මෙවර සුදොතුම් පිය වරණ දැහැනට දේශපාලන අතපෙවීම් ඇති වේවිද? ඇතැම් කාදිනල් හිමිවරුන්ට අමෙරිකන් කොන්සවටිව් (රිපබ්ලිකන්) කතෝලික ධනපතින්ගෙන් මධුපාන, රසමසවුළු සහිත භෝජන උත්සව! මේ මොහොතේ කතෝලිකයන් කල යුත්තේ කුමක්ද?

"මට පාප් වෙන්න පුළුවන්" ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමාජ මාධ්‍ය පිටුව (2025 පෙබරවාරි 5) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ස්වර්ගස්ථ වීමෙන් පසුව මීළඟ පාප් වහන්සේ පිලිබඳ ප්‍රශ්නය දේශපාලනීකරණය වී මහා මාධ්‍ය ඝෝෂාවක් වූ ආකාරය මීට කලින් ලිපියේ සාකච්ඡා කළෙමු. මේ හේතුව නිසා සියවස් ගණනාවකට පසුව ලෝක දේශපාලන භේද සහ කා කොටා ගැනීම් වල කුණාටු කතෝලික සභාව ද දුෂ්‍ය කොට දේශපාලන විෂ 7 වැනි බදාදා ඇරඹෙන සුදොතුම් පිය වරණ දැහැනටත් ඇතුළු වනු ඇත්ද යන ශෝකය මුසු බිය පැතිර යමින් තිබේ. මෙවර සුදොතුම් පිය වරණ දැහැනේ පසුබිමේ තිබිය හැකි (යක්ෂ) බලය ? මුළු ලෝකයම ප්‍රැන්සිස් පාප් වහන්සේට ආදරය කරන විට ඇමෙරිකාවේ රිපබ්ලිකන් (කොන්සවටිව්) කාදිනල්වරුන් සහ බිෂොප්වරු එතුමන් ගත් සෑම පියවරක්ම විවේචනය කළහ. එතුමා ගේ මානුෂවාදී ඒ නයින්ම කතෝලික සමාජ ධර්මයේ සඳහන් ක්‍රිස්තු ඉගැන්වීම් කේන්ද්‍ර කොටගත් සෑම වැඩකටම අකුල් හෙලූහ. මේ වෙනුවෙන් EWTN නමැති කතෝලික ටෙලිවිෂන් නාලිකාව මුළු වෙර දැමූ අතර කොන්සවටිව් පූජක වරු ගණනාවක් සමාජ මාධ්‍ය චැනල් භාවිත කළහ. එසේ කරන අතර බයිබල් ඔසවාගෙන සිටගෙන සේයාරූ ගනිමින්...