ශුද්ධෝත්තම පියතුමන් ගේ මරණයට හේතුව ආඝාතයක් - පශ්චාත් මරණ පරීක්ෂණය හෙළි කරයි Pope's death due to stroke says post mortem medical exam report
![]() |
වතිකානයේ ගොඩනැගිල්ලක අඩ කුඹ කරන ලද සසුන් පිය ධජය |
(2025 අප්‍රේල් 21)
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මරණයට හේතුව ආඝාතය, සහ ඉන් පසුව ඇති වූ කෝමා තත්ත්වය සහ ආපසු හැරවිය නොහැකි හෘත්සංසරනය (irreversible cardiocirculatory collapse) බිඳ වැටීම බව වතිකනය ප්‍රකාශයට පත් කරයි.
එතුමන් ගේ මරණය සම්බන්ධ සහතිකය වතිකානයේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව පිලිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්ඩ්රියා අර්කාන්ජෙල් විසින් නිකුත් කරන ලද අතර වතිකාන මාධ්‍ය කාර්යාලය සඳුදා සවස එය මාධ්‍ය වලට නිකුත් කළේය.
එතුමන්ට ඇති වූ බහුක්ෂුද්‍රජීවී පෙනහළු දෙකේ නියුමෝනියාව හේතුවෙන් මීට කළින් එතුමා ගේ ශ්වසන ඇණහිටීමක් (acute respiratory failure caused by multimicrobial bilateral pneumonia) සිදු වී ඇති බවට මීට කලින් ලබා ගත වෛද්‍ය වාර්තා පවා පෙන්වා දී තිබූ බව වෛද්‍ය වාර්තාව කියයි. ඊට අමතරව එතුමාට බහුවිධ බ්රෝන්කයිටීස් තත්වයක්, අධික රුධිර පීඩනය සහ දියවැඩියාව ද තිබුණු බව එම වාර්තාවේ සඳහන් වේ.
පිළිගත් වෛද්‍ය ක්‍රමවේදයට අනුව කරන ලද මේ නිගමනය එතුමන් ගේ මරණයට හේතුව බව ප්‍රකාශයට පත් කරන්නේ යැයි වෛද්‍ය අර්කාන්ජෙල් ගේ සහතිකය උපුටා දක්වන වතිකාන ප්‍රවෘත්ති කාර්යාලය කියයි.
Comments
Post a Comment