ඇමෙරිකාවේ කැපිටල් මන්දිරයට ජනාධිපති ට්‍රම්ප් ගේ මැර කල්ලි එල්ල ප්‍රහාරය සුදොතුම් පියතුමා හෙළා දකියි: "මේ ප්‍රචණ්ඩත්වය දැක මා පුදුම වුනා" - "ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සමගි සන්ධානය ප්‍රවර්ධනය කරන්න" - එතුමා ඇමෙරිකානුවන් ගෙන් ඉල්ලයි (වීඩියෝ )

Pope appeals to Americans to protect democracy and promote reconciliation: "Violence must always be condemned" He reiterates (Video) 



(2021 ජනවාරි 10) 

ඇමෙරිකාවේ කැපිටල් මන්දිරයට ඉකුත් දා එල්ල වූ මැර කල්ලි ප්‍රහාරයෙන් "කැළඹීමට පත්ව සිටින" එරට ජනතාවට තම ප්‍රේමනීය ප්‍රාර්ථනා පිරිනමන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. එම කණගාටුදායක කාලය තුළ ජීවිත අහිමි වූ 5 දෙනා වෙනුවෙන් තමා යාච්ඥා කරන බව ද එතුමා පවසයි.  එතුමා මෙම ප්‍රකාශය කලේ ජනවාරි 10 වැනි දින  ඉරිදා දහවල් තුන්කාල ආරාධනා මරිය දැහැන අවසානයේ ය. 

කැපිටල් මන්දිරය යනු ඇමෙරිකාවේ ව්‍යවස්ථාදායකය වන කොන්ග්‍රෙස් මණ්ඩලය රැස්වන ඓතිහාසික ගොඩනැගිල්ලයි. ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයක් සහිත ඇමෙරිකාවේ  ජනතාව මෙය සලකන්නේ "ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටුව" ලෙසයි. ඉකුත් නොවැම්බර මාසයේ පවත්වන ලද ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ නව ජනාධිපති වරයා ගේ තේරීපත්වීම නිල වශයෙන් සහතික කිරීමේ සාම්ප්‍රදායික කටයුත්ත සඳහා  කොන්ග්‍රෙස් මණ්ඩලය ජනවාරි 6 වැනිදා රැස්විය. 

එහෙත් ඊට එක් බාධාවක් විය. 

එනම් ප්‍රතිඵල ඉතා පැහැදිලිව තිබියදීත්, ඊට එරෙහිව එල්ල වූ සියලුම අභියෝග ඇමෙරිකාවේ ෆෙඩරල් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු නඩු පැවරුණු සියලු අධිකරණ වලින් ප්‍රතික්ෂේප වී තිබියදීත් එම ජනාධිපති වරණයේ දී ප්‍රබල වංචාවක් සිදු වී තිබෙන බවට වූ අසත්‍ය ප්‍රකාශයක් ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් විසින් සමාජ ගත කර තිබීම ය. ඔහු දගින් දිගට ම කියා සිටියේ මැතිවරණයේ ජයග්‍රාහකයා තමා බව ය. ඔහු ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් මේ බොරුව සමාජ මාධ්‍ය සහ ඔහුට අනුග්‍රහය දක්වන මාධ්‍ය ඔස්සේ ස්මාහ්ජ ගත කර තිබිණි.  ඔහු ගේ අවසාන උත්සාහය වී තිබුනේ ප්‍රතිඵල සහතික කරන දිනයේ මැර කල්ලි යවා කොන්ග්‍රෙස්  මණ්ඩලයට බලපෑම් කොට, බිය ගන්වා තමා ගේ ජය සහතික කරගැනීමයි. සාමකාමී බල හුවමාරු වලට ප්‍රසිද්ධ ඇමෙරිකාවේ මෙවැනි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ ප්‍රථම අවස්ථාව ලෙස  මේ දවස ඉතිහාසයට  එක්වනු ඇත. 

ජනාධිපති ට්‍රම්ප් ගේ උසි ගැන්වීම් වලින් ශක්තිය ලද ප්‍රචණ්ඩකාරී පිරිස් කොන්ග්‍රෙස්  ගොඩනැගිල්ලේ  ජනේල වීදුරු සාහසික ලෙස බිඳ දමා ඇතුළු වී ඊට දැඩි අලාභානි සිදු කළහ. මැරයන් පැමිණෙන බවට ලැබුණු තොරතුරු නිසා ඒ වන විට මූලාසනයේ සිටි උප ජනාධිපති මයික් පෙන්ස් සහ සියලුම මන්ත්‍රී වරු ආරක්‍ෂිත ස්ථාන වලට ගෙන යන ලදහ. සැබෑ 'රියැලිටි ෂෝ" එකක් බඳු වූ මේ ලොමු දැහැ ගන්වන සිද්ධි දාමය ලොව පුරා මාධ්‍ය විසින් විකාශය කරනු ලැබිණි. මේ වන විටත් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී සියලුම රටවල නායකයන් එම සිද්ධිය දැඩි  ලෙස හෙළා දැක තිබේ. 

ප්‍රචණ්ඩත්වය සෑම විට ම හෙළා දැකිය යුතු බව ඉරිදා තුන් කාල ආරාධනාවෙන් පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  කියා සිටියේ ය. 

"ප්‍රචණ්ඩත්වය සෑම විටම  ස්වයං-විනාශකාරී ය. ප්‍රචණ්ඩත්වයෙන් ලබා ගත හැකි කිසිවක් නැත. එයින් සිදු වන්නේ සියල්ල අහිමි වීමයි"

"ප්‍රචණ්ඩත්වය සෑම විටම  ස්වයං-විනාශකාරී ය. ප්‍රචණ්ඩත්වයෙන් ලබා ගත හැකි කිසිවක් නැත. එයින් සිදු වන්නේ සියල්ල අහිමි වීමයි" යි එතුමා කීවේ ය. 

"උණුසුම සහ කෝප හැඟීම් සංසිඳුවා, ජාතික සමගි සන්ධානය ප්‍රවර්ධනය කොට, ඇමෙරිකානු සමාජයේ මුල් බැසගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම සඳහා ඉහලම වගකීමෙන් ක්‍රියා කරන ලෙස රජයේ සියලුම බලධාරීන් ගෙන් ද සමස්ත ඇමෙරිකානු ජනතාවගෙන් ද මම ඉල්ලා සිටිමි," යි එතුමා ඉල්ලා සිටියේ ය. 

"රටේ ජීවත් වන සියලු ජනතාව ඇතුලත් කර ගනිමින්,  එකට එක්ව පොදු යහපත ගොඩ නැගීම උදෙසා, රට තුළ මුණගැසීමේ සංස්කෘතියත්, රැකබලා ගැනීමේ සංස්කෘතියත්  සජීවීව තබා  ගැනීමට සියල්ලනට හැකිවනු සඳහා ඇමෙරිකාවේ ආරක්ෂක සාන්තුවරිය වන නිර්මල කන්‍යා මරිය තුමියගේ මැදිහත්වීම වෙනුවෙන් යාච්ඥා කරන" බව ද සුදොතුම් පියතුමා කීවේය.  

"මම පුදුම වුණා" 

මීට කලින් ඉතාලියේ Canal 5 රුපවාහිනී නාලිකාව විසින් කෙරුණු සම්මුඛ සාකච්ඡාවක දී නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ද සුදොතුම් පියතුමා කැපිටල් ගොඩනගිල්ලට  එල්ල කෙරුණු මැර ප්‍රහාරය ගැන කතා කර තිබිණි. 

"ඇමෙරිකාව ඉතා විනය ගරුක රටක් නිසා මේ සිද්ධිය දැකීමෙන් මා පුදුමයට පත් වුණා" යි එතුමා එහිදී කියා සතියේ ය. 

"එහෙත් ඉතා පරිනත සමාජ වල පවා ප්‍රචණ්ඩකාරී සුළුතරයක් ජීවත් වන බව සත්‍යයක්. මේ ප්‍රචණ්ඩකාරී සුළුතරය ජන සමාජයට විරුද්ධව, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව, පොදු යහපතට එරෙහිව ප්‍රචන්ඩ මාර්ග වලට පිවිසෙනවා"

"ඉතා පරිනත සමාජ වල පවා ප්‍රචණ්ඩකාරී සුළුතරයක් ජීවත් වන බව සත්‍යයක්. මේ ප්‍රචණ්ඩකාරී සුළුතරය ජන සමාජයට විරුද්ධව, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව, පොදු යහපතට එරෙහිව ප්‍රචන්ඩ මාර්ග වලට පිවිසෙනවා"

"එහෙත්, දෙවියන් වහන්සේට ස්තුති වේවා! එය පුපුරා ගියා. ජනතාවට එය හොඳින් දැක ගන්නට පුළුවන් වුනා. මේ නිසා දැන් ඊට ප්‍රතිකර්ම යොදන්නට පුළුවන්" යි ප්‍රශ්නවල පිළිතුරු දෙමින් එතුමා කියා සිටියේ ය.  

"තමන්ට කිසි දාක ප්‍රචණ්ඩකාරී සිද්ධියක් නොතිබූ බවට කිසිම රටකට පුරසාරම්  දොඩන්න බැහැ. ඒවා සිදුවෙනවා. එය යළි ඇති නොවීම සඳහා අප එය තේරුම් ගත යුතු යි. ඉතිහාසයෙන් ඉගෙන ගන්න, එහෙම නේද?" එතුමා ප්‍රශ්න කලේ ය. 




  

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය