"ලොව පුරා දුක් විඳින ගැහැණු-පිරිමි ළමයින් වෙනුවෙන් යාච්ඥා කරමු" - නොවැම්බර මාසයේ සුදොතුම් පිය යැදුම් අදහස: "ළමයින් දුක් විඳින්නේ වැඩිහිටි අප නිර්මාණය කළ සමාජ ආර්ථික ක්‍රමය නිසා"

Let us pray 'For children who suffer', Holy Father invites in his November Pope's Video



(2022 නොවැම්බර 5)

"අත්හැර දමනු ලැබූ දරුවකු යනු අපේ වැරද්දක්" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. "පාසල් යාම සහ සෞඛ්‍ය ප්‍රතිකාර ලැබීමේ අයිතිවාසිකමත්  පවුලේ ආදරය ලැබීමේ හිමිකමත් අහිමි කරන ලදුව " දුක් විඳින ගැහැණු සහ පිරිමි ළමයින් ගේ විලාපය දෙවියන් වහන්සේ වෙත එසැවෙන බව එතුමා පෙන්වා දෙයි. එම වැළපීම විසින් "වැඩිහිටි අප විසින් ගොඩනගන ලද මේ සමාජ ආර්ථික ක්‍රමය ලැජ්ජාවට පත් කරන බව ද සුදොතුම් පියතුමා කියා සිටියි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටින්නේ සිය මාසික සසුන් පිය වීඩියෝව මගින් නොවැම්බර මාසයේ  යැදුම් අදහස නිකුත් කරමිනි. මේ අනුව මේ නොවැම්බර මාසය තුළ ලොව පුර විවිධ තත්ත්ව තුළ දුක් විඳින ගැහැණු සහ පිරිමි ළමයින් වෙනුවෙන් යාච්ඥා කරන ලෙස එතුමා  ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවට ආරාධනා කරයි. 

ළමයින් මිලියන ගණනක් තවමත් වහල් කමේ ...

ලෝකය  පුරාම "වහල්කමට ආසන්න" අති දුක්ඛිත තත්වයේ දුක් විඳින ළමයින් දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තවමත් ජීවත් වන බව සිය මාසික යැදුම් අදහස් පණිවිඩය ආරම්භ කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. 

එතුමා එක වැදගත් කරුණක් අවධාරණය කරයි. එනම්, " මේ ළමයින් යනු සංඛ්‍යාවක් නොවේ. ඔවුන් මිනිසුන්" බවයි. ඇට මස් නහර ඇති, නමක් සහ මුහුණක් ඇති, මැවුම්කාරයාණන්  විසින් ම වෙන ම අනන්‍යතාවක් දෙන ලද සහ මේ නිසා ම මිනිස් ගරුත්වයක් සහිත "මනුෂ්‍යයන් ය" යන්නයි. 

ළමා දුක්ඛිත බවට අන්ධ වූ ලෝකය 

ළමයින්  විඳින මේ දුකට නගාටුදායක ලෙස ලෝකය  අන්ධව සිටින ආකාරය සුදොතුම් පියතුමා ඉතා සියුම්ව විවේචනයට ලක් කරයි. 

ඉගෙන ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව පවුලක ආදරය ලැබීම පවා අහිමි කරනු ලබා සිටින ඔවුන් ගේ දුකට ලෝකය අසංවේදී ය. මේ මගින් ලෝකය සිය වගකීම පැහැර හැර ඇති බව සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. 

වැඩිහිටි අප විසින් නිර්මාණය කරන ලද ක්‍රමයේ වරදයි 

"දුක් විඳින දරුවන් යනු අප ගේ වරද" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කරයි. පවුලේ සෙනෙහස අහිමි, අධ්‍යානය සහ සෞඛ්‍ය පහසුකම් නොමැති දරුවන් ඇති කරන ලද්දේ වැඩිහිටි අප විසින් නිර්මාණය කරන ලද මේ සමාජ ආර්ථික ක්‍රමය විසින් මිස  වෙන කවරක් නිසා දැයි එතුමා සියුම්ව විමසයි. 

නොවැම්බරය  තුළ මෙලෙස දුක් විදින දරුවන්  වෙනුවෙන් යාච්ඥා කරන ලෙස එතුමා සියල්ලනට ආරාධනා කරයි. එසේම ඔවුන් ගේ මූලික අවශ්‍යතා - අධ්‍යාපනය සහ ආදරය ලැබීම ඇතුළු හිමිකම් - ලබා දීමට ක්‍රියා කරන ලෙස ද එතුමා ඉල්ලා සිටියි. 

යාච්ඥාව ක්‍රියාවක් බවට පත් වෙයි 

මාසික සසුන් පිය වීඩියෝව නිකුත් කරනු ලබන්නේ ජේසු නිකායික දූත මෙහෙවරක් වන සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය Pope’s Worldwide Prayer Network විසිනි.  

මෙම වීඩියෝව සමග එහි පණිවිඩය සම්බන්ධයෙන් සිය භාවනාව  ඇතුළත් නිවේදනයක් නිකුත් කරන සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලයේ  ජාත්‍යන්තර අධ්‍යක්ෂ ෆ්‍රෙඩ්රික් ෆෝනොස් ජේසුනු පියතුමා මෙසේ කියයි:

"ලෝකය පුරා දුක් විදින ගැහැණු සහ පිරිමි දරුවන් ගේ වේදනාව වෙනුවෙන්, සිය ආදරය, ළමා විය සහ අධ්‍යනාපය සොරකම් කරනු ලැබූ ළමයින් වෙනුවන්, අපට කල හැක්කේ කුමක් ද? ...

ලෝය පුරා වීදි වල, සැඟවුණු ශ්‍රම කඳවුරු වල, ගැටුම් සහ යුද්ධ වල වින්දිතයන් බවට පත්ව, සංක්‍රමණිකයන්  සහ සරණාගතයන් ව අනේකාකාරයෙන් නිහඬව  දුක් විඳින ළමා පරපුරේ වේදනාවට මේ  මාසයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අපගේ නෙත්, සවන් සහ හදවත් විවර කරයි. ඔවුන් ගේ දුකට ඇති අසංවේදී බව, උදාසීනත්වය සහ  අපගේ බල රහිත බව ඉදිරියේ, අප යාච්ඥා කල යුතු ය. 'අප යාච්ඥා කරන විට, අපි අඳුර තුළ ඉටි පහනක් දල්වමු' යි 2020 නොවැම්බර 20 වැනි දා පැවැති දිව්‍ය පූජාවක දී සුදොතුම් පියතුමා කීවේය. යාච්ඥාව  අප ගේ උදාසීනත්වය සහ අසංවේදී බව තුරන් කරයි. යාච්ඥාව ක්‍රියාවක් බවට පත් වෙයි." 

සුදොතුම් පියතුමා ගේ නොවැම්බර මාසයේ යැදුම් අදහස සම්පූර්ණයෙන් 

"වහල්කමට ඉතා ආසන්න තත්ත්වවල ජීවත් වෙමින් දුක් විඳින පිරිමි සහ ගැහැණු ළමයි දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තවමත් සිටිති.

ඔවුන් අංක නොවේ.  ඔවුන් මිනිස්සු ය. ඔවුන් නමක් ඇති, තමන් ගේ ම මුහුණක් ඇති, දෙවියන් වහන්සේ තමන්ට දුන් අනන්‍යතාවක් සහිත මනුෂ්‍යයෝ ය. 

බොහෝ විට අපි අපේ වගකීම අමතක කරමු. සෙල්ලම් කරන්නට, ඉගෙන ගන්නට, සිහින දකින්නට ඇති අයිතිවාසිකම අහිමි කර ඇති මේ දරුවන් සූරාකෑමට ලක්වන තත්ත්වය ඉදිරියේ අපි අපේ නෙත් වසා ගනිමු. පවුලේ උණුසුම ලැබීමේ සතුට පවා ඔවුනට අහිමි වී තිබේ. 

ඔහු ගේ හෝ ඇය ගේ පවුල විසින් අත්හැර දමන ලද, කොන්කරන ලදුව, පාසල් යාම අහිමි වන, සෞඛ්‍ය සත්කාර අහිමි වන  සෑම ළමයෙකු ම, විලාපයකි!  දෙවියන් වහන්සේ වෙත එසැවී,  වැඩිහිටියන්  වන අප විසින් ගොඩ නගන ලද මේ ක්‍රමය ලැජ්ජාවට පත් කරන විලාපයකි. 

අත්හැර දමන ලද දරුවකු යනු අප ගේ වරදයි.

තමන් තනිවෙලා යන හැඟීම ඔවුන් තුළ ඔවුන් තුළ ඇති වීමට හෝ ඔවුන් අත්හැර දැමීමට හෝ තවදුරටත් ඉඩ දීමට අපට නොහැකියි. පවුලක ආදරය ලැබීමට සහ අධ්‍යාපනය ලැබීමට ඔවුනට හිමිකමක් තිබේ. දෙවියන් වහන්සේ ඔවුන් අමතක නොකරන බව ඔවුන් දැන ගන්නේ ඒ මගිනි. 

දුක් විඳින දරුවන් වෙනුවෙන් අපි යාච්ඥා කරමු. විශේෂයන් ම ගෙයක් දොරක් නැති, අනාථ වූ දරුවන් සහ යුද්ධවල වින්දිතයන් බවට පත්ව සිටින දරවන් වෙනුවෙන් යාච්ඥා කරමු. ඔවුනට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලැබේවා ! පවුලේ සෙනෙහස අත්විඳීමේ අවස්ථාව ඔවුනට  ලැබේවා! " 


ඔබේ පවුල් වල, මීසම් වල යැදුම් වලදී සුදොතුම් පිය යැදුම් අදහස වෙනුවෙන් යාච්ඥා කරනවා ද? 

Comments

  1. Praise the Lord.. Appreciate your efforts..God bless

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය