"ජුවාම් පාවුළු පාප්තුමා ඇත්තෙන් ම විශිෂ්ඨයෙක්" අලුතෙන් ම නිකුත් වන පොතක ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි: විවාහක පූජකවරුන්, ලිංගිකත්ව න්‍යාය වැනි 'දැවෙන ප්‍රශ්න' ගැනත් කතා කරයි

‘He was a great,’ Pope Francis says of St. John Paul II in the new book; Speaks about topics including priesthood and gender identity 


(2020 පෙබරවාරි 8)
ඉතා විශිෂ්ඨ විශ්වාසයත් ශුද්ධවන්ත භාවයත් පවතින්නේ ක්‍රිස්තුන් වහන්සේ තුළ පූර්ණ සම්බන්ධතාවයකින් ජීවත් වන තැනැත්තකුගේ ජීවිතයේ පියෙවි බව තුළ ය යන්න  ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ ලෝකයට උගන්වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.

"එතුමන් ගේ හැම ක්‍රියාවකම - එනම්, හිම මත ලිස්සා යාම හෝ යාච්ඥා කිරීම වේවා, ඇවිදීම හෝ දුක් විඳීම හෝ වේවා, ඒ සියල්ල තුළ - තමන් සාමාන්‍ය මනුෂ්‍යයකු ලෙස හඳුනා ගැනීමට එතුමා ජනතාවට ඉඩ දුන්නා. එතුමා ගේ සෑම ඉඟියක ම, සෑම වචනයක ම, එතුමා කළ සෑම තෝරා ගැනීමක ම වඩා ගැඹුරු වටිනාකමක් නිතර ම තිබුණා; ඒ මගින් එතුමා නොමැකෙන සටහනක් තැබුවා" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සඳහන් කරයි.

සුදොතුම් පියතුමා මේ අදහස් ප්‍රකාශ කරන්නේ අලුතින් ම නිකුත් වීමට නියමිත පොතක ය. පොත පදනම් වී ඇත්තේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් ගේ ජීවිතය  පිළිබඳව ය. "San Giovanni Paolo Magno" ( "ශාන්ත මහා ජුවාම් පාවුළු') යන්න පොතේ නමයි.

ඉතාලි ජාතික දේව ධර්මවේදියකු සහ ධර්ම විවේක දේශකයකු වන ලුයිජි මරිය එපිකොකෝ පියතුමා ප්‍රැන්සිස් පාප් වහන්සේ සමග කළ සංවාද සහ සාකච්ඡා ආශ්‍රයෙන් එම පියතුමා විසින් පොත සම්පාදනය කර තිබේ.

ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ 100 වැනි උපන් දිනය නිමිත්තෙන් (1920 මැයි 20 වැනි දා) මේ පොත නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

පොතෙන් වැඩි කොටසක් වෙන් කර ඇත්තේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් ගේ ජීවිත තොරතුරු වලට ය. ඒ අතර  එතුමන් ගේ ආධ්‍යාත්මිකත්වය, පෞරුෂත්වය, ජීවිත සිදුවීම් සහ ඉගැන්වීම් සම්බන්ධයෙන් එපිකොකෝ පියතුමා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමග කළ සම්මුඛ සාකච්ඡාවල දී ඉස්මතු වූ කරුණු සෑම පරිච්ඡේදයකට ම ඇතුළත් කොට තිබේ.

පුදැදුරුවරය 

සක්‍රමේන්තු පුදැදුරු වරයේ  (ministerial priesthood) අර්ථය සම්බන්ධයෙන් තමා දරන අදහස් සහ දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ ඉගැන්වීම් අතර "පූර්ණ එකඟත්වයක්" පවතින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම පොතේ ප්‍රකාශ කරයි.

රෝමානු කතෝලික සභාවේ පූජක වරුන්ට අනිවාර්ය වී ඇති පුදැදුරු බඹසර නීතිය පූජක හිඟයට පිළිතුරක් ලෙස සම්පූර්ණයෙන් ඉවත් කිරීම ගැන තමන් සලකා බලන්නේ දැයි එපිකොකෝ පියතුමා සුදොතුම් පියතුමාගෙන් ප්‍රශ්න කර තිබේ.

"පුදැදුරු බඹසර දෙවියන් වහන්සේ ගේ තිළිණයක්, දේව ප්‍රසාදයක් බව මා තරයේ අවබෝධ කරගෙන තිබෙනවා," යි ඊට පිළිතුරු දෙමින් එතුමා කීවේය. සවැනි පාවුළු, දෙවැනි ජුවාම් පාවුළු සහ සොළොස් වන බෙනඩික් පාප් වහන්සේ ලා ගේ පියවර අනුගමනය කරමින්, මා දැඩිව විශ්වාස කරනවා, පුදැදුරු බඹසර ලතින් කතෝලික සභාවට සුවිශේෂ වූ ඒකාන්ත දේව ප්‍රසාදයක් ලෙස පිළිගැනීමට අපට වගකීමක් තිබෙන බව මා යළිත් කියනවා: එය දේව ප්‍රසාදයක්" යි එතුමා සඳහන් කලේ ය. 

කාන්තාවනට පුදැදුරුවරය දානය කිරීම සම්බන්ධයෙන් දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් කළ ඉගැන්වීම ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ස්ථාවරය ද   එපිකොකෝ පියතුමා සාකච්ඡා කර තිබේ. ප්‍රැන්සිස් සුදොතුම් පෙන්වා දෙන්නේ මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ජුවාම් පාවුළු පාප්තුමන් ප්‍රකාශ කළ  තීරණය වෙනස් කළ නොහැක්කක් වන අතර අනෙක් අතින් සභාව තුළ කාන්තාවට ඇති වැදගත් කම ද පිටු දැකිය නොහැකි බව  ය. 

ජේසු සමිඳුන් සිය අපොස්තුළුවරුන් ලෙස පිරිමින් පමණක් තෝරා ගැනීම නිසා කාන්තාවනට පුදැදුරුවරය දානය කළ නොහැකි බවට  ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන්  අවධාරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ අදහස කුමක්ද යන්න එපිකොකෝ පියතුමා ගේ ප්‍රශ්නය යි.

"මේ ප්‍රශ්නය තවදුරටත් සාකච්ඡාවට විවෘත නැහැ. මන්ද, දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ තීරණය අවසන් සහ ස්ථිර තීන්දුවක් නිසා," යයි  සුදොතුම් පියතුමා පිළිතුරු දුන්නේ ය.

"එහෙත් නිතරම මේ ප්‍රශ්නයෙන් එළිදරව් වන්නේ සක්‍රමේන්තු පුදැදුරු වරය පිලිබඳ අනවබෝධයක්. එසේ ම එම ප්‍රශ්නය සභාව තුළ ජනතාව ගේ  කාර්යභාරය කෙරෙහි මිස  ඔවුන් ගේ වැදගත් කම පිළිබඳව නොවේ" යි එතුමා පෙන්වා දුන්නේ ය. "මරිය මෑණියන් සේ, අරුණෝදය  තවත් දුර නමුත් අරුණෝදය උදාවන බව විශ්වාස කරමින් රාත්‍රිය ඔස්සේ පියමං කිරීමට සභාවට උගන්වන්නේ කාන්තාවන්. බලාපොරොත්තුව වන ප්‍රේමය ගැන අපට ඉගැන්විය හැක්කේ කාන්තාවනට පමණයි" යි එතුමා අවධාරණය කළේය.

නපුර  Evil 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිතර ම නපුර සහ අයහපත ගැන කතා කරන බව  පෙන්වා දෙන එපිකොකෝ පියතුමා අද සමාජය තුළ එතුමන් දකින අයහපත කුමක් දැයි විස්තර කරන ලෙස ඉල්ලයි.

"එක අයපතක් තමයි 'ලිංගිකත්ව න්‍යාය'" (Gender theory) යි එතුමා එක පිළිතුරක කියා සිටියි. "එහෙත් මෙහිදී මා මෙතැනදී වහාම පැහැදිලි කලයුතු කරුණක්  තිබෙනවා. එනම්, මා මෙයින් අදහස් කරන්නේ සමරිසි නැමියාවක් තිබෙන ජනතාව ගැන නොවේ ය යන්න. එබඳු  අපගේ සහෝදර සහෝදරියන් පිළිගෙන, ඔවුන් කැටුව යමින් ඔවුනට එඬේරික සේවාව ලබා දීමට  කතෝලික සභාවේ ධර්මෝපදේශය අප කැඳවනවා," යි එතුමා විස්තර කරයි.

"අනෙක් අතින්, පිරිමින් සහ කාන්තාවන්, පුරුෂ සහ ස්ත්‍රී යන සියලු වෙනස් කම් මකා දැමීමේ අනතුරුදායක සංස්කෘතියක් ලිංගිකත්ව න්‍යාය සතුව තිබෙනවා. මේ න්‍යාය මගින් සිදු වන්නේ  මනුෂ්‍යයා පිළිබඳව දෙවියන් වහන්සේ ගේ මූලික ම සැලැස්ම සහ මුලින්ම  විනාශ කරනු ලැබීම යි. එම මුලිකම සැලැස්ම නම්, විවිධත්වය සහ වෙනස් කම යි. ලිංගිකත්ව  න්‍යාය මගින් සියල්ල සමජාතීය බවට, උදාසීන බවට පත්කරනවා. එය වෙනස් කමට හා විවිධත්වයට එරෙහි ප්‍රහාරයක්. එය දෙවියන් වහන්සේ ගේ නිර්මාණශීලීත්වයට සේ ම මිනිසාට සහ ගැහැණියට ද එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරයක්" යයි ද එතුමා අවධාරණය කළේය.







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය