පාප් වහන්සේ ලෙස සේවය කීරීමට ප්‍රැන්සිස් පාප් වහන්සේ කොයි තරම් දුරට කැමති ද?

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාවේ අධ්‍යාපනය, සමාජ සාධාරණත්වය, ධර්ම දේශනය ඇතුළු විවිධ දූත සේවාවල ප්‍රමුඛ දූත මෙහෙවරක නියැලී  සිටි ජේසු නිකායේ පියතුමෙකි. ජේසු නිකායිකයෝ සිය නිකාය පවුල තුළ පවුලක් සේ සමගිව ප්‍රීතියෙන් ජීවත්වෙති. මේ නිසා තමන් දූත ගමන්වල යෙදෙන රටවල ජේසු නිකායික පියතුමන්ලා සමග නිදහසේ ගතකරන්නට ලැබෙන අවස්ථාවලට  සුදොතුම් පියතුමා බොහෝ ප්‍රිය කරයි. 

පිලිපීන සංචාරයේ යෙදුනු සුදොතුම් පියතුමාට එරට ජේසු නිකායික පියවරුන් වෙනම නිදහසේ මුණගැසීමේ අවස්තාවක් ලබා දී තිබුනේය. 2015 ජනවාරි 16 වනදා සන්ධ්‍යාවේ මැනිලා නුවර අපෝස්තලික තානාපති කාර්යාලයේ දී පිලිපීනය පුරා සේවාව කරන ජේසු නිකායික පියවරු 40 නමක් එතුමන් සමග අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් ගත කළහ. ඊට එක්වූ පියවරුන් පැයක් පමණ වූ මෙම සුන්දර හමුව හඳුන්වා දෙන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් එක් වරම සුදොතුම් පියතුමන් ද ජේසු නිකායික පැවිදි සහෝදරයකු ද වූ මොහොතක් ලෙසයි.

විවධ කාරනා ගැන අදහස් හුවමාරු වූ මේ හමුව ආරම්භ වූයේ පිලිපීන ජේසු නිකායික පියතුමකු ශ්‍රී ලංකාව අරභයා කල සඳහනකිනුයි. ශ්‍රී ලංකාවේදී සුදොතුම් පියතුමන් පිළිගැනීමට ගුවන් තොටුපලේ සිට යන මග දෙපස උත්සව ඇඳුමින් සරසන ලද අලි ඇතුන් 40 දෙනෙක් රඳවනු ලබා සිටියහ. මේගැන සිහිපත් කල පිලිපීනයේ ජේසු නිකායික ප්‍රාදේශාධිපති ඇන්ටෝනියෝ මොරෙනෝ පියතුමා මෙසේ කීවේය:

"ශ්‍රී ලංකාවේදී අලි ඇතුන් 40 දෙනෙක් ඔබවහන්සේට ආචාර කළා. දැන් මෙතන අපි ජේසු නිකායිකයන් 40 දෙනෙක් ඉන්නවා."

"හැබැයි  ඒ අලි ඇතුන් හොඳ ලස්සනට ඇඳලා හිටියා" ( "The elephants were better dressed." )එම ශාලාව සිනහවින් පුරවමින් සුදොත්ම් පියතුමා වහාම පිළිතුරු දුන්නේ ය.


හොර්හේ මාරියෝ බොර්ගොලියෝ කාදිනල් තුමා බොහොම බැහැපත් ජීවිතයක් ගතකල කෙනෙකි . පාප්වහන්සේ, එනම් "පේදුරු අපෝස්තුලු තුමාගේ අනුප්‍රාප්තිකයා" වීමට කිසිදාකත්  එතුමා බලාපොරොත්තුවෙන් සිටියේ නැත.  එසේ  නම් උන්වහන්සේ පාප්තුමන් හැටියට ජීවත් වෙන්නේ කොයිතරම් කැමැත්තෙන් ද?

පිලිපීනයේ ජේසු නිකායික පියවරු මේ ගැනද  සමග උන්වහන්සේගෙන් විමසූහ.
" ඔබ වහන්සේ පාප් වහන්සේ ලෙස ජීවත් වීමට කැමති ද? Do you like being Pope?"

උන්වහන්සේ එහිදී තම නිකායේ සහෝදර පියවරුන්ට දුන් පිළිතුර ඇන්ටෝනියෝ ස්පඩේරෝ ජේ.නි. පියතුමා වාර්තාකරුවෙකුට විස්තර කලේ මෙසේය:

"එයින්  උන්වහන්සේ අසතුටට පත් වන්නේ නැහැ.පාප් වහන්සේ වුනාට පස්සේ උන්වහන්සේ ගේ සිතේ සාමය නැති වෙලා නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ විශාල ශාන්තියක්, සාමයක්, සැනසීමක් ලබමින් සිටිනවා".

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය