"ක්‍රිස්තු සමිඳුන් ගේ හදවතින් පැණනගින දිව්‍ය ප්‍රේමය ශුද්ධාත්මයාණෝ යි " පූර්ව-පෙන්තකෝස්ත රාත්‍රී දිව්‍ය පූජාවේ දේශනය - "නගරයේ මොරගැසීමට සවන් යොමන්නට අපට උදව් කරන්නට ආත්මයාණන්ට ඉඩ දෙන්න"

“Divine Love is the Holy Spirit that springs from the Heart of Christ.. Allow the Spirit to help us hear the cry of the city" Pope at the Pentecost Vigil


(2019 ජුනි 8)
"ඔබේ අතින් අල්ලාගෙන ඔබ නගරය මැදට කැටුව ගොස් අවශ්‍යතාවන්ගෙන් පෙළෙන්නන්ගේ මොරගෑමට  සවන් දීමට ඔබට සහාය වීම සඳහා ශුද්ධාත්මයාණන් වහන්සේට ඉඩ හරින්නැ"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝමපුර වාසීන්ගෙන් ඉල්ලා සිටියි.

"උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී හදවතින් පැණනගින ආත්මයාණෝ අපගේ හදවත් දයා කරුණාවෙන් පුරවාලති" යි එතුමා සඳහන් කරයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ජුනි මස 8 වන සෙනසුරාදා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ  පවත්වන ලද පෙන්තකෝස්ත පූර්ව-රාත්‍රී දිව්‍ය පූජාවේ ධර්ම දේශනාව පවත්වමිනි. එතුමා මෙම දිව්‍ය පූජාව ඔප්පු කලේ රෝම රදගුරු පදවියේ විශ්වාසික ජනතාව සමගයි.

මෙහිදී එතුමාගේ සමස්ත දේශනාවම තුළින්ම පැහැදිළි කෙරුනේ ශුද්ධාත්ම මංගල්‍යය තුළින් පැණනගින කතෝලික සභාවේ මාතෘත්වය  පිළිබඳවයි. මෙම දේශනාව තුළ එතුමා යොදාගත් "රෝමය" සහ "නගරය" යන පද වෙනුවට ඕනෑම රටක් හෝ නගරයක් හෝ ජනතාවක් ආදේශ කල විට එය තම පසුබිමට ද අදාළ වන බව ඕනෑම විශ්වාසිකයකුට අවබෝධ කරගත හැකිය. "ශ්‍රී ලංකාව", කොළඹ, හලාවත හෝ මීගමුව යන වදන් ආදේශ කල විට නූතන අභියෝගාත්මක වටපිටාව මැද එය අප වටපිටාව ආදේශ වන ආකාරය තේරුම් ගත හැකිය. 

සභාව -  අම්මා ගේ මහගෙදර 

"රෝමයේ ජීවත්වන ජනතාව, සභාව තුළ පවතින මානුෂවාදය වෙනුවෙන් , ඇය තුළ පවතින දයාව සහ කරුණාව වෙනුවෙන්, මෘදු බව වෙනුවෙන් ඇය පිළිගනු ලබනු දැකීමට මා කෙතරම් කැමතිද? මේ ගුණාංග වෙන කවරදාටත් වඩා අද අත්‍යවශ්‍යව පවතියි" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

සභාව "අම්මා ගේ මහගෙදර" නිසා ආපසු එන සැමවිටම සෑම දෙනාටම එහි ගෙදරක ඇති ආදරණීය උණුසුම පවතින බව එතුමා පැහැදිළි කළේය.
"මේ ගෙදර ඔබ උණුසුමින් පිළිගන්නා බව ඔබට නිතර දැනේවි. මේ ගෙදර ඔබට සවන් දෙන බව, දේව රාජ්‍යයට තවත් පියවරක් තබන්නට ඔබට සහය වන බව ඔබට දැනේවි...දරුවන් ලොකු මහත් වුනාට පසුවත් අම්මා කෙනෙක් මේ කරුණු දන්නේ කෙසේද ..උදව් කරන්නේ කෙසේද ..සභා අම්මා ද එසේම ය..."

ශුද්ධාත්මයාණන් ගේ උත්තරීතරභාවය

"අද රෝම පුරවරයේ අප එක්ව සමරන්නේ ශුධාත්මයානන්ගේ ශ්‍රේෂ්ඨත්වයයි" යි සුදොතුම් පියතුමා කීවේය. "ශුද්ධාත්මයානන් ගේ ශ්‍රේෂ්ඨත්වය දෙවියන් වහන්සේ ගේ සැලැස්මේ පුරෝකථනය කළ නොහැකි ස්වභාවය ඉදිරියේ අප නිෂ්ශබ්ද කරයි. ඊළඟ මොහොතේ එය අප සිත් ප්‍රීතියෙන් පුරවාලයි"

"මේ නිසා දෙවියන් වහන්සේ ගේ සිතේ අප පිළිබඳව තිබුණේ මෙමෙ කාරණයයි: එනම් සඳහාව ලෙස මෙම ගමනයි, මෙම එතෙර වීමයි, මෙම නික්මයාමයි, මෙම පොරොන්දු දේශය වෙත  සපැමිණීම යි; සෑම කෙනෙකුටම නිරන්තරයෙන් දොරවල් විවෘත වූ, ශුද්ධාත්මයාණන් ගේ ස්වර මාධූර්ය තුළ මිනිසා විසින් කතා කරනු ලබන විවිධ භාෂාවලින් සන්සුන් වූ  ජෙරුසලෙම් පුරය වෙත  පැමිණීමයි."

"මෙම නගරයේ ජීවත් වන ජනතාව ගේ සහ මැවිල්ලේ මොරගැසීම වෙන කවරක්වත් නොව ආත්මයාණන් ගේ මොර ගැසීමයි. එය නව ලෝකයක උපතකි."

"අහංකාරකමත් ශීලධාර්මික උසස් බවත් විසින් අපගේ සවන් අගුලු වැටී නොමැති නම් අති විශාල ජනතාවක ගේ මොර ගැසීම පසුපස සිටින්නේ වෙනත කවරකුවත් නොව ආත්මයාණන් වහන්සේ ගේ අව්‍යාජ මොරගැසීම බව අපට අවබෝධ වනු ඇතැ"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය