ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ තත්වයේ තවත් සුළු ප්‍රගතියක්. වකුගඩු අක්‍රීය වීමේ තත්වයේ අඩු වීමක්. එතුමන්ට ගාසා තීරයෙන් වීඩියෝ සුබ පැතුමක් (වීඩියෝ)


(2025 පෙබරවාරි 26) 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සෞඛ්‍ය තත්වය තවදුරටත් යහපත් අට හැරෙමින් තිබේ. වකුගඩු අක්‍රීය  වීමේ තත්වය අඩුවෙමින් පවතියි. එතුමන් ගේ රුධිර පරීක්ෂා ද යහපත් ප්‍රතිඵල පෙන්නුම් කරයි. මේ බව සඳහන් වන්නේ රෝහල් වාර්තා අනුව වතිකාන මාධ්‍ය කාර්යාලය බදාදා සවස නිකුත් කල නිවේදනයේ ය. 

මේ නිවේදනය  සම්පූර්ණයෙන් මෙසේය:

"පසුගිය පැය 24 තුළ ශුද්ධෝත්තම පියතුමන් ගේ සෞඛ්‍ය  තත්ත්වය  තවදුරටත් සුලු වශයෙන් යහපත් අතට වර්ධනය වී තිබේ. මෑත දින කිහිපය තුළ නිරීක්ෂණය කරන ලද මෘදු වකුගඩු අක්‍රීය වීම අඩු වී තිබේ. අඟහරුවාදා රාත්‍රියේ කරන ලද CT ස්කෑන් පරීක්ෂාව පෙන්නුම්  කරන්නේ පෙනහළු ප්‍රදාහය සාමාන්‍ය ලෙස යහපත් අතට හැරෙන බවයි. අද (බදාදා) සිදු කල රුධිර පරීක්ෂණය ඊයේ දක්නා ලද ප්‍රගතිය තහවුරු කළේය. 

ශුද්ධෝත්තම පියතුමා තව දුරටත් දැඩි ඔක්සිජන් චිකිත්සාවට භාජනය කරනු ලැබ සිටියි. එහෙත් ඇදුම  වැනි කිසිදු ශ්වසන අපහසුතාවක් එතුමන්ට අද ඇති වූයේ නැත. එතුමාට කෙරෙන ශ්වසන මාර්ග  භෞතචිකිත්සාව අඛණ්ඩව කරගෙන යනු ලැබේ.  සුළු ප්‍රගතිය නොතකා එතුමා ගේ තත්වය තවමත් පවතින්නේ ආරක්‍ෂිතවය. 

අද උදැසන එතුමා දිව්‍ය සත්ප්‍රසාද  වහන්සේ ලබා ගත්තේය. පස්වරුවේ එතුමා සිය ධුරයේ වැඩකටයුතු වල නිරත  විය."

ගාසාවෙන් සුදොතුම් පියතුමන්ට  ලැබුණු වීඩියෝ සුබ පැතුම 

මේ අතර ගාසා තීරයේ ශුද්ධවූ පවුලේ මීසම ප්‍රන්සිස් පාප් වහන්සේට  ඉක්මන් සුවය පතා  වීඩියෝ පණිවිඩයක් ඒවා තිබේ. 

මේ කුඩා මීසමේ මීසම් සේවක  පියතුමා මීසම් ජනතාව සමග දෙව්මැදුර තුල සිට එම පනිවිඩය  ගෙන එයි. 

"ආදරණීය ශුද්ධෝත්තම පියතුමෙනි, අපි මේ ගාසා පල්ලියේ එක්වී සිටින්නේ අද දිව්‍ය පුජාවෙන් පස්සේ. මෙහෙ අද හුඟාක් හුඟාක් සීතලයි. එත් ඔබ වහන්සේට අපේ කෘතඥතාව, අපේ යාච්ඥා, සහ අපේ සමීපබව පලකරන්න අපට අවශ්‍යයි. මුළු ලෝකයම ඔබ වෙනුවෙන් යාච්ඥා කරනවා. අපි සියලු දෙනාම ඔබ ඉක්මනින් සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා," යි එම පණිවිඩයේ සඳහන් වේ. (වීඩියෝව පහතින්)

ගාසා තීරයේ මේ මීසමේ ජනතාව අවතැන් වූ පලස්තීන  ජාතිකයන්  500කට අධික සංඛ්‍යාවකට රැකවරණ සලසන අතර ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඉඳුම් හිටුම් සහ වෙනත් අවශ්‍යතා ලබා දෙයි. 





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය