සුදොතුම් පියතුමා විවේචනය කරන කාදිනල් බර්ක් යලිත් වතිකානයේ උත්තරීතර අධිකරණයට

Cardinal Burke re-named to Vatican's Highest Court 

සුදොතුම් පියතුමා කාදිනල් රේමන්ඩ් බර්ක් සමග 


(2017 සැප්තැම්බර් 30)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් රේමන්ඩ් බර්ක් කාදිනල් තුමන් වතිකානයේ අපෝස්තලික මුද්‍රාවේ උත්තරීතර අධිකරණයේ සාමාජිකයකු ලෙස පත් කර ඇති බව වතිකාන ප්‍රවෘත්ති සේවාව ඊයේ (සැප්තැම්බර් 29) වාර්තා කළේය.

සභා නීතිය පිලිබඳ විශාරදයකු වන බර්ක් හිමි මීට කලින් 2008 සිට 2014 දක්වා වසර 6ක් එම ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. 2014 දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් බර්ක් හිමි මොල්ටාවේ නයිට් වරුන් නමැති පැරැණි දයා සේවා සංවිධානයේ ආත්මික අධ්‍යක්ෂ වරයා ලෙස පත් කරනු ලැබිණ.

එතුමන් හැරුණු කොට අගෝස්තිනෝ වැලිනි කාදිනල් හිමිපාණන් සහ  එදුවාර්දෝ මෙනිචේල්ලි කාදිනල් හිමි ද උත්තරීතර අධිකරණ සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ  සිටියි. කාදිනල් වැලිනි හිමි 2004 සිට 2008 දක්වා මෙම ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

අපෝස්තලික මුද්‍රාවේ උත්තරීතර අධිකරණය (Supreme Tribunal of the Apostolic Signatura) ශුද්ධාසනයේ අධිකරණ තුන අතරින් උසස්ම අධිකරණයයි. සභාව තුළ යුක්තිය පසිඳලීම පරිපාලනය කරන උසස් ම ආයතනය ලෙස කටයතු කරන්නේ ද එයයි. කාදිනල් ඩොමිනික් මැම්බර්ටි හිමි එහි වත්මන් ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

2015-2016 වසරවල පැවැත්වුණු පවුල පිලිබඳ සිනොඩ් සමුළුවේදී එම සමුළු පියවරුන් එළැඹි නිගමන කාදිනල් බර්ක් හිමියන්  ගේ දැඩි විව්වෙචනයට ලක්විය. ඉන් පසුව එම නිගමන පාදක කර ගනිමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් නිකුත් කල "ප්‍රේමයේ ආනන්දය" නමැති අපෝස්තලික හසුන එතුමා දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය. බර්ක් කාදිනල් තුමා කියා සිටියේ දික්කසාද වී සහා අනුමැතියකින් තොරව යළි සිවිල් විවාහ කරගන්නා කතෝලිකයන් සම්බන්ධයෙන් මෙම අපෝස්තලික හසුනේ  දී ඇති උපදේශ කතෝලික ශීල ධර්මයට එකඟ නොවන බවයි.

මේ අනුව "Dubia" නමින් හැඳින්වුණු "ඔව්/නැත " යනුවෙන් පමණක් උත්තර දිය හැකි ප්‍රශ්න 5ක්  එතුමන් ප්‍රමුඛ කාදිනල් සිව්  නමක් විසින් සුදොතුම් පියතුමා වෙත ඉදිරිපත් කෙරිණි. සුදොතුම් පියතුමා ඊට පිළිතුරු දෙන්නට ගියේ නැත.   "ඔව් /නැත" පිළිතුරු වලට  වඩා මෙම ප්‍රශ්න වලට දිය හැකි පිළිතුරු සංකීර්ණ වීම සුදොතුම් පියතුමා ඊට පිළිතුරු නොදී සිටීමට හේතුවයි. පසුව එතුමන් සිය සමීප හිතවතකු වූ පියතුමෙකුට පවසා තිබුනේ මෙම ප්‍රශ්න "උගුලක්" බවයි.

පසුව මොල්ටාවේ නයිට්ස් වරුන් ගේ ආයතනයේ පිතෘ වරයා ලෙස ද බර්ක් කාදිනල් හිමි සුදොතුම් පියතුමා අර්බුදයට ලක් කිරීමට  උත්සාහ ගත්තේය. ඒ, එම සංවිධානය තුළ හටගත් නායකත්ව ගැටුමක් විසඳීම සඳහා එහි ප්‍රධාන චාන්සලර් වරයා ධුරයෙන් පහ කිරීමට සුදොතුම් පියතුමන් ගත් තීරණය අභියෝගයට ලක් කරමිනි. එහෙත් එම අවස්ථාවේ සුදොතුම් පියතුමා එක අතකින් සිය එඬේරික හදවත හා කුසලතාවත් අනෙක් අතින් සිය  තීක්ෂණ බුද්ධියත් අනුව කටයුතු කල නිසා බර්ක් කාදිනල් තුමා ගේ එම උත්සාහයත් අසාර්ථක විය.

දැන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සභාවේ ඉහළම නෛතික ආයතනයේ සාමාජිකයකු  ලෙස පත් කරගැනීමට තීරණය කර තිබෙන්නේ තමා අර්බුදයට තල්ලු කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරන බව හොඳින් ම දන්නා මෙම කාදිනල් තුමාය.

"ශුද්ධාත්මයානන් ගේ මවිත කිරීම් වලට සූදානම්ව සිටින්න; ඊට විවෘත වන්න "(Be ready and be open to the Surprises of the Holy Spirit) යන්න ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිතර දෙන අවවාදයකි.

එතුමන් ඊට විවෘත බවට  හා සූදානම් බවටත් අභියෝග වලට එතුමා නොබිය බවටත්  මෙම පත්කිරීමම කදිම නිදසුනකි.


සම්බන්ධ වෙනත් ලිපි: මෙම 'ලින්ක්' වලින් කියවන්න :
සභාවේ ගතානුගතිකවාදීන් ලෞකික දේශපාලන බලවතුන් සමග ප්‍රැන්සිස් පාප් වහන්සේට එරෙහි කුමන්ත්‍රණයක?

සුදොතුම් පියතුමා විහිලුවට ලක්කරමින් වතිකාන පුවත්පතේ "ව්‍යාජ" මුද්‍රණයක් රෝමයේ බෙදා හැරේ

පාප් වහන්සේට එරෙහිව සභාවේ ගතානුගතික මත ධාරීන් කැළෑ පත්තර ව්‍යාපාරයක (අලුත් තොරතුරු සමග)

Comments

  1. Cardinal Burke was appointed as the Patron of the Knights of Malta by Pope Francis to see to this issue. There was no confusion in that. The person who ever writes this blog is confused and please read the official Church documents on this without just translating from non-authoritative web sites. You are misleading the faithful catholics and you give a wrong picture about the Church and Her Cardinals. Dubia is a means to ask for clarification which is rigid and just. There were questions when Blessed Paul VI wrote Humane Vitae and when St. John Paull II wrote Familiaris Consortio. Both the Popes answered the questions and clarified them. Cardinal Ratzinger was the Prefect of the Congregation for the Doctrine of Faith during the Papacy of St. John Paul II and even he responded to these issues. Pope Emeritus Benedict XVI, then Cardinal Ratzinger was the greatest theologian at that time. Under his congregation he had issued the necessary answers for all these questions.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය