"හද තෘප්තිමත් කරන්නේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ පමණයි" - දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය දින ධර්ම දේශනය

"Only the Eucharist satisfies hearts" - Pope says at the Feast of the Corpus Christi


(2018 ජුනි 5)
ප්‍රේමය සඳහා පවතින හදගින්න නිවා තෘප්තිමත් කිරීමට හැකියාව ඇත්තේ  ජීවනයේ ආහාරය වන ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයට හා  ශ්‍රී රුධිරයට  පමණක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. මෙය විශ්වීය අත්දැකීමක් බව එතුමා පෙන්වා දෙයි.

ජීවිතයේ දී අපි නිරන්තරයෙන් පෝෂණය විය යුතු වෙමු. එලෙස පෝෂණය විය යුත්තේ ආහාරයෙන් පමණක් නොවේ. සැලසුම්වලින් සහ සෙනෙහසින් ද , බලාපොරොත්තු සහ අපේක්ෂාවලින් ද අප පෝෂණය ලැබිය යුතුය.අපි ආදරය ලැබීමට හාමතින්  සිටිමු.  ...ඉතා ප්‍රසන්න සුබ පැතුම් හෝ ඉතා විශිෂ්ට තිළිණ හෝ අප තෘප්තිමත් කිරීමට ප්‍රමාණවත් නොවේ. ඒවා අප සම්පූර්ණයෙන් තෘප්තිමත් කරන්නේ නැත."

"දිව්‍ය සත්ප්‍රසාදය රොටී බඳු සරල ආහාරයකි. එහෙත් සම්පූර්ණයෙන් තෘප්තිමත් කරන එකම ආහාරය එයයි. අපි එහි සැබවින්ම ජේසු සමිඳුන් මුණගැසෙමු; උන්වහන්සේ ගේ ජීවිතය  බෙදාගනිමු;  උන්වහහන්සේගේ  ආදරය ස්පර්ශ කරමු."

"අපි මේ ජීවනයේ ආහාරය තෝරා  ගනිමු. දිව්‍ය පූජාව අපගේ ප්‍රධාන ප්‍රමුඛත්වය කර ගනිමු. අපගේ කිතුනු සමාජ  තුළ දිව්‍ය සත්ප්‍රසාද වන්දනාවට යළි ප්‍රමුඛස්ථානය දෙමු. දෙවියන් වහන්සේ වෙනුවෙන් හාමත් වන්නට අවශ්‍ය වරප්‍රසාදය ඉල්ලා යාච්ඥා කරමු."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජුනි 3 වන ඉරිදා  මෙම අනුශාසනය කලේ ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරයේ මංගල්‍ය (දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය) දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පවත්වමිනි. සම්ප්‍රදායෙන් ඉවත්ව යමින් මෙවර මෙම මංගල්‍යය පවත්වන ලද්දේ රෝමයට තදාසන්න ඔස්තියාවේ සාන්ත මොනිකා මීසමේදීය. 1978 සිට පාප් වහන්සේ සහභාගී වූ මෙම මංගල්‍යය පවත්වන ලද්දේ රෝමයේ ශා. ජෝන් ජෝන් ලැතෙරන් අග්‍ර බැසිලිකා දෙව් මැදුරේදීය. ඔස්තියා දෙව්මැදුරේ දී අවසන් වරට සත්ප්‍රසාද මංගල්‍යයක් පවත්වන ලද්දේ 1968 දී භා. සවැනි පාවුළු පාප් වහන්සේ විසිනි.

මෙම ධර්ම දේශනයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  පාදක කර ගත්තේ එදින සුබ අස්න වූ ජේසු සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජනය පිලිබඳ සුවිශේෂ පාඨයයි. මෙම පාඨයේ කිහිප තැනෙකම "සූදානම් කරන්න" යන යන්න කියවෙන බව එතුමා පෙන්වා දුන්නේය. නිදසුනක් ලෙස තමන් පාස්කු භෝජනය "සූදානම් කරන්නේ" කොතැනකදැයි ශ්‍රාවකයෝ උන්වහන්සේ ගෙන් විමසූහ." මම ඔබට ස්ථානයක් 'සූදානම් කිරීම' සඳහා යමියි" ඉන්පසු උන්වහන්සේ ඔවුනට පවසති.

ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයනට පැවැසූ මේ වදන් අප සඳහා ද වන බව සුදොතුම් පියතුමා කීවේය.
"දිව්‍ය සත්ප්‍රසාදය මගින් ජේසු සමිඳාණෝ මිහිමත අපට ස්ථානයක් පිළියෙළ කරති. මන්ද දිව්‍ය සත්ප්‍රසාදය සභාවේ හර්ද ස්ඵන්දනය නිසාය. එය සභාවට ජීවයත් පුනර්ජීවයත් ලබා දෙයි. එය සභාව එකට එක්කර ශක්තිමත් කරයි. එසේම දිව්‍ය සත්ප්‍රසාදය අපට ස්වර්ගයේ, එනම් සදාතනයේ ස්ථානයක් සූදානම් කරයි. මන්ද එය ස්වර්ගයේ ආහාරය නිසාය."

දිව්‍ය සත්ප්‍රසාදය දේව ජනතාව වෙනුවෙන් ස්වර්ගයේ පවතින බලා සිටින දෙවියන් වහන්සේ ගේ පූර්ණ පොරොන්දුව බව සුදොතුම් පියතුමා කීවේය. "දිව්‍ය සත්ප්‍රසාදය ස්වර්ගීය භෝජනය වෙනුවෙන් වූ අපගේ ආසන වෙන්කිරීමය. එය සදාතනික ජීවිතය හා ප්‍රීතිය වෙත අප යන ගමනේ අපගේ ආහාරය වන ජේසු සමිඳාණන් මය."

ජේසු සමිඳාණන් දිව්‍ය සත්ප්‍රසාදය මගින් ලෝකය ප්‍රේමයෙන් ස්පර්ශ කරන ආකාරය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය. අපද ඒ අනුව දිව්‍ය සත්ප්‍රසාදය මෙන්  'කැඩී'  මිනිස් ජීවිත ස්පර්ශ කල යුතු බව එතුම,ආ පෙන්වා දුන්නේය.

"ප්‍රේමයේ ස්පර්ශය නොලද,  අපේක්ෂාවේ ස්පර්ශය නොලද තැනැත්තන් සඳහා ස්ථානයක් සූදානම් කරන ලෙස දිව්‍ය  සත්ප්‍රසාදය මගින්  ජේසු සමිඳුන් ලබා ගන්නා අයගෙන් උන්වහන්සේ ඉල්ලලා සිටිති. තනිවුනු, ප්‍රශ්නවලට මැදිවුණු, අවශ්‍යතාවලින්  පෙලෙන අය ගැන අපි හැමෝම දන්නෙමු. ඔව්හු අත්හැරදමන ලද දිව්‍ය සත්ප්‍රසාද මංජුසාය. දිව්‍ය  සත්ප්‍රසාදය තුළ ජේසු සමිඳුන් ලබා ගන්නා කිතුනුවන් අපගේ සහෝදර සහෝදරියන් වන ඔවුන් වෙනුවෙන් ස්ථානයක් හා ආහාර වේලක් සූදානම් කල යුතුය."

"ජේසු සමිඳාණන් යනු අප වෙනුවෙන් කැඩුණු පූපයයි. මේ නිසා අපවද සෙසු ය වෙනුවෙන් පිරිනමන්නැයි උන්වහන්සේ අපෙන් ඉල්ලලා සිටිති" යි එතුමා වැඩිදුරටත් කියා සිටියේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය