දරුණු නියඟය නිසා වතිකානයේ දිය පොකුණුත් 'වියලී' යයි

 Vatican's cascading fountains 'go dry' as the City State takes steps to face the drought 

වියැළුණූ පොකුණු

(2017 ජූලි 30)
දශක ගණනාවකට පසුව වතිකානයත්  දරුණුම  නියඟයකට මුහුණ දී සිටියි. මේ හේතුවෙන් වතිකාන පුර රාජ්‍යයට ලැබෙන සීමිත ජලය සංරක්ෂණය කර ගැනීමේ අරමුණින් වතිකාන පුරවරය සුන්දර කරන 100කට ආසන්න දිය පොකුණු (fountains ) වසා දැමීමට වතිකාන ආණ්ඩු කාර්යාලය පියවර ගෙන තිබේ.

දැනට පවතින දැඩි නියඟය නිසා ජලය ආරක්ෂා කර ගැනීමේ පියවර ගැනීමට නගර රාජ්‍යයට සිදු වී ඇතැයි ඉකුත් 25 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් වතිකාන ආණ්ඩු කාර්යාලය කියා සිටියේ ය. මේ අනුව සාන්ත පීතර චතුරශ්‍රය, වතිකාන උද්‍යාන ඇතුළු සිය දේශ සීමාව ඇතුළත පවතින සියලු පොකුණු අක්‍රීය කිරීමට පියවර ගත බව එම කාර්යාලය නිවේදනය කලේය.

"මෙම තීරණය ගන්නා ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ඉගැන්වීම් වලට අනුකූලවයි" යයි එම නිවේදනයේ සඳහන් වේ. " ' ජලය, මානව ජීවිතයටත් භෞමික සහ ජලජ පරිසර පද්ධතිවල පැවැත්මටත් අත්‍යවශ්‍යම සාධකයක් බව එතුමන් ගේ 'වේ ප්‍රශංසා' පරිසර විශ්ව ලේඛනයේ සඳහන් වේ. පානීය ජලය අතිශය වැදගත්කමින් යුත් දෙයක් වුවද ජලය නාස්ති කිරීම සහ අපතේ යැවීමේ පුරුද්ද අනපේක්ෂිත ඉහල මට්ටමකට පැමිණ ඇති බවද එතුමා පෙන්වා දෙයි" යයි එම නිවේදනය සිහිපත් කරයි.

වතිකාන රාජ්‍යයට ප්‍රධාන වශයෙන්ම ජලය සැපයෙන්නේ රෝමයට සැතැපුම්  19ක් පමණ උතුරින් පිහිටි ලසියෝ කලාපයේ ඇති බ්‍රැචියානෝ විලේ සිටයි. එහෙත් පසුගිය වසර දෙක තුළ කලාපයේ වර්ෂාපතනය අඩු වීම නිසා විලේ ජල මට්ටම කැපී පෙනෙන ලෙස අඩු වී තිබේ.

මීට කලින් ඉතාලියේ අගනුවර වන රෝමයේ ජනතාවගේ  පානීය අවශ්‍යතා සඳහා ඉදි කර ඇති  ජල පොකුණු සියල්ල වසා දැමීමට රෝම නගරය පියවර ගත්තේ ය. නියං තත්වය නිසා පහළොස් ලක්ෂයක් පමණ වන රෝම නගර වැසියනට සලාක ක්‍රමයට ලබා දීමට සිදුවනු ඇති බවට ඔවුන් අනතුරු අඟවා තිබේ. කෙසේ නමුත් රෝමය සුන්දර කරන දිය පොකුණු තවමත් ක්‍රියාත්මක වේ. ඒවා ද ඉදිරි දිනවල "වියලීමට සලස්වනු" ඇතැයි අපේක්ෂා කෙරේ.

වන්දනාකරුවන් සහ සංචාරකයන් මෝහනය කරමින් හා ශාන්ත පීතර චතුරශ්‍රය සුන්දර කරමින් ඇදහැළුණු මෙම පොකුණු ඉදි කරන ලද්දේ  17 වන සියවසේදී ය. මෙම පොකුණු වලින් 10% ක් පමණ ජලය ප්‍රති-සංසරණය කරයි. (එනම් ඊට ලැබෙන ජලය කානු පද්ධතියට මුදා නොහැර චක්‍රීය ක්‍රමයට භාවිත කරයි.) සෙසු පොකුණු වල ජල සංසරණය ද ඉදිරියේ දී එම තත්වයට රැගෙන එන බව වතිකාන ප්‍රකාශක ග්‍රෙග් බර්ක් පවසයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය