ඉතිහාසයේ පළමුවරට චීන රදගුරු හිමිවරු දෙදෙනෙක් සිනොඩ් සමුළුවට - ඔවුන් පිලිගනිද්දී සුදොතුම් පියතුමාගේ නෙත් කඳුලින් පිරෙයි

Pope Francis becomes emotional welcoming bishops from Mainland China


(2018 ඔක්තෝබර 6)
යෞවනයන් පිලිබඳ 2018 රදගුරු සිනොඩ් කතිකාව ඔක්තෝබර 3 වන බදාදා වතිකානයේ දී ආරම්භ විය. 

ඊට මුල පුරන ලද්දේ සිනොඩ් පියවරුන් සහ කියුරියා කාදිනල් හිමිවරුන් ද සහභාගී වූ හවුල් දිව්‍ය පූජා යාගයකිනි. 

එම පුවත මෙතැනින්: "වැඩිහිටි අප සිහින දකින තරමට යෞවනයන් දිවැසිවරබවින් සහ විචක්ෂණබවින් සවිමත් වනු ඇත" - යොවුන් සිනොඩ් කතිකාවේ සමාරම්භක දේශනය    

මෙම සිනොඩ් සමුළුවේ තවත්  සුවිශේෂත්වයක් විය. එනම් ඉතිහාසයේ ප්‍රථම වරට මහජන චීනයේ කතෝලික රදගුරු හිමිවරුන් දෙදෙනෙකු සිනොඩ් පියවරුන් ලෙස ඊට සහභාගී වී සිටීමයි. ඔවුහු මෙම දිව්‍ය පූජාවට ද එක්වී සිටියහ. ඔවුනට සිනොඩ් සමුළුව සඳහා රෝමයට පැමිණීමට අවකාශ ලැබුනේ ඉකුත් දා වතිකානය සහ චීනය අතර අත්සන් තබන ලද "තාවකාලික ගිවිසුමේ" ප්‍රතිඵලයක් ලෙසය. 

මෙම රදගුරු හිමිවරුන් දෙදෙනා නම් චෙංඩේ පදවියේ ජෝසප් ගුවෝ ජින්කායි රදගුරු හිමි සහ යන්'ආන් පදවියේ ජෝන් බැප්ටිස්ට් සියාඕ-ටිං රදගුරු හිමිය. චෙංඩේ පදවිය සුදොතුම් පියතුමන් විසින් අලුතින් ඇති කරන ලද පදවියකි. ඊට පත් කර ඇති ජෝසප් රදගුරු තුමා චීන ආණ්ඩුවේ අනුග්‍රහය ලබන  "දේශප්‍රේමී කතෝලික සංගමයට" අයත්ව සිට මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව සුදොතුම් පියතුමන් විසින් පිළිගනු ලැබූ රදගුරුවරුන් අතරින් කෙනෙකි. 

මෙම දිව්‍ය පූජාවේ ධර්ම දේශනයේ දී ප්‍රැන්සිස් සුදොතුම පියතුමා නම් වශයෙන් මෙම චීන රදගුරු හිමි දෙනම පිළිගත්තේය. 

"ප්‍රථම වරට චීනයේ රදගුරු හිමිවරුන් දෙනමක් අප සමග සිටිනවා. ... මෙම රදගුරු හිමිවරුන් මෙහි පැමිණ සිටීමට ස්තුති වන්ත වන්නට සමස්ත රදගුරු සමූහය පේදුරු තුමන් ගේ අනුප්‍රාප්තිකයා සමග එකත්වයට පැමිණීම ඉතා පැහැදිලිව දෘශ්‍යමාන වේ" යි සුදොතුම් පියතුමා ඔවුන් පිළිගනිමින් කියා සිටියේය. 

ඔවුන් පිළිගන්නා එම වචන ප්‍රකාශ කරන අවස්ථාවේ සුදොතුම් පියතුමා ගේ කතාව මඳක් හැඟුම්බර විය. නෙත් කඳුලින් තෙමිණ. කතාව මඳකට නැවතිණි. 

එම අවස්ථාව  මෙම වීඩියෝවෙන් බලන්න. 



වතිකානය සහ චීන ආණ්ඩුව අතර අත්සන් තැබුණු තාවකාලික ගිවිසුම පිලිබඳ තොරතුරු  මෙතනින් කියවන්න: ශුද්ධාසනය හා චීනය අතර ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබේ - වතිකාන අනුමැතියෙන් තොරව චීන ආණ්ඩුව පත් කළ රදගුරුවරුන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පිළිගනු ලබයි

(සේයාරුව: චීන රදගුරු හිමි දෙනම) 


Comments

  1. කිතු හිමිත් හැඬූ අවස්ථා තිබූ බව බයිබලය කියනවා. කවුරු මොනවා කිව්වත් චීනය හා යම් සහයෝගීතාවට පැමිණීමට ක්‍රියාකිරීමත් ප්රැන්සිස් පාප්තුමා හා දෙවියන් සිටින බව විමර්ශකයන්ට වැටහෙන කරුණක්. ඒ ගැන දැනගත් විට අපේ ඇස් වලටත් ඉනුවෙ සතුටු කඳුළු!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය