"මහ මුහුදේ වැඩ කරන්නන් නොසිටියේ නම් අප හාමත් වේවි ...මේ මාසය තුළ ධීවරයන් සහ නැවියන් වෙනුවෙන් යාච්ඥා කරන්න" - සුදොතුම් පියතුමා ගේ අගෝස්තු මාසයේ යැදුම් අදහස

"Without seafarers, we would starve; Let us pray for seafarers, among them fishers and sailors" - Pope's August prayer intention


(2020 අගෝස්තු 08)

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  ගේ අගෝස්තු මාසයේ යාච්ඥා අදහස ඇතුළත් "සසුන් පිය වීඩියෝව ඉකුත් දා නිකුත් කෙරිණි. 

"මහ මුහුදේ වැඩ කරන සහ මහ මුහුදින් ජීවත් වන ජනතාව වෙනුවෙන්, එනම්, ධීවරයන් සහ නැවියන් වෙනුවෙන් තම සමග මේ මාසයේ යාච්ඥා කරන්නැ"යි එතුමා මේ වීඩියෝ පණිවිඩය මගින්  ලොව පුරා සිටින කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටියි. 

ධීවර නාවික ජීවිත දුෂ්කරයි 

"ධීවරයන් ගේ සහ නැවියන් ගේ ජීවිත සේ ම ඔවුන් ගේ පවුල් වල සාමාජිකයන් ගේ ජීවිත බොහෝ සෙයින් දුෂ්කර ඒවා යි' යි සිය මව් බස වන ස්පාඥ්ඥ භාෂාවෙන් ජනතාව අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. 

"ඇතැම් විට ඔවුහු බලහත්කාරයෙන් වැඩ ගනු ලැබීමට ගොදුරු වෙති. නැති නම් ඔවුහු සිය ගෙදරින් හෝ මව් මෙන් හෝ ඈත වරාය වල තනි කරනු ලබති....කාර්මික ධීවර ක්‍රම වේද විසින් ඇති කරනු ලැබ ඇති තරගය මෙන් ම පරිසර දුෂණයේ ආදීනව ඔවුන් ගේ ජීවිත වඩාත් ව්‍යාකුල කර තිබේ." යි එතුමා ධීවරයන් සහ නාවිකයන් මුහුණ දෙන   දුෂ්කරතා සිහිපත් කරයි.  

"කෙසේ නමුත් මහ මුහුදේ වැඩ කරන්නන් නොසිටියේ නම් අප හාමත් වනු ඇති' යි ඔවුන්ගෙන් මානව සමාජයට ලැබෙන දායකත්වය එතුමා අවධාරණය කරයි. 

"මේ නිසා මහ මුහුදේ වැඩ කරන්නන් සහ එයින් ජීවත් වන්නන්, ඔවුන් අතර ධීවරයන් සහ නාවිකයන් මෙන්ම ඔවුන් ගේ පවුල් වෙනුවෙන් ද මේ මාසයේ  අපි යාච්ඥා කරමු," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සියලු කතෝලික ජනතාව ගෙන් ඉල්ලා සිටියි. 

ශුද්ධෝත්තම පියතුමා ගේ  ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය 

"සසුන් පිය වීඩියෝව" නිකුත් කරනු ලබන්නේ  "ශුද්ධෝත්තම පියතුමා ගේ  ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය" විසිනි. මුල් කාලයේ එම  දූත මෙහෙවර නම් කර තිබුනේ "යාච්ඥාවේ අපෝස්තලික සේවාව"යනුවෙනි. 1844 දී ප්‍රංශයේ ජේසු නිකායික පැවිදි සිසුන් කණ්ඩායමක් විසින් යාච්ඥාවේ අපෝස්තලික සේවාව ආරම්භ කෙරිණි. 

ශ්‍රී ලංකාවේ ජේසු නිකායික පියවරු මීගමුවේ සිය ප්‍රධාන නිවසේ සිට එම සේවාව සිදු කරයි. 

මහ මුහුදේ අපෝස්තලික සේවාව 

ශුද්ධෝත්තම පියතුමා මහ මුහුදේ වැඩ කරන්නන් සහ එයින් ජීවත් වන්නන් වෙනුවෙන් විශේෂ අවධානයක් දක්වයි. මෙය එතුමා මුහුදු රැකියා කරන්නන් ගැන මේ වසර තුළ විශේෂයෙන් කතා කල තුන් වන වතාව ය. 

මේ වසරේ ජුනි 12 වන දා  එතුමා එම ජනතාව ගේ සේවාව අගය කරමින් කතෝලික  සභාවේ මහ මුහුදේ අපෝස්තලික සේවාවට වීඩියෝ පණිවිඩයක් නිකුත් කළේය. ලොව පුරා ජනතාව ගේ කුසගින්න නිවීමෙහි ලා ධීවරයන් සහ නැවියන් දක්වන අනුපමේය සේවාව එතුමා එහිදී අගය කළේය.  එම රැකියාවේ දී ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා - විශේෂයෙන් කෝවිඩ්-19 හේතුවෙන් ඔවුන් මුහුණ දී ඇති දුෂ්කරතා එතුමා එම අවස්ථාවේ දී සිහිපත් කළේය. 

ජූලි 12 වන දා, එනම් ජූලි මාසයේ දෙවන ඉරිදා, කතෝලික සභාව "සාගර ඉරුදින" සැමරුවේ ය. එම අවස්ථාවේ ද එතුමා එම පවුල් වෙනුවෙන් යාච්ඥා කළේය.  සාගරය  පිලිබඳ අපෝස්තලික සේවාව, සාගර ඉරුදිනට අනුග්‍රහය දක්වන එක් සංවිධානයකි. එම සංවිධානය ජාතිය, ආගම හෝ සංස්කෘතිය වැනි භේද නොතකා ධීවර ප්‍රජාවට සහ නාවික ප්‍රජාවට සත්කාර සේවා සහ ආධ්‍යාත්මික සේවා සපයයි. එම සේවා සපයනු ලබන්නේ ලෝකය පුරා රටවල් රැසෙක ධීවර වරාය සහ වරායවල පිහිටුවා  ඇති "ස්ටෙල්ලා මාරිස්" (Stella Maris Centres) හෙවත් "සිඳු තරු කේන්ද්‍ර" මගිනි. මේ වන විට මහ මුහුදෙන් ජීවත් වන්නන් වෙනුවෙන් සේවා සැපැයීම සඳහා එම ආයතනය විසින් රටවල් 59ක ඇති වරාය 334ක සේවා කේන්ද්‍ර පිහිටුවා ඇති අතර වරාය උපාධ්‍ය වරු 227 දෙනෙක් ඒවායේ සේවාව කරති.  

අගෝස්තු මාසය මුහුදෙන් ජීවිකාව කරගන්නා ජනතාව වෙනුවෙන් යාච්ඥා කරන දිනය ලෙස ශුද්ධෝත්තම පියතුමා නම් කල බව ඇසීමෙන්  සාගරය  පිලිබඳ අපෝස්තලික සේවාව මහත් සතුටට පත් වී සිටියි. "ධීවරයන්, නාවික යාත්‍රිකයන් සහ මුහුදෙන් ජීවිකාව කරගන්නන් සිහිපත් කිරීම ගැන ඔබට ස්තුතියි සසුන් පියාණනි"යි  ඔවුන් සිය මුහුණු පොතේ සටහන් කර තිබේ. 


Comments

  1. This Sinhala Translation is the need of the hour..blessings Saman and Champa..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය