සුදොතුම් පියතුමා රදගුරු හිමිවරුනට කළ අනුශාසනය: "ඔබ 'ස්වයංපෝෂිත පිය-ස්වාමීවරුන්' යැයි නොසිතන්න; ගිහියන්ගේ විශ්වාසයේ අත්දැකීම් වලට ගෞරව කරන්න"

Pope tells Bishops:"Respect lay people; dialogue with their consciences" 



(2017 සැප්තැම්බර් 22)
රදගුරු හිමිවරුන් තමනට  භාරවූ පදවිවල 'ස්වයංපෝෂිත පිය-ස්වාමීවරුන්' ලෙස නොසිතිය යුතු යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. ඒ වෙනුවට ඔවුන් තමන් නායකත්වය දීමට කැඳවනු ලැබසිටින ජනතාවට දෙවියන් වහන්සේ කතා කර ඇත්තේ කෙසේද යන්න ගැන දැනගන්නා අතර,  ජනතාව ගේ  විශ්වාසයේ අත්දැකීමට ගෞරව කල යුතුයැයි එතුමා  පෙන්වා දෙයි.

වතිකානයේ පැවැති නවක රදගුරු හිමිවරුන් ගේ වැඩමුළුවක්  අමතමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේය.  

"ඔබ කැඳවනු ලැබ ඇති දූත මෙහෙවර වන්නේ ඔබගේ ම අදහස් සහ ව්‍යාපෘතිද, දුරවබෝධවූත්  නිර්මාණය කරන ලද්දාවූත්  විසඳුම්  ද ඉදිරිපත් කරමින්  සභාව ඔබගේ පෞද්ගලික එළවලු උද්‍යානය ලෙස සලකා කටයුතු කිරීම නොවේ. ...ඔබගේ මෙහෙවර වන්නේ ඔබ වෙත අවධානය යොමු කර ගන්නා හෝ ආත්ම රාගී හෝ හැසිරීම් වලින් තොරව, බැහැපත්කමින් යුතුව, වපුරන ලද සුබ අස්න වර්ධනය කිරීම සඳහා සේවය  කරමින් දෙවියන් වහන්සේ සමග සමවාය පිළිබඳව පෞද්ගලික හා ප්‍රායෝගික සාක්ෂි කරුවකු වීමයි."

සවන් දීමේ ආකල්පයක් ගොඩ නගා ගන්නා ලෙස එතුමා රදගුරු හිමිවරුනට ආරාධනා කළේය:
"ඔබගේ අදහස අසම්පූර්ණ බවත් එය දෙවියන් වහන්සේ ගේ දැක්ම උපකල්පනය කිරීමට ප්‍රමාණවත් නොවන බවත්  පෙන්වා දුන් විට, එය අත්හැර දැමීමට ඇති නිදහස තුළ වැඩෙමින්, සවන් දීමේ ආකල්පයක් වගාකරගන්නා ලෙස මම ඔබට ආරාධනා කරමි"

"එඬේරුන් තුළින් හැමිය යුත්තේ බැටළුවන් ගේ සුවඳයි"; "ඔබගේ සුව පහසු කලාපය අතහැර නැති වූ බැටළුවන් සොයා මාවතට අවතීර්ණ වන්න"; "සභාව යුද බිමේ රෝහලක් විය යුතුයි" ආදී ලෙස  මීට කලින් පූජකතුමන්ලාට උපදෙස් දුන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අදහස් පල කලේ පසුගිය වසර තුළ එතුමන් විසින් පත් කරන ලද නවක රදගුරු හිමිවරුන් 14 දෙනෙකු අමතමිනි.


වතිකානයේ රදගුරු හිමිවරුන් පිලිබඳ පර්ෂදය විසින්  මෙම නවක රදගුරු හිමිවරුන් වෙනුවෙන් ඉකුත් සතියේ වැඩමුළුවක් සංවිධාන කර තිබිණි. එම වැඩමුළුව අවසන් කරන ලද්දේ සැප්තැම්බර් 14 වනදා සුදොතුම් පියතුමන් සමග පැවැති මෙම හමුවෙනි. .

එම අවස්ථාවේ නවක රදගුරු හිමිවරුන් අමතමින් සුදොතුම් පියතුමා කියා සිටියේ රදගුරු හිමිවරුන් පදවියේ සෙසු කතෝලික ජනතාවට ඉහලින් සිටින තැනැත්තකු නොව දේව ජනතාව ගේ ම කොටසක් බවයි.  සිය පදවිවල ගිහියන්ගේ අදහස්වලට  ගෞරව කරන ලෙසත් තීරණ ගැනීමේ දී ඔවුන් ගේ අදහස් ද ලබා ගන්නා ලෙසත් එතුමා නවක රදගුරු හිමිවරුන් ගෙන් යළි යළිත් ඉල්ලා සිටියේය.

"දෙවියන් වහන්සේ ගේ ජනතාව ගේ සාමාජිකයකු ලෙස ස්වකීය දහම් සේවා වටහා ගැනීමේ ශක්තිය  (pastoral discernment) ජීවත් කරවීමට රදගුරුතුමා කැඳවීම් ලබා සිටියි. එය සිදුවිය යුත්තේ ශාසනික වශයෙන් ගතිකවූත් සහභාගීත්වයේ සේවාව තුළ (service of koinoia) වූත් පසුබිමක් තුළ ය. මෙනයින් ගත කළ රදගුරු තුමා ස්වයං පෝෂිත 'පිය ස්වාමි' වරයකු හෝ ජනතාවට බියට පත් කරන හුදෙකලා වූ 'හුදෙකලා එඬේරෙකුත්' නොවේ."

"රදගුරු තුමාගේ නිශ්චයකිරීම සෑමවිටම සාමුහික ක්‍රියාවක් විය යුතුය. එම ක්‍රියා මාර්ගයේ දී  එතුමා  තමාට ප්‍රයෝජනවත් අදහස් ලබා දිය හැකි පූජකවරුන් තේවාචාරීන් ඇතුළු  දේව ජනතාවගේ අදහස් වල පොහොසත්කම නොසලකා නොසිටිය යුතුය."

මෙහිදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සවැනි සියවසේ ජීවත් වූ තාපසයකු වන ගාසාවේ ඩොරෝතියස් තුමා ගේ කියමනක් උපුටා දැක්වීය. එනම් "ඔබ ඔබගේ සහෝදරයා ගණන් නොගෙන ඔබ ඔහුට වඩා ශ්‍රේෂ්ට යයි සිතන්නේ නම්, ඔබ අවසන් වන්නේ දෙවියන් වහන්සේටත් වඩා ඔබව උදුම්මා ගැනීමෙනි" යන්නයි. එබැවින් නිශ්චය කිරීම බාරගැනීම යනු බැහැපත්කම  සහ කීකරුකම යන ගුණධර්ම දෙකම පිළිගැනීම යි."

සුදොතුම් පියතුමා සිය අනුශාසනය නිම කලේ එතුමා නිකුත් කල "ප්‍රේමයේ ආනන්දය" (Amoris Laetitia -The Joy of Love) නමැති අපෝස්තලික හසුනේ කොටසක් උපුටා දක්වමිනි:

"අන්තර්ග්‍රහණය කරගන්නා වූත් මාංශගතවූත් නිශ්චය කිරීමක් වෙත අප අපව යොමු කල යුතු වෙමු. එය විශ්වාසකයන් ගේ හර්දය සාක්ෂි සමග සංවාදයක් වෙත අප යොමු කරයි. අප කල යුත්තේ එම හර්දය සාක්ෂි ප්‍රතිස්ථාපනය කිඑඑම නොව ඉවසිලිවන්ත සහ දිරිමත් කැටුවයාමේ ක්‍රියාවලියක් ඔස්සේ ඒවා හැඩගැස්වීමයි."


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය