"ජේසු සමිඳුන්ට සවන් දීම, උන්වහන්සේ ගැන භාවනා කිරීම, මිතුරකු ලෙස උන්වහන්සේ සමග කතා කිරීම: යාච්ඥාවේ ජීවිතයක් ඇති කර ගනිමු - සුදොතුම් පියතුමන් ගේ දෙසැම්බර මාසයේ යැදුම් අදහස

"Listening to Jesus, contemplating Jesus, speaking with Him as with a friend: we pray for a life of prayer" -  Pope's December prayer intention


(2020 දෙසැම්බර 03)

"යාච්ඥාවේ ජීවිතයක් තුළින් ජේසු සමිඳුන් සමග පෞද්ගලික සහ ගැඹුරු සම්බන්ධතාවක් පවත්වාගත හැකි ය. ඒ මගින් අපට යථාව වෙනස් කල හැකිය; අපගේ හදවත් වෙනසක් ඇති කරගත හැකිය. ජේසු සමිඳුන්ට සවන් දීම, උන්වහන්සේ භාවනා කිරීම, යහළුවකු සමග කතා කරන්නා සේ උන්වහන්සේ සමග කතා කිරීම: යාච්ඥාව යනු එයයි. එය අපගේ ජීවිත පරිවර්තනය කරයි. පියාණන්ට ලං විය හැකි මාර්ගය එය යි. අපි යාච්ඥාවේ ජීවිතයක් ඇති කර ගනිමු."

"ජේසු සමිඳුන්ට සවන් දීම, උන්වහන්සේ භාවනා කිරීම, යහළුවකු සමග කතා කරන්නා සේ උන්වහන්සේ සමග කතා කිරීම: යාච්ඥාව යනු එයයි. එය අපගේ ජීවිත පරිවර්තනය කරයි. පියාණන්ට ලං විය හැකි මාර්ගය එය යි. අපි යාච්ඥාවේ ජීවිතයක් ඇති කර ගනිමු."

දෙසැම්බර මාසය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ යැදුම් අදහස එය ය. 

වතිකාන සුළඟ පාඨකයන් දැන් දන්නා ආකාරයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  සෑම මාසයකම යැදුම් අදහසක් ප්‍රකාශයට පත් කරයි. එම අදහස වෙනුවෙන් මාසය පුරාම තමන් සමග යදින ලෙස ලොව පුරා කතෝලික ජනතාවට  එතුමා ආරාධනා කරයි. 

සුදොතුම් පියතුමන්  ගේ යැදුම් අදහස ඇතුළත් වීඩියෝවක් ද නිකුත් කරනු ලැබේ. "සසුන් පිය වීඩියෝව" නමැති එම යැදුම් අදහස්  වීඩියෝව නිකුත් කරනු ලබන්නේ එතුමන් ගේ යැදුම් ව්‍යාපාරය සංවිධාන කරන "යාච්ඥාවේ අපෝස්තලිකත්වයේ ලෝක ව්‍යාප්ත සසුන් පිය යැදුම් ජාලය" විසිනි. 

ලෝක ව්‍යාප්ත සසුන් පිය යැදුම් ජාලය ඉකුත් දා දෙසම්බර මාසය සඳහා සසුන් පිය  වීඩියෝව නිකුත් කළේය. එතුමන් ගේ මේ මාසයේ යැදුම් අදහස එතුමන් ගේ හඬින් ම සහ අර්ථාන්විත රූප රාමු ද සහිතව එහි ඇතුළත් වේ. 

යාච්ඥාව නොමැතිව ....වෑයම් ඵල නොදරයි 

"අපටබොහෝ  දේ කළ හැකියි. එහෙත් යැදුමෙන් තොරව එය ඵල නොදරයි" යි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය සසුන් පිය වීඩියෝ පණිවිඩයේ කියා සිටියි. යාච්ඥාව හුදෙක් අවකාශයකට හෝ ඇතුළාන්ත සමාධිගත වීමකට සුළු කල නොහැකි බව එතුමා පෙන්වා දෙයි.  "යාච්ඥාකිරීම මගින් අපි යථාව වෙනස් කරමු; අපි අපේ හදවත් වෙනස් කරමු," යි එතුමා ජනතාව ගේ හදවතට ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශ කරයි. 

"ක්‍රිස්තුන් වහන්සේ සිය පියාණන් සමග ළෙන්ගතු සංවාදය කිසි දා අතපසු කළේ නැත."

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ප්‍රසිද්ධ ජීවිතය තුළ දී නිතරම යාච්ඥාවේ බලය ප්‍රයෝජනයට ගත් බව සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. උන්වහන්සේ වෙහෙසකර දවසකට පසුව හුදෙකලා ස්ථානයක තනි වී යාච්ඥා කල ආකාරය සුපුවත් පෙන්වා දෙයි. "මේවා  එම යැදුම් බව සංවාද ගැන සිතින් මවා ගන්නට අපට ආධාර කරන සන්සුන් සහ විචක්ෂණශීලී නිරීක්ෂණ වේ. ...ක්‍රිස්තුන් වහන්සේ සිය පියාණන් සමග ළෙන්ගතු සංවාදය කිසි දා අතපසු කළේ නැත." යි එතුමා සඳහන් කරයි.  

"ජේසු සමිඳුන්ට සවන් දීම, උන්වහන්සේ භාවනා කිරීම, යහළුවකු සමග කතා කරන්නා සේ උන්වහන්සේ සමග කතා කිරීම: යාච්ඥාව යනු එයය" යයි යැදුමට විවරණයක් දෙන සුදොතුම් පියතුමා අප  ගැඹුරු යාච්ඥාවේ මිනිසුන් කරන ලෙස මේ මාසය තුළ තමා සමග යදින්නැයි කතෝලික ජනතාවට ආරාධනා කරයි. 

රූපාවලිය 

2020 වසරේ අතිශයින් චිත්ත වේගී අවස්ථා කිහිපයක් සසුන් පිය වීඩියෝවේ රූප පෙළට ඇතුළත් කර තිබේ. 

වසංගතය නිසා ජනතාවගෙන් හිස් වූ ශාන්ත පීතර චතුරශ්‍රය ඉදිරිපිට සුදොතුම් පියතුමා යාච්ඥා මෙහෙයක් පැවැත්වූ අවස්ථාව, රෝමයේ ප්‍රාතිහාර්යාත්මක සිරි කුරුස ප්‍රතිමාවේ වන්දනා ගමන සහ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝම ජනතාවගේ ආරක්ෂක මුනිවරිය වන මරිය මෑණියන් ගේ බයිසන්තියාන සිතුවම ඉදිරියේ යාච්ඥා කිරීම යන අවස්ථා ඊට ඇතුළත් වේ. 

එම රූප පෙළ අවසන් වන්නේ ලෝක ව්‍යාප්ත සසුන් පිය යැදුම් ජාලයේ 175 වන සංවත්සරය වෙනුවෙන් වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ පවත්වන ලද සුදොතුම් පිය හමුවේ දර්ශනයකිනි. එම යැදුම් ජාලයේ සාමාජික සාමාජිකාවෝ 5000ක් එම අවස්ථාවට එක්  වී සිටියහ. එහි දී සුදොතුම් පියතුමා "සෑම කෙනෙකු ම, නිශ්ශබ්දව, හෘදයංගමව යදිමු" යයි එම 5000 දෙනා අතිශය නිශ්ශබ්ද  යැදුම් මොහොතකට යොමු කල අවස්ථාව රුපාවලියේ අවසන් රූප රාමුව ය. 

දෙසැම්බර මාසයේ සසුන් පිය යැදුම් අදහස සම්පූර්ණයෙන්  මෙසේ ය: 

"සභාවේ දූත මෙහෙවරේ හදවත යාච්ඥාව යි. 

යාච්ඥාව පියාණන් සමග සංවාදයට ඇතුළු වීමට අපට හැකියාව ලබා දෙන යතුරයි.

අප සුබ අස්නේ කෙටි ඡේදයක් කියවන සෑම විට ම ජේසු සමිඳුන් අපට කතා කරනු අපට ඇසේ. 

අපි ජේසු සමිඳුන් සමග කතා බහ කරමු; 

අපි උන්වහන්සේට සවන් දෙමින් උන්වහන්සේට පිළිතුරු දෙමු.

යාච්ඥාව යනු එයයි. 


යාච්ඥා කිරීම මගින් අපි යථාව වෙනස් කරමු; 

එසේ ම අපි අපි අපගේ හදවත් වෙනස් කරමු. 

අප යාච්ඥා කරන විට අපගේ හදවත් වෙනස් වේ. 

අපට බොහෝ දේ කළ හැකි නමුත් යාච්ඥාවෙන් තොරව ඒවා ඵල දරන්නේ නැත. 

දේව වචනයේ  සහ යාච්ඥාවේ ජීවිතයක් තුළින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමග අපගේ පෞද්ගලික ජීවිතය පෝෂණය වේවා යි අපි යාච්ඥා කරමු. 

නිශ්ශබ්දව, සෑම කෙනෙකු ම, එකිනෙකා හෘදයංගමව යැදුම් ගත වෙමු. "

යැදුම සහ සභාවේ දූත මෙහෙවර 

සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලයේ 175 වැනි සංවත්සර සැමරූ දිනයේ වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ පවත්වන ලද යැදුම් එකතුව මෙහෙයවන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ව්සිනි. එදා එහි රැස්ව සිටි 5000ක් සාමාජික සාමාජිකාවන් දීර්ඝ කාලයක් එතුමන් විසින් නිශ්ශබ්ද ගැඹුරු ධ්‍යානයකට යොමු  කරන ලද බව එම යැදුම් ජාලයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂ ජේසු නිකායික ෆ්රෙදෙරික් ෆොර්නොස් පියතුමා කියා සිටියේ ය. 

"යාච්ඥාවත් සහාවේ දූත මෙහෙවරත් ස්ථිර ලෙස බැඳී පවතියි. සභා දූත මෙහෙවර ලෝකයේ අභියෝග හමුවේ සේවය කිරීම ය. යාච්ඥාවෙන් තොරව පට එය කල නොහැකියි" යි එතුමා අවධාරණය කෙළේ ය. 



 

 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය