ස්වර්ගස්ථ පාප්තුමා "කරුණාවන්ත, මහාත්ම ගුණයෙන් යුතු මිනිසෙක්" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පූර්ව ගාමියා ගේ ගුණ සමරයි (වීඩියෝ )

Benedict XVI' was "kind and noble; a witness of faith." - Pope Francis pays tribute to his predecessor 



(2022 දෙසැම්බර් 31)

ස්වර්ගස්ථ වූ විශ්‍රාමික බෙනඩික් පාප් වහන්සේ "කරුණාවන්ත සහ උතුම් මහාත්ම ගුණයෙන් යුත් තැනැත්තෙකු" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. 

දෙසැම්බර් 31 වැනිදා උදෑසන සදාතන ජීවිතය සඳහා නික්ම ගිය සිය පූර්වගාමියා ගැන ප්‍රශංසා කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ දෙසැම්බර 31 වැනි දින සන්ධ්‍යාවේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ පවත්වනු ලබන වසර අග සාම්ප්‍රදායික සන්ධ්‍යා මෙහෙයේ ධර්ම දේශනය පවත්වමිනි. වසර දෙකක වසංගත දීම වලින් පසුව පැවැත්වුණු මේ මෙහෙයට විශාල බැතිමතුන් පිරිසක් පැමිණ සිටියහ. 

"මහත් චිත්තවේගයෙන් යුතුව අපි එතුමන් ගේ පුද්ගලභාවය සිහිපත් කරමු: එතුමා ඉතා කරුණාවන්ත අති උත්තම සහ මහාත්ම ගුණයෙන් යුත් තැනැත්තෙකි," යි සිය පූර්වගාමියා ගේ ගුණ සිහිපත් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. 

"මේ නිසා අපේ හදවත් අති මහත් කෘතවේදී බවින් පිරී යයි: එතුමන් ශුද්ධ වූ සභාවටත් ලෝකයටත් දානය කිරීම ගැන දෙවියන් වහන්සේට අපි ස්තුති කරමු; එතුමන් විදින් කරන ලද සියලු යහපත වෙනුවෙන් අපි එතුමන්ට කෘතවේදී වෙමු; සියල්ලට වඩා විශ්වාසය සහ  යාච්ඥාව තුළ එතුමන් කළ සාක්ෂි දැරීම සම්බන්ධයෙන්  - විශ්ෂයෙන් මේ විශ්‍රාමික ජීවිතයේ අවසන් සමය තුළ එතුමන් ගේ යාච්ඥාශීලි සාක්ෂි දැරීම සමබන්ධයෙන් -එතුමන්ට අපි කෘතවේදී වෙමු."

"සභාවේ යහපත වෙනුවෙන් වූ තුමන් ගේ මැදිහත් වීමේ අගය සහ බලයත්  එතුමන් ඔප්පු කල පරිත්‍යාග වල  බලයත් ගැන දන්නේ දෙවියන් වහන්සේ පමණකි," යි ස්වර්ගස්ථ වූ බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ ගේ ගුණ සමරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. 

සබැඳි පුවත: සුබ ගමන් බෙනඩික් සසුන් පියාණෙනි: වියත්, ධර්මධර, විනයධර සසුන් එඬේරා ගේ නික්ම යාම 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය