"බයිසිකල් රදගුරු" තුමා මිලානෝවේ අගරදගුරු ලෙස පත් කෙරේ

"Bicycle Bishop" appointed as the Archbishop of Milan

සුදොතුම් පියතුමා රදගුරු අභිෂේක මෙහෙයක

(2017 ජූලි 20)
ඉතාලියේ මිලානෝ අගරදගුරු පදවිය ගෞරවයට ලක්ව තිබුනේ  සුදොතුම් පියවරුන් පත්වන පදවියක් ලෙසය.

එම පදවියේ අගරදගුරු  ඇන්ජෙලෝ ස්කෝලා කාදිනල් හිමි රදගුරු හිමිවරුන් ගේ විශ්‍රාම වයස වන අවුරුදු 75 සැපිරීම නිසා ඉකුත් දා විශ්‍රාම ගියේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් මෙම ලොව ප්‍රචලිත පදවියේ නව අගරදගුරු තුමන් පත් කරනු ලැබ සිටින්නේ එම පදවියේ සහායක රදගුරුතුමන් හා අනුනායක තුමන් ලෙස ලෙස සේවය කල අති උතුම් මාරියෝ දෙල්පිනි රදගුරු තුමන් ය. එතුමා මහන්සි වී වැඩකරන, නිහතමානි එහෙත් ශක්තිමත් හා ධෛර්යවන්ත එඬේරෙකු ලෙස ජනතාව ගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටින බව මිලාන් ආරංචි මාර්ග කියයි.

දෙල්පිනි අගරදගුරු තුමා සාහිත්‍යය, දේවධර්මවේදය  සහ දේවධර්ම විද්‍යාව යන විෂයයන් වලින් උපාධි ලබා සිටියි. ඊටත් වඩා එතුමා ප්‍රචලිතව සිටින්නේ පූජකවරුන් ගේ හැසිරීම සහ  ආචාර සමාචාර විධි ගැන කෘතියක් පළ කිරීම සම්බන්ධයෙනි. "පූජක වරුන් තුළ තමන් පිලිබඳව ඇති    'පූජනීය සංකීර්ණය' නිසා හටගන්නා පූජකාධිපති වාදයේ මළ බරින් ඔවුන් නිදහස් කිරීම" මෙම කෘතියේ අරමුණ වූ බව එතුමා ප්‍රකාශ කර තිබේ. 1998 දීපළ කෙරුණු මෙම පොතේ  ග්‍රන්ථ නාමය "පූජක තුමනි, ඔබේ චාරිත්‍ර විධි කොහේද ?" යන්නයි. මිලානෝ කුඩා දෙව්සත්හලේ සහ ප්‍රධාන දෙව්සත්හල් වල  අධිනේතෘ ලෙස ද එතුමා  කටයුතු කර තිබේ.

මේ සියල්ලට වඩා කැපී පෙනෙන්නේ පුජක තුමකු ලෙස පමණක් නොව පදවියේ සහයක රදගුරු තුමා ලෙසද එතුමා විසින් සිය රථය ලෙස "පුෂ් සයිකලය" හෙවත් බයිසිකලය යොදා ගැනීමයි. රදගුරු තුමකු වීමෙන් පසුවත් දෙල්පිනි රදගුරු තුමා නගරය වටා  සිය අවශ්‍යතා සඳහා ගියේ පාපැදියෙනි. මේ නිසා "බයිසිකල් බිෂොප් තුමා"  ('bicycle bishop')  යන ලබැඳි විරුදයෙන් එතුමා හඳුන්වන්නට මිලානෝ වැසියෝ පුරුදු වී සිටිති. එතුමා ජීවත් වන්නේ පූජකවරුන් ගේ ආවාසයක ඇති කුඩා එපාට්මන්ට් නිවසකය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය