"වෛරයේ පවුරෙන් ඔබ්බට" - ඉතාලි සිත්තරෙක් ආදරවන්තයන් ගේ දිනයට සසුන් පිය ප්‍රැන්සිස් දැකපු හැටි

"Beyond the wall of hate" - How an Italian artist saw the Lovers Day looking at Pope Francis 



(2023 පෙබරවාරි 19)

මෙහි දැක්වෙන චිත්‍රය ඉතාලි ජාතික වීදි සිත්තරෙකු වන මෝරෝ පැලොත්තා හෙවත් "මෝපාල්" විසින් අඳින ලද්දකි. 

පෙම්වතුන් ගේ දිනයට පෙර, 2023 පෙබරවාරි 4 වැනි දා ඉතාලියේ පළ වන දුප්පතුන් වෙනුවෙන් කැප වූ පුවත්පතක් වන  "Osservatore di Strada" හෙවත්  "Street Observer"  හි මේ චිත්‍රය පල කර තිබිණි. එදින කලාපය කැප කර තිබුණේ "ආදරය" වෙනුවෙනි. 

මේ චිත්‍රය මෝපාල් විසින් පරිත්‍යාග කරන ලද්දක් බව පුවත් පත ඊට යොදා තිබූ කැප්ෂනයේ විස්තර කර තිබිණි. 

මේ නිර්මාණයේ මාතෘකාව "වෛරයේ පවුරෙන් ඔබ්බට" හෙවත් "Beyond the wall of hate" යන්න බව චිත්‍ර ශිල්පී මෝපාල් විස්තර කරයි. ප්‍රේමයේ තේමාව නිර්වචනය කිරීමට තමන් පාදක කර ගත්තේ මානව සහෝදරත්වය වෙනුවෙන් වෙහෙස නොබලා, විවේචන නොතකා කටයුතු කිරීම නිසා මානව ප්‍රේමයේ  Champion කෙනෙකු හෙවත් වීරයකු වන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ භූමිකාව බව හෙතෙම සඳහන් කරයි. 

එතුමන්  දෙස බලා සිටීම "වෛරයේ පවුරෙන් ඔබ්බට" යන්නට අපට අනුප්‍රාණය ලබා දෙයි. 

ශ්‍රී ලාංකිකයකු ගේ නෙතින් බැලූ කල  දෛවෝපගත ලෙස මේ චිත්‍රය  පල වී තිබුනේ 75 වැනි නිදහස් දිනය සමරන ලද පෙබරවාරි 4 වැනි දින ය. 

අප අදහන ධර්මයන් ගේ සහ ඒවා අපට පහදා දෙන ආගමික පූජ්‍ය පූජක උතුමන් ගේ කාර්යභාරය විය යුත්තේ ජාති, ආගම්, කුල, ජනවර්ගය, හමේ වර්ණය, ලිංගිකත්වය හෝ ලිංගික නැමියාව වැනි වෙනස්කම් තුළ ජනතාව බෙදා වෛරය පැතිරීම නොව ආදරය, ප්‍රේමය සහ මෛත්‍රියෙන් වෛරයේ පවුරු බිඳ හෙළීම බව මේ චිත්‍රය අපට සිහිපත් කරයි. 75 වසරක් පුරා පවුරු හදා තවමත් ඒ පවුරු තුළ ජනතාව කොටු කරන්නට උත්සාහ කරන පූජ්‍ය පූජක පිරිස් වලට මෙය ආදර්ශයක් වේවා! . 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය