ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වෙනුවෙන් වතිකානය යැදුම් මැරතනයකට මුල පුරයි - එතුමන් ගේ තත්ත්වය සුළුවෙන් යහපත් අතට- රෝහල් කාර්යාලයේ සිට වැඩ කරයි


(2025 පෙබරවාරි 25)

"පේදුරු  තුමන් සිරගතකොට සිටිද්දී සභාව ඉතා දැඩි ලෙස යාච්ඥා කල බව අපොස්තුළුවරුන් ගේ ක්‍රියා පොත අපට කියනවා. එදා සිට වසර 2000ක් පුරා කිතුනු ජනතාව තම පාප් වහන්සේ රෝගී වූ විට හෝ උන්වහන්සේට අනතුරක් වූ විට එතුමන් වෙනුවෙන් යාච්ඥා කරනවා ," වතිකාන රාජ්‍යයේ අංක දෙක වන රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පැරොලීනි කාදිනල් හිමි පෙන්වා දුන්නේ ය.

" එසේ ම මේ දිනවල ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝගීව රෝමයේ ජෙමෙල්ලි රෝහලේ ප්‍රතිකාර ගනිද්දීත් ලොව පුරා ජීවත් වන තනි තනි කිතුනුවන් ගෙන් සහ කිතුනු සංඝ වලින් දෙවියන් වහන්සේ වෙත දැඩි යැදුම් රාශියක් එසවෙමින් තිබේ," යයි එතුමා සඳහන් කළේය. 

රාජ්‍ය ලේකම් කාදිනල් හිමි මේ බව කියා සිටියේ 24 වැනි සඳුදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍ර පියස්සාව තුළ ආරම්භ වූ යාච්ඥා මාලාව ආරම්භ කරමිනි. 

" මේ සැන්දෑවේ සිට අපත් ඒ යැදුම් වලට ප්‍රසිද්ධියේ එක වන්නෙමු. ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ගෙදර සිට ජපමාලය භාවනා කරමින්  අපි ඒ යැදුමට එක්වෙමු, ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් භාග්‍යවන්ත කන්‍යා මරිය  මෑණියන් ගේ බලවත් මධ්‍යස්ථභාවයට අපි ඔසවමු.  අපි එතුමියට  ආමන්ත්‍රණය කරන්නේ "රෝගීන් ගේ පිහිටෙනි" (Salus Infirmorum) යන එතුමිය ගේ භුමිකාවෙනි. අපේ දයාබර  අම්මා  වන එතුමිය මේ රෝගී සහ පරීක්ෂාකාරී  මොහොතේ ශුද්ධෝත්තම පියතුමන්ට ඉක්මනින් සුවය ලබා දීමට මැදිහත් වනවා සොඳේ"යි මේ යාච්ඥා 'මැරතනය" ට මුල පුරමින් රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පැරෝලිනි හිමි ප්‍රාර්ථනා කළේය. 

සඳුදා හැන්දෑවේ  රෝමයේ  වැසි සහිත කාලගුණයක් සහ සීතලක්  පැවතිනි. රෝම නගරයේ පොදු බස්රථ සේවකයන් ගේ  වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක විය. මේ සියල්ල නොතකා දස දහස් සංඛ්‍යාත් ජනකායක්  යාච්ඥාවට සහභාහි වූහ. 

කාදිනල් හිමිවරුන්, අගරදගුරු සහ රදගුරු හිමිවරුන්, කන්‍යා සොහොයුරියන්  රාශියක් ද ඒ අතර වුහ. කාදිනල් හ්මිවරුන් අතරින්  තග්ලේ  , ඖලේ, ප්‍රිවොස්ට්, බැඥස්කෝ, ආතීමේ, ෆෙරෝචි, බර්ක් යන කාදිනල් හිමිවරුන් කැපී පෙනිණි. ඔඅවුන්  පියගැටපෙළ අසල අසුන් වල අසුන්ගෙන සිටි අතර සර්නි කාදිනල් හිමි ජනතාව අතර සිටගෙන යාච්ඥා වලට සහභාගී විය. 

තත්ත්වය යහපත් අතට 

මේ අතර වතිකානය නිකුත් කල ලුත්ම නිවේදනය සඳහන් කරන්නේ ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ තත්වය තරමක් යහපත් අතට හැරි ඇති බවයි. එතුමාට ඇදුම  තත්වය හෝ වෙනත් ශ්වසන අපහසුතාවක් ඇතිවුයේ නැත. ජෙමෙල්ලි රෝහල කියා සිටින්නේ සුළු  වකුගඩු අක්‍රිය වීමේ තත්වය පාලනය කර ඇති අතර එය එතරම් සැලකිල්ලට ගත යුතු කරුණක් නොවන බවයි. යහපත් වෙනසක් දැකිය හැකි වුව ද එතුමා ගේ සෞඛ්‍ය තත්වය තවමත් අනතුරුදායක තත්වයේ පවතියි. 

මේ අතර පාප් වහන්සේ ඊයේ රෝහල් අපාර්ට්මන්ට් එකේ සිට තමන් ගේ වැඩ  කිහිපයක් කල  බව  ද වතිකානය ප්‍රකාශ කරයි. එතුමා වතිකාන ආණ්ඩුවේ ආකෘතියේ ව්‍යවස්ථාමය  සංශෝධයනක් කර ඇති  අතර , වතිකාන පාලන ප්‍රදේශය සඳහා මහ ලේකම් වරුන් දෙනෙක් පත් කළේය. මෙය එතුමන් වතිකාන පරිපාලන  ව්‍යුහයට සිදුකල තවත් කැපී පෙනෙන සංශෝධනයකි. 

ගාසා  තීරයට දුරකථන ඇමතුමක් 

ඊට අමතරව එතුමා ගාසා තීරයේ ශුද්ධවූ පවුලේ දෙව්මදුරට දුරකතයෙන් කතා කර ඔවුන්ගේ සුව දුක් විමසීය. ඊශ්‍රායෙල් ප්‍රහාර වලින් අවතැන් වූ පලස්තීන ජාතිකයෝ විශාල සංඛ්‍යාවක් මේ දෙව්මැදුරේ රැකවරණ  ලබා සිටිති. ප්‍රැන්සිස් පාප්තුමන් සෑම දිනකම ඔවුන් ඇමතීමට පුරුදුව සිටියි. රෝහලේ සිට ද තමාට අවකාශයක්  ලැබුණු වහාම  එතුමන් එසේ කිරීම පටන්ගත් බව වතිකාන නිවේදනයේ සඳහන් වෙයි.  

සබැඳි පුවත් මුල සිට 

BREAKING: රෝහල් ගත වී සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දරුණු ඇදුම තත්වයකට මුහුණ දෙයි. "තත්වය තරමක් අයහපත්" -වතිකානය කියයි

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ තත්වය දරුණු අතට: ආජන්ටිනාවේ 'කාලකන්නි වතු" ඇතුළු ලොව පුරා ජනතාව පාප් වහන්සේ වෙනුවෙන් යාච්ඥා කිරීමට රොක්වෙති

Updates: "සුදොතුම් පියතුමා රෝහලේ නිසංසල රාත්‍රියක් ගත කළා" -වතිකානය . "මට දක්වන සෙනෙහසට ස්තුතියි!" පාප් තුමා රෝහලේ සිට කියයි

"සිරස" පුවත වැරැදියි - ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ඉල්ලා අස්වීම ගැන කිසිදු කතාවක් මෙතෙක් සිදු වී නැහැ. "අප මේ මොහොතේ සිතන්නේ ශුද්ධෝත්තම පියතුමා සුව වී පැමිණ යලිත් සිය සේවාව ආරම්භ කිරීම ගැන පමණයි" වතිකාන රාජ්‍ය ලේකම් කියයි

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝහලේ දසවැනි රාත්‍රිය විවේකීව ගත කරයි. ඉරිදා දිව්‍ය පූජාවට එක් වෙයි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය