සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් හේතුවෙන් සුදොතුම් පියතුමා ගේ හමුවීම් දෙවන දිනටත් අවලංගු කරයි

Holy Father sick for the second day; audiences cancelled.


(2020 පෙබරවාරි 28)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය නිල හමුවීම් සහ වැඩසටහන් අද දෙවන දිනටත් අවලංගු කළේය.

එතුමා සුපුරුදු පරිදි අද උදාසනත් සාන්තා මාර්තා ගෙදර පුංචි දෙව්මැදුරේ දිව්‍ය පූජාව ඔප්පු කළේය. පූජාව අවසන් කල එතුමා ඊට සහභාගී වූ පිරිසට ආචාර සමාචාර කර නික්ම ගියේය.

එතුමා අද දවසේ සිය පෞද්ගලික රැස්වීම් වෙනසකින් තොරව පවත්වන නමුත් නිල හමුවීම් අවලංගු කර ඇතැයි වතිකානය ප්‍රකාශ කළේය. ඊට හේතුව සුළු රෝගී තත්වයක් බව එම ප්‍රකාශයේ සඳහන් විය. එහෙත් එම රෝගී තත්වය කුමක් දැයි වතිකානය ප්‍රකාශ කළේ නැත.

අළු බදාදා දිව්‍ය පූජාව පවත්වද්දී මෙන් ම බදාදා පොදු හමුවේ දී ද එතුමා කැස්ස සහ නාසය පිස දැමීම වැනි සෙම්ප්‍රතිෂ්‍යා රෝග ලක්ෂණ පෙන්වුයේ ය. එසේ වුව ද එතුමා සිරිත් පරිදි පොදු හමුවට සහභාගී වූ ජනතාව අසලට ගොස් ඔවුනට කතා කලේ ය. ඉතාලියට තර්ජනයක් වී ඇති නව කොරෝනා වෛරස් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැළඳගෙන සිටි කිහිප දෙනෙක් ද එම පොදු හමුවට එක්ව සිටියහ.

"කොරෝනා රෝගීන් හමුවීමෙන් පසු" ශුද්ධෝත්තම පියතුමා රෝගී වූ බවට ඇතැම් සිංහල කතෝලික සමාජ මාධ්‍ය වල පැතිර යන පුවත කිසිදු නිල ප්‍රවෘත්ති සේවාවක් මගින් ප්‍රකාශ කර හෝ තහවුරු කර නොමැත. එතුමා මුඛ ආවාරන පැළඳ ගත් පිරිස් හමුවන අවස්ථාවේත් සෙම්ප්‍රතිෂ්‍යා රෝග ලක්ෂණ පෙන්නුවේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමාන්‍යයෙන් යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටියි. තරුණ වයසේ  ඇති වූ නියුමෝනියා රෝගී තත්වයක් නිසා එතුමා ගේ එක් පෙනහල්ලක් ඉවත් කර තිබේ. "ෂියාටිකා" නමැති තත්වයෙන් පීඩා විනිදින නිසා එතුමාට ඇවිදීම දුෂ්කර වී ඇත. ඒ හැරුණු කොට එතුමා ඉතා ක්‍රියාශීලී ජීවිතයක් ගත කරයි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය