බංගලිදේශයේ කතෝලික රදගුරු හිමිවරු රෝහින්ග්‍යා සරණාගතයන් බලන්නට යති - සැනසිලි වදනින් ඔවුන් සනසති

Bangladesh Bishops visit Rohingya refugee camps 

 මේ බිම වාඩිවී සරණාගත කතකගේ වේදනාවට සවන් දෙන්නේ ඩි රොසාරියෝ කාදිනල් හිමිපාණෝය (UCAN පින්තුරයකි)


(2017 සැප්තැම්බර් 28)
බංගලි දේශයේ සිටින රදගුරු හිමිවරු කතෝලික රදගුරු හිමිවරුය. ඔව්හු සැබෑ කිතුනුවෝය; එනම් සැබෑ ක්‍රිස්තු අනුගාමිකයෝ ය.

ම්‍යන්මාවේ බුරුම ජාතික බහුතරයේ දැඩි හිංසන වලින්  සිය ජීවිත ගලවා ගැනීම සඳහා බංගලි දේශයට පලා විත් සිටින රෝහින්ග්‍යා සරණාගතයන් බැලීමට එරට කතෝලික රදගුරු හිමිවරු ඔවුන් රඳවා  සිටින කඳවුරට ඉකුත් දා ගියහ.

ධකා හි අගරදගුරු පැට්‍රික් ඩි' රොසාරියෝ කාදිනල් හිමිපාණෝ ද  චිතගොං හි අගරදගුරු මෝසස් කොස්තා හිමිපාණෝ ද ඒ අතර වූහ.

මියන්මාවේ ආරක්ෂක හමුදා වල හිංසනයෙන් ගැලවීම සඳහා පලා ආ 430,000කට වැඩි රෝහින්ග්‍යා සරණාගත ජනතාවක් බංගලි දේශයට පැමිණ සිටිති. ඔවුන් රඳවනු ලැබ  සිටින්නේ චිතගොං අදරදගුරු පදවිය තුළ පිහිටා ඇති කොක්ස් බසාර් සහ බන්දාර්බාන් ප්‍රදේශ වලය.

පැට්‍රික් ඩි'රොසාරියෝ හිමි බැහැදුටුවේ බන්දාර්බාන් සරණාගත කඳවුරයි. සරණාගත පිරිමින්, කාන්තාවන්, වයස් ගත වූවන් සහ දරුවන් සමග කතා කල එතුමා ඔවුන් ගේ බියකරු මෙන්ම දුක් බර කතා වලට සවන් දුන්නේය. ඔවුනට සෙනෙහෙබර සහ සැනසිලි වචනයෙන් කතා කළේය.

 ආධාර දෙන්න නොවේ; සහෝදරත්වය පල කරන්නයි 

"මම සරණාගතයන් මුණ ගැසුනේ ආධාර බෙදා දෙන්නට නොවේ. සභාවේ සහෝදරත්වය මෙන් ම සහයෝගය ප්‍රකාශ කරන්නයි" මෙම හමුවෙන් පසුව එතුමා කියා සිටියේය.

"ඔවුනට සිදු වූ හිංසා පීඩා පිලිබඳ කතා අසා මම බොහෝ වේදනාවට  පත් වුනා. සභාව හැකි සෑම ක්‍රමයකින් ම ඔවුන් සමග සිටින බවට  මම ඔවුන්ට පොරොන්දු වුනා" එතුමා පැවසුවේය.

"මෙය දැවැන්ත මානව ඛේදවාචකයක්. මේ වගේ තත්වයකට මුහුණ දීමට බංගලි දේශය කිසිසේත් සුදානම් ව නොසිටි බව මුලින්ම කියන්නට ඕනැ. එත් අප ඔවුන් බාර ගත්තා. දැන් බොහෝ දේ පාලනය කරගෙන තිබෙනව. එහෙත්  මේ සරනාගතයනට හුඟක් උදව් උපකාර, ආධාර අවශ්‍යයි" ඩි'රොසාරියෝ කාදිනල් හිමි කියා සිටියේය.

චිතගොං හි මෝසස් කොස්තා අගරදගුරු හිමි සරණාගත පියෙකුගේ තතු විමසමින්  (UCAN)


විසඳුමට පෙර මානුෂික අවශ්‍යතා සපුරාලිය  යුතුයි 


කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ රෝහින්ග්‍යා අර්බුදයට කල් පවත්නා විසඳුමක් ලබා දීම අනිවාර්ය අවශ්‍යතාවක් නමුත් මේ මොහොතේ අවධානය යොමු විය යුත්තේ සරණාගතයන් ගේ මානුෂික අවශ්‍යතා සපුරාලීම කරෙහි බවයි.

"රෝහින්ග්‍යා ජනතාව අති කුරිරු පීඩනවලට මුහුණ දී තිබෙනවා. එය සත්‍යයක්. එහෙත් මෙය එය හෙලා දැකීමට හෝ විසඳුම ගැන සිත සිතා සිටීමට කාලය නොවේ. අප මුලින්ම මේ සරණාගතයන් ගේ මූලික අවශ්‍යතා සපුරාලිය යුතුයි. ඉන් පසුව අර්බුදය අවසන් කිරීම සඳහා අප ස්ථිර විසඳුමකට යා යුතුයි" එතුමා කියා සිටියේය.

ඩි' රොසාරියෝ කාදිනල් හිමිපාණන් සහ මෝසස් කොස්තා අගරදගුරු හිමිපාණෝ සරණාගතයන් ගේ සේවා සඳහා  කතෝලික සභාව වෙනුවෙන් ටකා දශ ලක්ෂයක මුදලක් එරට රජයට පරිත්‍යාග කළේය.

බංගලි දේශ කරිටාස් දයා සේවා ආයතනයේ නිලධාරීහු කිහිප දෙනෙක් ද රදගුරු හිමිවරුන් සමග සරණාගතයන් බැහැදකින්නට ගියහ.

සරණාගතයන් හා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 

"දෑත් විදහා සරණාගතයන් පිළිගන්නැයි" සුදොතුම් පියතුමා  ඉකුත් බදාදා (සැප්තැම්බර්  27) ලොව පුරා කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එතුමා මෙම ඉල්ලීම් කලේ සරණාගතයන් මුණගැසීමේ සහ ඔවුන් ආදරයෙන් පිළිගැනීමේ ලෝක ව්‍යාප්ත කතෝලික ව්‍යාපාරයකට මුල පුරමිනි.

"ගමන බෙදා ගනිමු" ලෙස නම් කර ඇති මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ සුදොතුම් පියතුමා ගේ ලෝක දයා සේවා හස්තය ලෙස සැලකෙන ජාත්‍යන්තර කරිටාස් ආයතනය විසිනි.

එම තොරතුරු මෙතැනින් කියවන්න:
"දෑත් විදහා සරණාගතයන් උණුසුම්ව පිළිගන්න" - සරණාගතයන් පිළිගැනීමේ ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයට මුල පුරමින් සුදොතුම් පියතුමා ඉල්ලයි

සරණාගතයන් පිළිබඳව කටයුතු කල යුතු ආකාරය ගැන  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ක්‍රියාවෙන්ම ආදර්ශයක් දී තිබේ. ගිය වසරේ ග්‍රීසියේ ලෙස්බොස් දූපතේ සිටි සරණාගතයන් ගේ සුව දුක් විමසීමට හදිසියේ ම ගිය එතුමා ආපසු රෝමයට පැමිණියේ එහි ස්ටි මුස්ලිම් සරණාගත පවුල් කිහිපයක් තමා ගේම ගුවන් යානයේ නංවාගෙනය.

ශ්‍රී ලංකාව 

ශ්‍රී ලංකාවට පැමිණෙන සරණාගතයනට ඇතැම් කොටස්  වලින් එල්ල වන  ප්‍රහාර හා අවමාන හමුවේ ශ්‍රී ලාංකික කතෝලිකයන් ගේ සාක්ෂි දැරීම කුමක් ද?

"මම සරණාගතව, අවමානයට හා හිංසාවට ලක්ව  සිටියෙමි. ඔබ.......?"










Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය