යුත්තෙමු. පූජනීයත්වය දුෂ්‍ය කිරීම මගින් සූරාකෑමට ඉඩ නොතබමු. පුජ්‍යත්වය කවර දාකවත් බලය සඳහා කරුවක් හෝ  මුක්කුවක් හෝ නොවිය යුතු ය.  එසේ ම බලය ද පූජනීයත්වය වෙනුවෙන් කරුවක් හෝ මුක්කුවක් නොවිය යුතු ය."

සමුළුවට නොපැමිණි යුද්ධය යුක්තිසහගත කරන ආගමික නායකයා  

මේ සමුළුවේ කැපී පෙනෙන නොපැමිණි ආගමික නායකයකු වන්නේ රුසියානු ඕතොදෝක්ස් කිතුනු සභාවේ නායක කිරිල් පේත්‍රියාක් තුමා ය. ඊට සහභාගී  වන බව එතුමා  දන්වා තිබුනත්, අවසාන මොහොතේ එතුමා පැමිණීමෙන්  වැලකි සිටියේ ය. 

කිරිල් පේත්‍රියාක් තුමා රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ගේ යුක්රේන ආක්‍රමණය අනුමත කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින, ප්‍රසිද්ධියේ එය යුක්ති සහගත කරන ආගමික නායකයා ය. එතුමා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ගේ විශ්වාසවන්ත උපදේශකයා ය. මේ නිසා   මෙම යුද්ධ නැවත්වීම පිණිස එතුමා ගේ මැදිහත්කම ලබා ගැනීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කල ඉල්ලීම් සියල්ල එතුමා ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුදු එම සභාවේ දෙවැනි නායකයා සමුළුවට පැමිණ සිටියි. එතුමා සහ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෞද්ගලිකව හමුවීමට නියමිත බව වතිකානය තහවුරු කර තිබේ. 

"ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා ආයුධ, තර්ජනය සහ ප්‍රචණ්ඩත්වය භාවිත කරන බලය පාවිච්චි කිරීමේ මාර්ග වෙනුවට, සංවාදයේ සහ ඉවසිලිවන්ත සාකච්ඡාවේ මාර්ග යෝඵා ගැනීම දිරිමත් කරන්නැයි," එතුමා ආගමික නායකයන් ගෙන් ඉල්ලා සිටියේ ය. 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය