ක්‍රිස්තියානි එකමුතුව උදෙසා වාර්ෂික යැදුම් සතිය ඇරැඹේ - "මේ වසරේ යාච්ඥා වලට අතථ්‍යව සම්බන්ධ වන්න" වතිකානය සහ ක්‍රිස්තියානි සභා කවුන්සිලය ලොව පුරා කිතුනුවන්ගෙන් ඉල්ලයි.

Christians invited to join virtually in prayer for 54th Week of Prayer for Christian Unity

ලෝක කිතු දන පුබුදුවේ 50 වැනි සංවත්සරය දා වතිනාකනයට රැස් වූ ලොව පුරා විවිධ කිතුනු සභා පූජක වරුන් එක්සත්ව යාච්ඥා කල අයුරු  

(2020 ජනවාරි 18) 

කිතුනු ජනතා එකමුතුව වෙනුවෙන් යාච්ඥා කරන වාර්ෂික සතිය ජනවාරි 17 වැනි ද සඳුදායින් ආරම්භ විය. එම යැදුම් සතිය  මේ මස 25 වැනි දා දක්වා දිවේ. මෙය වාර්ෂිකව ක්‍රිස්තියානි ජනතාව ගේ එකමුතුව සඳහා ලොව පුරා සියලු කිතුවන් එක්ව යදින 54 වැනි සතියයි. සභාව තුළ සමස්ත කිතුනු ජනතාව ගේ සමගි සන්ධානය සහ එකමුතුව සඳහා මේ සතිය පුරා යාච්ඥා කරන ලෙස ලොව පුරා කිතුනුවනට ආරාධනා කෙරේ. 

වතිකානයේ කිතුනු එකමුතුව ප්‍රවර්ධනය පිණිස වන සසුන් පිය මන්ත්‍රණ සභාව සහ ලෝක ක්‍රිස්තියානි කවුන්සිලය එකාබද්ධව මේ සතිය සංවිධාන කරයි. මේ සතියේ අරමුණ සමස්ත කිතුනු ජනතාව එක්ව කිතුනු ජනයා ගේ දෘශ්‍යමාන එකමුතුව සඳහා සහ විශේෂයෙන් ම ජේසු සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය අවස්ථාවේ යැදුම වන "ඔවුන් සියල්ලෝ ඒකත්වයක් වේවා!" යන්න සම්පූර්ණත්වයට පත් වීම පිණිස යාච්ඥා කිරීම ය. 

වසර 2021 කිතුනු එකමුතු යැදුම් සතියේ තේමාව "ඔබ ඵල දරනු පිණිස  මාගේ ප්‍රේමයේ පවතින්න" යන්නයි. (ජුවාම් 15: 5-9) මෙය තෝරා ගනු ලැබ ඇත්තේ සභාව තුළත්, අපගේ මානව පවුල තුළ සහ සමස්ත මැවිල්ල තුළත් සමගි සන්ධානය සහ එකමුතුව උදෙසා වැඩ කිරීමට කිතුනු ජනතාව ලබා ඇති කැඳවීම ප්‍රකාශ කරනු සඳහා යැයි කිතුනු එකමුතුව ප්‍රවර්ධනය පිණිස වන සසුන් පිය මන්ත්‍රණ සභාව පවසයි. 

වතිකානයේ යැදුම් සතිය පරිසමාප්තියට පත්වන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අනෙකුත් කිතුනු සභා නායකයන් සමග එක්ව පවත්වන යැදුම් මෙහෙයකිනි. එම මෙහෙය සාම්ප්‍රදායික ලෙස කිතුනු සභා සමගි ජනවන්දනා මෙහෙය වලට කැප කර ඇති වතිකානයේ සාන්ත පාවුළු දෙව්මැදුරේදී  ජනවාරි 25 වැනි සඳුදා සිදු කෙරේ. එය සජීවීව ප්‍රචාරය කිරීමට කටයුතු යොදා ඇති බව වතිකානය ප්‍රකාශ කරයි. මේ හැරුණු කොට ලොව පුරා සියලු රටවල කතෝලික රදගුරු පදවි වෙනත් කිතුනු සභා සමග එක්ව මේ සතිය පුරා කිතුනු එකමුතු ක්‍රියාකාරකම් සහ යැදුම් මෙහෙයන් සංවිධාන කර තිබේ. 

2021 කිතුනු එකමුතු යැදුම් සතිය සඳහා යාච්ඥා සහ සිතිවිළි ඇතුළත් සම්පත් සකස් කරන ලද්දේ ස්විට්සර්ලන්තයේ ග්‍රෑන්ඩ්චෑම්ප් තාපස සංඝය විසිනි. මෙම තාපස සංඝය කිතුනු එකමුතුව උදෙසා පොදු කැපවීමෙන් යුතුව ක්‍රියා කරන, සියලු කිතුනු සම්ප්‍රදායයන්ගෙන් සමන්විත පැවිදි සොහොයුරියන් ගේ පවුලකි. ඔව්හු මේ අරමුණින් විවිධ ක්‍රියාකාරකම් වල නිරත  වී සිටිති. 

මේ කිතුනු සතිය සඳහා හාවිත කළ හැකි සම්පත්, කිතුනු එකමුතුව ප්‍රවර්ධනය පිණිස වන සසුන් පිය මන්ත්‍රණ සභා වෙබ් අඩවියේ පලකොට තිබේ. 

කිතුනුවනි, එක්සත්ව යදින්නට එක් වන්න

ජනවාරි 25 වැනිදා පැවැත්වීමට නියමිත සමාප්ති යැදුම් මෙහෙයට අන්තර් ජාලය ඔස්සේ එක්වන්නැයි ලෝක කිතුනු සභා කවුන්සිලය කිතුනු ජනතාවට ආරාධනා කරයි. 

"කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් පනවා ඇති එක්රැස්  වීමේ සීමා නිසා බොහෝ ප්‍රදේශ වල ජනතාව වශයෙන් රැස්වීමට නොහැකි වී තිබේ. ඒ නිසා අප සිටින ස්ථාන වල සිට අන්තර් ජාලය ඔස්සේ යාච්ඥා කිරීමට එක්සත් වන්නැ"යි එම කවුන්සිලයේ මහ ලේකම් ලොආන් සෝකා දේවගැති තුමා ඉල්ලා සිටියි. 

"කිතුනු සභා භේදය විශාල අවාදර්ශයක්"

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ධුරයට පත් වීමෙන් පසුව සභා අතර සංවාදය ඉතා සවිමත් කල අතර සභා එකමුතුව සඳහා වඩා ක්‍රියාශීලීව  කටයුතු කිරීමට පියවර ගත්තේ ය. එතුමා සිය ධුර සමය ආරම් භයේ ම කියා සිටියේ "සභා අතර අසමගිය විශාල අවාදර්ශයක්" බව ය. "මරණයේ දී අප එක්සත්  වන්නේ නම් ජීවිතයේ දේ අප බෙදී  සිටින්නේ මන්දැ"යි එක් සභා එකමුතු යාච්ඥා රැළියක දී එතුමා ප්‍රශ්න  කලේ ය. 

මේ නිසා එතුමා කිතුනු සභා මෙන්ම නිකායයන් පවා ඇතුළත්  හමුවීම් රැසක් සංවිධාන කලේ ය. ලෝක කිතු දන පුබුදු ව්‍යාපාරයේ 50 වන සංවත්සරය වෙනුවෙන් එම වසරේ ශුද්ධාත්ම මංගල්‍ය දින  වතිකානයේ දී සංවිධාන කල පෙන්ටකොස්ටල් සහ එපිස්කොපේලියන්  සභා ඇතුළු සභා එක්සමුතු යාච්ඥා මෙහෙය ඉන් එක් උදාහරණයකි (මෙහි දැක්වෙන්නේ එහි දී සුදොතුම් පියතුමා වෙනත් සභා නායකයන් සමග එකම වේදිකාවේ සිට එකට යාච්ඥා කළ ආකාරය ය.) 

කිතුනු සභා එකමුතුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ගෙන ඇති මූලිකත්වය කුමක්ද?  

"සභා අතර අසමගිය විශාල අවාදර්ශයක්" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියන්නේ එසේ ය. "පොදු ප්‍රසාද  ස්නාපනය තුළ අප  එක ම පියාණන් ගේ දරුවන් බවට පත්වෙනවා."

"මරණයේ දී අප එක්සත් වෙනවා නම් , ජීවිතයේ දී අප බෙදී සිටින්නේ ඇයි?"

"යුක්තිය සාධාරණත්වය සහ සාමය,  දයා සේවා, අපේ පොදු නිවහන වන මිහිතලය ආරක්ෂා කිරීම,  වැනි අපෝස්තලික සේවා වලදී අපි එක්සත්ව ක්‍රියා කරමු. ඉතිරිය ශුද්ධාත්මයාණන් බලා ගනීවි" යි ද එතුමා  .පෙන්වා දෙයි. 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය