ආජන්ටිනා වැසියෝ ප්‍රැන්සිස් පාප් වහන්සේට කඳුලින් සමුදෙති
(2025 අප්‍රේල් 26)
ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මව්බිම වන ආජන්ටිනාවේ ජනතාව කඳුලින්, මහත් වේදනාවෙන් එතුමන්ට සමු දෙන්නට එක්වෙති.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා , එනම් එවකට හොර්හේ මාරියෝ බෙර්ගෝලියෝ කාදිනල් තුමා, වසර 12ක් ආජන්ටිනාවේ බුවනෝස් අයරෙස් පදවියේ අගරදගුරු තුමා විය. එක පැත්තකින් අධික ධනවතුන් සිටියත් දුප්පත්කම සහ ඒ සමග බැඳුනු සමාජ ආර්ථික ගැටලුවලින් ගහන වූ මේ පදවියේ ජනතාවට ප්‍රැන්සිස් ශුද්ධෝත්ම පියතුමා ලඟම, මිතුරා, දෙමාපියා මෙන්ම විටෙක ආරක්ෂකයා ද විය. එම නගරයේ දුප්පතුන් පවසන්නේ තමන්ට ආදරය කල එකම මිනිසා තමන්ට අහිමි වේම වේදනාවක් බවයි.
බුවනෝස් අයරෙස්හි අන්ත දුප්පතුන් විසූ පැල්පත් නිවාස ප්‍රදේශ එකල හැඳින්වුණේ ‘කාලකණ්නි වතු’ ලෙසයි. ප්‍රැන්සිස් පාප්තුමා එහි අගරදගුරු සමයේ එම වතු වල සේවයට අලුතින් සිතන, එඩිතර තරුණ පියතුමන්ලා සේවය සඳහා යෙදෙව්වේය. එම පියවරු ඒවායේ තිබූ අන්ත දුප්පත්කම සහ එහි ප්‍රතිඵල වන මත්ද්‍රව්‍ය, කල්ලි අතර ගැටුම්, අනාචාරය වැනි දේ වලින් ජනතාව මුදා ගැනීමට මහත් කපවීමන් ක්රිය් කළහ. ඇතැම් අවස්ථාවල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් එම පියතුමන්ලාගේ ජීවිත වලට තර්ජන ද එල්ල විය. එහෙත් ඒ සෑම විටකම ඔවුන් ගේ රදගුරු තුමා , එනම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඔවුන් සමග එකට සිට ගත්හ.
විශේෂයෙන් ම එම පැල්පත් වතුවල වෙසෙන ජනතාව මේ දින කිහිපයේම සිය දෙව්මැදුරු වලට පැමිණ කදුළු සලමින්, ඉටිපහන් දල්වමින්, යාච්ඥා කරමින්, අතීත කතා සිහිපත් කර එකිනෙකා සනසා ගනිමින් සිටිනු දකින්නට තිබේ.
එක් කාලකන්නි වත්තක අලුතින් ඇතිකළ මීසම්ක් භාරව පත්කළ පාද්‍රේ ටොටෝ නම් ආදර නාමයෙන් හැඳින්වෙන පියතුමා එකල සිය රදගුරු තුමන් වූ ප්‍රැන්සිස් පාප්තුමන් එකල නිතරම පාප් ගමනින් හෝ බස් රථයෙන් මේ වත්තට පැමිණෙන බව කියා සිටියේය. එතුමා එම වත්තේ පාසලක් සහ බෙහෙත් ශාලාවක් ගොඩ නැගීමට උපකාර කල බව එතුමා කිවේය. පියතුමා කියා සිටියේ සිය රදගුරු තුමා නිතරම් තමන් ශක්තිමත් කල බවයි.
එක් වත්තක ජනතාවගේ කුසගිනි නිවීම සඳහා පදවිය විසින් විවෘත කරන ලද “සුප් මුළුතැන්ගෙය” බලන්නට එතුමා නිතර එහි ආගිය බව එහි සේවය කරන කාන්තාවක් කියා සිටියාය. ඇය සඳහන් කලේ තමන් සිටියත් නැතත් මේ මුළුතැන්ගෙය දිගටම අප්වත්වගෙන් යා යුතු බව එතුමා ඒ දිනවල කී බවයි.
තමන් සිය රදගුරු තුමන් වූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඇමතුවේ ඉතා සරලව “පාද්‍රෙ” එනම් “පියතුමා” යන නමින් බව තවත් කාන්තාවක් කීවාය. “එතුමා ඉතා නිහතමානියි. එථුආ හරියට අපි වගේ කෙනෙක්.නැහැ. ඇත්තෙන්ම එතුමා අපේම කෙනෙක්. පාප් වහන්සේ වෙලා ගියාට පස්සෙත් අපට දැනුනේ එහෙමයි. ඒ තරම් සෙනෙහසින් සිටි පියාණන් සදහටම වෙන්වීම වේදනාවක්” ඇය සඳහන් කාලය.
“එතුමා මේ මේසයේ වාඩිවෙලා අපිත් එක්ක එකට කෑම කනවා …” තවත් කෙනෙක් කීවේය.
“මේ වතුවල කැඩුණු, බිඳුණු, වල් හෑරුනු පාරවල් එතුමාට හොඳට පුරුදුයි. මේ පරවල පා ගමනින් යන එන අතර නැවතී තමන්ට හමුවන කෙනෙක් සමග කතා කරනවා. සුව දුක් අහනවා. ගෙදරකට ගිහින් ඒ ගෙදරින් දෙන මතේ (ආජන්ටිනාවේ තේ පානය) රස බලනවා” යයි එකල යොවුන් වියේ සිට දැන් මැදිවියේ සිටින කෙනෙක් කියයි.
ප්‍රැන්සිස් පාප්තුමාට යළි මව්බිමට ඇවිත් යන්නට නොහැකි වේම ගැන ගොහො දෙනෙක් ශෝක වෙති. “ඒත් එතුමා ඈත් වුන කියලා එතුමා සමග අප තිබුණු බැඳීම නැවතුනේ නැහැ” තෙඅක් කාන්තාවක් කියා සිටියාය.
ප්‍රැන්සිස් පාප් තුමන් උපන් ෆ්ලෝරෙස් ප්‍රදේශයටද ආජන්ටිනා වැසියන් විශාල ලෙස රැස්වන්නට පටන් ගෙන තිබේ.
(DW වාර්තාවක් ඇසුරින්)
Comments
Post a Comment