"පාප් වහන්සේ ළඟ අභිරහස් කන්‍යා සොහොයුරියක්"?
(2025 අප්‍රේල් 30)
"පාප් වහන්සේ ළඟ අභිරහස් කන්‍යා සොහොයුරියක්. ලෝකයම කැළඹෙයි. මං ඔහුට කැමැත්තෙන් හිටියා" යන සිරසින් යුත් වීඩියෝවක් එක්තරා එෆ් එම් නාලිකාවක් විසින් යුටියුබ් අවකාශයට මුදා හැර තිබේ.
ඇය 'අබිරහස්' කන්‍යා සොහොයුරියක් ද? ඇත්ත වශයෙන් ම ඇය ස්වර්ගස්ථ වූ පාප් වහන්සේ ගේ දේහය අසල සිට කඳුළු සැලුවේ ඇයි? ඇත්තටම මේ අවස්ථාව දැක "ලෝකයම කැළඹුනා" ද? එම කන්‍යා සොයුරිය සහ ප්‍රැන්සිස් පාප් වහන්සේ අතර තිබුණේ කවරාකාර සම්බන්ධයක් ද?
මේ එකකටවත් එම නාලිකාව පිළිතුරු සපයා නැත. එහි අරමුණ වී තිබුණේ හුදෙක් උද්වේගකර, 'සිත් කලඹන', 'කුණු රසය' පිරි සිරස්තලයක් මගින් තම වීඩියෝ නරඹන්නන් වැඩි කර ගැනීම පමණි.
මේ කන්‍යා සොයුරිය කවුද? ඇයගේ නම ජෙනවීව් ජෙනින්ග්රෝස් ය. ඇය 82 හැවිරිදි වියේ පසුවෙයි. ඇය ප්‍රංශ-ආජන්ටීනියාන කාන්තාවකි. එනම් ප්‍රංශයේ ඉපිද, ප්‍රංශ බස කතා කරන පසුව ආජන්ටිනවට්ර සංක්‍රමණය වූ අයෙකි. ඇය ජේසු ගේ කුඩා කන්‍යා සොයුරියෝ (Little Sisters of Jesus) නිකායේ පැවිදි වී සිටින කන්‍යා සොයුරියකි. මේ අනුව ඕ 'අබිරහස් ' කන්‍යා සොයුරියක් නොවේ.
සිස්ටර් ජෙනවීව් සහ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අතර සම්බන්ධතාව කුමක්ද?
මුලින්ම ඇය අපට මුණ ගැසෙන්නේ ආජන්ටිනාවේ මිලිටරි ආණ්ඩුව විසින් මුදා හරින ලද "කැත යුද්ධය" (Dirty War) නැමති අමානුෂික මෙහෙයුම සමයේ ය. 1974 සිට 1983 දක්වා සිදුවනු මේ ජනතා මර්දනයේ දී තරුණ තරුණියන්, කාන්තාවන්, මැදිවියේ පසුවන්නන් පමණක් නොව ගැබිණි මව්වරුන් පවා අමානුෂික ලෙස ඝාතනය කරන ලදහ. ඒ කාලය තුළ 30,000කට අධික ජනතාවක් ඝාතනය කල බව කියැවේ. ( මේ කතුවරයා විසින් රචිත "මම පව්කාරයෙක්මි-බෙර්ගොලියෝ පියතුමා ගේ සිත්හැරීම" කෘතිය කියවන්න)
ඒ කාලයේ ප්‍රැන්සිස් පාප් වහන්සේ - හොර්හේ මාරියෝ බෙර්ගොලියෝ පියතුමා- අජන්ටිනාවේ ජේසු නිකායේ ප්‍රාදේශාධිපති පියතුමා විය. (පෙර කෘතිය)
කැත යුද්ධ සමයේ සිස්ටර් ජෙනවීව් එඩිතරව මිලිටරියේ මර්දනයට එරෙහිව පෙනී සිටියාය. බෙර්ගොලියෝ පියතුමා පිටතින් නිහඬව සිටින බවක් පෙන්වූවත් සිය ජීවිතයද අනතුරට තබමින් රහසිගතව මිලිටරි ජුන්ටාවේ තර්ජනයට ලක් වී සිටි තරුණයන්ට රටින් පලා යාමට උදව් කලේය.
කැත යුද්ධයේ සමයේ මිලිටරි ජුන්ටාව විසින් ජෙනවීව් කන්‍යා සොයුරියගේ නැන්දා වූ ලියෝනි ඩකේ පැහැරගෙන ගොස් මරා දමනු ලැබුවාය. 2005 දී ඇයගේ මෘත දේහය සොයාගනු ලැබුණු අතර එවකට බුවනෝස් අයරෙස් අගරදගුරු තුමන් වූ හොර්හේ මාරියෝ බෙර්ගෝලියෝ අගරදගුරු තුමා (පසුව ප්‍රැන්සිස් පාප් වහන්සේ) ඇයගේ සිරුර කතෝලික වත්පිළිවෙත් අනුව බුවනෝස් අයරෙස් හි මිහිදන් කිරීමට අවසර දුන්නේය.
සිය නැන්දනිය සේ ම සිස්ටර් ජෙන්වීව් ද යුක්තිය සහ මානුෂවාදය වෙනුවෙන් ක්‍රියාකාරික කාන්තාවක් වූවාය.
රෝමයේ දී දැඩි වූ සෙනෙහස
ඉන් අනතරුව ඇය අප මුණගැසෙන්නේ රෝමයේ ය.
රෝමයේ දී ඇය කලේ කුමක්ද?
රෝමයේ දී සිස්ටර් ජෙනවීව් සහ ප්‍රැන්සිස් පාප්තුමා අතර තිබූ සම්බන්ධය මෙසේ විස්තර කල හැකිය.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝකයේ දුර්වල වුවන්ගේ, සමාජයේ ඉතා සුළු වුවන් ගේ. සමාජයෙන් බැහැර කර කොන් කළවුන්ගේ පාප්වහන්සේ ය. සිස්ටර් ජෙනවීව් කලේ එසේ දුර්වල වූ, සමාජයේ ඉතා සුළු වූ, සමාජයෙන් බැහැර කර, කොන් කරන ලද්දාවූ පිරිස් රැකබලාගෙන ඔවුන්ට සරණ වීමයි.
හමුවීම
ඇයගේ ගෙදර වූයේ රෝමයේ සිට සැතපුම් 30ක පමණ දුරින් පිහිටි ගැලකි.
ජෙනවීව් කන්‍යා සොයුරිය 2020 සිට ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා සතිපතා බදාදා පවත්වන පොදු හමුවට අනිවාර්යයෙන් ම සහභාගී වූවාය. ඇය ආවේ තනිවම නොවේ. තමන් ගේ සරණ ලබන සාංක්‍රමනික, සමරිසි ගණිකාවන් ඇතුළු තැනැත්තන් ද සමගය. පොදු හමුවෙන් පසුව ඔවුන් සමග පාප් වහන්සේට කතා කර යන්නට ඈ අමතක කලේ නැත. මන්ද පාප් වහන්සේ මේ ජනතාවට ආදරය කරන බව ඈ දන්නා නිසාය. ජෙනවීව් කන්‍යා සොයුරිය සහ ප්‍රැන්සිස් පාප් වහන්සේ අතර දැඩි සෙනහසින් යුත් මිත්‍රත්වයක් ගොඩ නැගුනේ ඒ නිසාය.
එම සම්බන්ධතාව අබිරහසක් වූයේ නැත. එම ශුද්ධවන්ත සෙනෙහස (holy love) වතිකානයට රහසක් වූයේ නැත.
පියතුමකු සහ ගැහැනියක සමීප වූ පමණින් කුණු ඇසින් දැක පද හදන මීසම් වැසියන් සහ ඒවා ප්‍රචාරය කරන කුණු වූ මාධ්‍ය මෙන්, රෝමයේ ජනතාව ඒ ගැන කුණු රසයකින් බැලුවේ නැත. හදවත් පිරිසිදු මිනිසුන් සහ ගැහැණුන් වෙනත් අය දෙස බලන්නේ ද සිරිසිදු සිතිනි. බටහිර ලෝකය ගැහැනියක හා පිරිමියකු අතර ඇති සම්බන්ධතාවක් දෙස කුණු රසයෙන් බලන්නේ නැත. ඇතැම් රටවල ගැහැනුන් පිරිමින් පවා සුහදතාව ප්‍රකාශ කරන්නේ දැඩි වැලඳ ගැනීමකිනි.
දෙවියන් වහන්සේ ගේ මේ ඉතා සුළු වුවන් වෙනුවෙන් ජෙනවීව් සොයුරිය ගේ කරන මේ දයාවේ, ප්‍රේමයේ ක්‍රියාවට ගෞරව කිරීමට සුදොතුම් පියතුමා ඉටා ගත්තේය. මේ අනුව පසුගිය ග්‍රීෂ්ම ඍතුවේ දිනෙක එතුමා ජෙනවීව් කන්‍යා සොයුරිය මේ ජනතාවට සේවාව කරන ස්ථානය බලන්නට පැමිණියේය. එය නොදන්වා පැමිණි "surprise" එකක් විය. එහි දී එතුමා එම පිරිස් සමග මහත් ප්‍රීතියෙන් කතා බහ කරමින් සිටියේය.
සමුගැන්ම
මාස නවයකට පසුව සිය දයාබර, කරුණාබර මිතුරා යළි නොඑන්නට සමුගෙන ඇති බව ඈ දැනගත්තාය.
ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ අභාවය දැනගත් ලෝකය පුරා ජනතාව විව්ධාකාරයෙන් ශෝක වූහ. ඇඬුහ. සැතපුම් දහස් ගණන් ඈත සිටි ජනතාව ඇඬුවේ නම්, එතුමන්ට ඉතා සමීප වූ, සෙනෙහස දැක්වූ පිරිස් වලට එය කෙසේ වන්නට ඇත්ද?
සන්ධාන රීති වලට අනුව සාන්ත පේදුරු බැසිලිකාවේ පේදුරු තුමන් ගේ මහා ප්‍රකාශනයේ පුදසුන අබියස පාප් වහන්සේ ගේ දේහය තැන්පත් කර තිබූ ස්ථානයේ සාමාන්‍ය ජනතාවට (කන්‍යා සොයුරියන්ටද ඇතුළුව) ඇතුළුවීම තහනම් කර තිබු ප්‍රදේශයට ඇතුළුවූ ජෙනවීව් කන්‍යා සොයුරියට කවරෙකු වත් බාධා නොකළේ ඇය කවුද, පාප් වහන්සේ කවුද යන්න සියල්ලන් දැන සිටි නිසාය. ඒ දේහය අසල පැමිණි ඇයට මේ වෙන්වීම දරා ගත නොහැකි විය. යළිත් "ප්‍රැන්සිස්" කෙනෙක් කවදාවත් - කවදාවත්ම - මුනනොගැසෙන බව ඇයට අවබෝධවත්ම ඒ වේදනාව කඳුළු වලට හැරුණේය. එවන් මොහොතක සසල නොවන හදවතක් කුමටද? කඳුළු නොඑන දෑසක්, නොහඬන හදක් කුමටද?
කසලශෝධක මාධ්‍ය
සත්ත්ව ජීව විද්‍යාවේ "කසලශෝධකයන්" (Scavengers) ලෙස හැඳින්වෙන්නේ සත්ව මළකුණු මත යැපෙන සතුන්ය. නිර්මාණාත්මක, මානුෂවාදී යමක් කර ගත නොහෙන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ද කෙලවර වන්නේ කසල ශෝධකයන් වීමෙනි.
දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ ගේ "ප්‍රේම සම්බන්ධතාව"
දෙවැනි ජුවාම් පාවුළු පාප්වහ්න්සේටද මෙවැනිම චෝදනාවක්ල් එල්ල විය.
ඒ පිලිබඳ කතාව මේ සම්බන්ධතාවයෙන් දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ කාන්තාවක සමග ඇති කරගත් 'මිතුදම' ..........රහසක්......?
👍❤️❤️❤️
ReplyDelete