"යුද්ධයේ දී මානව ගරුත්වය සුරක්ෂිත කිරීම අනිවාර්ය යි" - සුදොතුම් පියතුමා හමුදා උපාධ්‍ය රදගුරු හිමි වරුනට උපදෙස් දෙයි - "හමුදා පිරිස් සිය විරුද්ධ පාර්ශවය හුදෙක් විනාශ කළ යුතු සතුරකු ලෙස නොදැකිය යුතුයි"

Holy Father tells military chaplains:" In war, human dignity must be protected." 

හමුදා උපාධ්‍යවරුන් ගේ සමුළුවට පැමිණි සුදොතුම් පියතුමන් පූර්ණ මානව සංවර්ධනය පිලිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී පීටර් ටර්ක්සන් කාදිනල් හිමියන් විසින් පිළිගනු ලැබූ අවස්ථාව 

(2019 නොවැම්බර 1)
යුද හමුදා උපාධ්‍ය වරුන් කැඳවනු ලැබ සිටින්නේ සන්නද්ධ හමුදා සාමාජිකයන් ගේ හෘද සාක්ෂි හැඩගැස්වීමට බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "සිය විරුද්ධ පාර්ශවය හුදෙක් විනාශ කළ යුතු සතුරකු ලෙස නොදකින ආකාරයෙන්" හමුදා සාමාජිකයන් ගේ හෘද සාක්ෂි හැඩගැස්විය යුතු යැයි එතුමා පෙන්වා දෙයි.

"යුද්ධයක දී විරුද්ධ පාර්ශවයේ පිරිස් ද 'දෙවියන් වහන්සේ ගේ ස්වරූපයට මවන ලද්දන්' බවත් මේ නිසා ඔවුන් සතුව  නෛසර්ගික  ගරුත්වයක් පවතින බවත් බොහෝ විට අමතක කරනු ලැබේ. එහෙත් නිතර සිහි තබා ගත යුතු කරුණක් තිබේ. එනම්,  ඇත්ත වශයෙන් ම මානව පුද්ගලයා ගේ ගරුත්වය සහ භෞතික අඛණ්ඩතාව රඳා පවතින්නේ ඔහු හෝ ඇය ගේ ක්‍රියාව මත නොවන බවයි. එම මානව ගරුත්වය ආරක්ෂා කිරීම සෑම තැනැත්තෙක් ම, සෑම ආණ්ඩුවක් හෝ අධිකාරියක්   ම කැඳවනු ලැබ සිටින සදාචාරත්මක යුතුකම යි" එතුමා පෙන්වා දෙයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අනුශාසනය කලේ ඔක්තෝබර වතිකානයේ පවත්වන ලද පුහුණු පාඨමාලාවක දී ය.

ජාත්‍යන්තර  සන්නද්ධ හමුදා උපාධ්‍යවරුන්ට "ජාත්‍යන්තර මානුෂවාදී නීතිය" පිලිබඳ පුහුණුවක් ලබා දීම සඳහා ඔක්තෝබර 29 සිට 31 වැනිදා දක්වා මෙම සමුළුව පැවැත්විණි. එය සංවිධාන කරන ලද්දේ පූර්ණ මානව සංවර්ධනය පිලිබඳ ශුද්ධාසන දෙපාර්තමේන්තුව විසිනි. සමුළුවේ තේමාව වූයේ "සන්නද්ධ ගැටුම් සන්දර්භය තුළ පෞද්ගලික නිදහස අහිමි වීම: හමුදා උපාධ්‍ය වරුන් ගේ දූත මෙහෙවර" යන්නයි.   ලොව  සිටින හමුදා උපාධ්‍ය රදගුරු හිමිවරු ඊට සහභාගී වූ හ.

"ගැටුමකදී බොහෝ විට රැඳවුම් භාරයට ගනු ලබන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනයට ගොදුරු වූවන්" යැයි සිය දේශනයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ය.
"ඔවුන් අතරට  අපයෝජනයට ලක්කරනු ලැබූවන් මෙන් ම ,ප්‍රචණ්ඩත්වයට, විවිධාකාර වදහිංසාවලට සහ අමානුෂිකවූත් , පහත් වුත් කුරිරු සැලකීම් වලට ලක්කරනු ලැබුවා වූ ද ජනතාව ඇතුළත් වෙති."
"මෙවැනි ගැටුම්වලට මැදිවන සිවිල් වැසියෝ ද පැහැරගැනීම්වල සහ ඝාතන වල අහිංසක ගොදුරු බවට පත්වෙති. මෙලෙස ගැටුම් වල ගොදුරු බවට පත්වන ජනයා අතර සිය ජීවිත දෙවියන් වහන්සේගේ  සහ සෙසු ජනතාව ගේ  වෙනුවෙන් සේවාවට කැප කළාවූ ද, අනිසි පක්ෂපාත කම් හෝ ජාතිවාදී දුෂ්‍ය වීම් වලින් හෝ  තොරව සිය සේවාව කලා  වූ ද පැවිදි කාන්තාවන් සහ පිරිමි ද සිටිති. අවසානයේ ඔවුන් ගැන අපට කිසිවක් දැනගැනීමට වත් හැකියාවක් නොලැබේ," යයි සුදොතුම් පියතුමා හමුදා උපාධ්‍ය වරුන් අමතමින් කීවේය.

"සේවාව කිරීමට තමන්ට  භාර වන සන්නද්ධ හමුදා සාමාජික සාමාජිකාවන් විසින් ජාත්‍යන්තර මානුෂවාදී නීතියේ නියමයන් පිළිගැනීම සහතික කිරීම හමුදා උපාධ්‍ය වරුන් ගේ වගකීමක්" බව සුදොතුම් පියතුමා අවධාරණය කලේ ය.  "එම නියමයන් ගේ ආචාර විද්‍යාත්මක පදනමට  නිසි ලෙසත් තදබල ලෙසත් ගරු කොට ක්‍රියාත්මක කල යුතු ය. විශේෂයෙන් ම රැඳවියන් ගැන සැලකීමේ දී ඔවුන් විසින් කරන ලදැයි සැකකෙරෙන අපරාධ වල ස්වභාවය සහ බරපතලකම මත නොරැඳී එම නියමයන් ක්‍රියාත්මක කල යුතු යැ"යි  එතුමා පෙන්වා දුන්නේ ය.

හමුදා ලෝකයේ ක්‍රිස්තු සේවකයන් 

" 'මම සිරගතව සිටියෙමි. ඔබ මා බලන්නට ආවේය' යන සුපුවත් වාක්‍යය ඔබගේ  මග පෙන්වීම කරගන්න" යි සුදොතුම් පියතුමා උපාධ්‍යවරුනට උපදෙස් දුන්නේ ය.
"හමුදා ලෝකයේ ක්‍රිස්තු සේවකයන් ලෙස හමුදා උපාධ්‍යවරුන්, අනෙක් තැනැත්තා ගේ ජාතිය, ජනවර්ගය, සංස්කෘතිය හෝ ආගමික විශ්වාසය නොතකා, එක් පුද්ගලයකු තවත් තැනැත්තෙකුට සමීප කිරීමේ එම විශ්වීය ප්‍රේමයේ දෘශ්‍යමාන සාක්ෂියක් විය යුතු ය."
"ඔබ සිටින්නේ ඔවුන් මධ්‍යයේ ය. එබැවින් යුද්ධය විසින් ප්‍රතිවාචනය කොට ශුන්‍ය කරන එම ප්‍රේමයේ වචන ඔබට යථාර්ථයක් කළ හැකි ය.  ඒ අනුව හමුදා සෙබළුන් ලෙස තමන් සතු  මානව සහ ක්‍රිස්තියානි අගයන් සොරකම් කරගනු ලැබීමට නොකැමැති තරුණ සහ එතරම් තරුණ නොවන භට පිරිස් වල ජීවිත රැසකට සැබෑ අරුතක් දීමට ඔබට හැකිවනු ඇතැ" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම උපාධ්‍ය වරුන් අමතම්නින් සඳහන් කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය