කෝවිඩ් 19 සංකුලතා හේතුවෙන් බංග්ලාදේශ අගරදගුරු හිමි ස්වර්ගස්ථ වෙයි

Bangladesh Archbishop passes away due to Covid-19 complications 

ස්වර්ගස්ථ වූ මෝසස් කොස්තා අගරදගරු හිමි සිය බැටළුවන් සොයා ගිය මොහොතක් 

(2020 ජූලි 14)
කොවිඩ්-19 ආසාදනයේ සංකුලතා හේතුවෙන් සිය අගරදගුරු හිමි නමක් සවර්ගස්ථ වීම නිසා බංගලි දේශයේ කතෝලිකයෝ මහත් සංවේගයට පත් වී සිටිති.

මෙසේ ස්වර්ගස්ථ වූයේ එරට චිතගොං පදවියේ අගරදගුරු අති උතුම් මෝසස් කොස්තා හිමිපාණෝ ය. එතුමා 69 වන වියේ පසුවිය.

සිරි කුරුස නිකායට අයත් පුදැදුරු වරයකු වූ මෝසස් කොස්තා අගදරගුරු හිමියන් කෝවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූයේ ඉකුත් ජුනි මාසයේ ය. එම රෝග ලක්ෂණ සංකීර්ණ වී හුස්ම ගැනීමේ අපහසුතා වර්ධනය වීම නිසා ජුනි 13 වැනිදා චිතගොං සිට එතුමා ධකා නුවරට රැගෙන එන ලද අතර එහි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී.

ජුනි 22 දා වන විට එතුමා ගේ තත්වය කැපී පෙනෙන ලෙස සුව අතට හැරිණි. ඉන් පසු කරන ලද පරීක්ෂණයේ දී එතුමාගේ සිරුරේ කෝවිඩ්-19 වෛරස නොමැති බව ද  තහවුරු විය. කෙසේ නමුදු වැඩිදුර ප්‍රතිකාර සඳහා එතුමා තව දුරටත් රෝහලේ රඳවා ගන්නා ලදී.

කෙසේ  නමුත් මෝසස් කොස්තා අගරදගුරු හිමියන් ගේ තවත්වය ජූලි 8 වැනිදා යළිත් අයහපත් අතට හැරිණි. කෝවිඩ් ආසාදනයේ  ප්‍රතිඵලයක් ලෙස මොළයේ ඇති වූ ලේ ගැලීම් කිහිපයක් හේතුවෙන් අඝාත කිහිපයක් ම එතුමාට  ඇති විය. මේ නිසා එතුමා යළිත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබිණි.

පොඩි මිනිසුන් වෙනුවෙන් කැපවීම 

සිරි කුරුස නිකායිකයකු වූ මෝසස් කොස්තා අගරදගුරු තුමා රෝමයේ සාන්ත තෝමස් අක්වයිනස් විශ්ව විද්‍යාලයෙන් දහම් සේවා දේවධර්මය සහ ආධ්‍යාත්මිකත්වය පිලිබඳ පශ්චාත් උපාධි ද ග්‍රෙගෝරියානු විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව සහ උපදේශනය පිලිබඳ උපාධියක් ද ලබා සිටියේ ය.

එහෙත් එතුමා බංගලි දේශයේ පවතින දුප්පත් සමාජ ආර්ථික පරිසරය තුළ ජනතාව සමග නිතරම මුසු වී සිටියේ ය. ඈත පිටිසර ප්‍රදේශවල කුඩා දෙව්මැදුරු සහ කන්‍යාරාම පිහිටු වූ එතුමා සභා සේවාව දුප්පත් ජනතාවට සමීප කිරීට  .එසේම දුප්පතුන් සහ කුලහීන ජනතාව වෙනුවෙන් ද එතුමා කැප වූ සේවාවක් ඉටු කල බව බංගලිදේශ ආරංචි මාර්ග පවසයි.

බොහෝ අභියෝග වලට මුහුණ දී සිටින බංගලි දේශය දුප්පත් රටක් වූවත් කෝවිඩ් මරණ සඟවන්නේ නැත. කෝවිඩ් මරණ  වෙනත් රෝගයක් තුළ සැඟවීමෙන් එම වෛරස පැතිරීම තවත් තීව්ර වන බව ඔවුන් දන්නා බැවිනි. 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය