"එක්ව ගමන් කරන සියල්ලනට විවෘත වූ සභාවක් වෙනුවෙන් යාච්ඥා කරමු." - ඔක්තෝබර මාසයේ සුදොතුම් පිය යැදුම් අදහස

Holy Father's October prayer intention: A Church that walks together; A Church that is open to everyone



(2022 ඔක්තෝබර 3)

2022 ඔක්තෝබර මාසයේ ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ගේ යැදුම් අදහස ඇතුළත් "සසුන් පිය වීඩියෝව" දැන් නිකුත් වී තිබේ. 

මේ මාසයේ සසුන් පිය වීඩියෝවෙන්  සුදොතුම් පියතුමා ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ලබන වසරේ ඔක්තෝබර මාසයේ පැවැත්වෙන "සිනොඩ් ගමන  පිලිබඳ සිනොඩ් කතිකාව" වෙනුවෙන් යාච්ඥා කරන ලෙසයි. එය පදනම් කරගනිමින් ශුද්ධාත්ම කේන්ද්‍රීය යැදුම  ආත්ම කොටගත් සෛනෝඩීය ගමනකට පිවිසෙන ලෙස එතුමා ඉල්ලා සිටියි. ඒ අනුව  මෙවර සසුන් පිය වීඩියෝවේ තේමාව වන්නේ "සියල්ලනට විවෘත වූ සභාවක්" වෙනුවෙන් යාච්ඥා කරමු යන්නයි. 

සිනොඩ් යනු කුමක්ද? 

සිය වීඩියෝ යැදුම්  පණිවිඩය නිකුත් කරමින් "සිනොඩ්" පදයේ අරුත ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සංක්ෂිප්තව විස්තර කරයි. ග්‍රීක වචනයක් වන එහි අරුත "එක්ව ගමන් කිරීම"(Walking together ) බව එතුමා පෙන්වා දෙයි. එක්ව ගමන් කරන ජනතාවක් නිතර ම "පාරේ සිටින ජනතාවක්" (People on the road ) බව ද  එතුමා සඳහන් කරයි. "පාරේ සිටින ජනතාවකට අක්‍රීයව සිටිය නොහැකිය. තුන් වන  සහශ්‍රකයට පිවිස සිටින කතෝලික ජනතාව මෙම කැඳවීම යළි තේරුම්  ගත යුතුව තිබේ. 

සවන් දෙන සභාවක් 

සයිනෝඩීය  හෙවත් 'එකට ගමන් කරන' සභාවක තිබිය යුතු එක් ප්‍රධාන ගුණාංගයක්, ගති ලක්ෂණයක් වන්නේ  'සවන්දීම' (Listening) බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මෙතැනදී 'සවන් දීම' සහ 'අසා ගැනීම' (hearing) යන වචන දෙක අතර ඇති වෙනස කතෝලික ජනතාව වටහා ගත යුතුය. සෛනෝඩීය ශෛලිය අනුව කල යුත්තේ හුදෙක් අසා ගැනීම නොවේ. සවන් දීමයි. අප අතර ඇති විවිධත්වය නොතකා සවන් දීමයි. 

එසේ සවන් දීමට නම් සභාවෙන් පිටත සිටිනන්ට ද සභාවේ දොරවල් විවෘත කිරීමේ  අවශ්‍යතාව සුදොතුම් පියතුමා පැහැදිලි කරයි. 

ජනතාවට 'සමීප බව' Closeness 

එකට ගමන් කරන සභාවක් එක් එක් තැනැත්තාට "සමීප" සංඝයක් විය යුතු ය. මන්ද සමීපත්වය දෙවියන් වහන්සේ ගේ ශෛලිය නිසා ය. 

දෙවියන් වහන්සේ මේ සහශ්‍රකයේ  සිය ජනතාවගෙන් බලාපොරොත්තු වන්නේ මෙය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සසුන් පිය වීඩියෝවේ විස්තර කරයි. 

එතුමා ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔක්තෝබර මාසය තුළ මේ අදහස වෙනුවෙන් යාච්ඥා කරන ලෙසයි. 

වීඩියෝ දර්ශන 


සසුන් පිය  වීඩියෝව සිය දර්ශන මගින් ද අරුත් බර කතාවක් කියයි. එක්ව ගමන් කිරීම, සවන් දීම, එකට යැදීම, එක්ව සතුටු වීම, පිළිගැනීම වැනි අවස්ථා රැසක් මෙම වීඩියෝවට ඇතුළත් වී තිබේ. 

සසුන් පිය වීඩියෝව මාස් පතා නිකුත් කරනු ලබන්නේ "සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය"  Pope’s Worldwide Prayer Network  විසිනි.  
"සියල්ලනට විවෘත වූ සභාවක් වෙනුවෙන් මේ මාසයේ යාච්ඥා කරන ලෙස සුදොතුම් පියතුමා අපෙන් මේ මාසයේ ඉල්ලා සිටීම පුදුමයක් නොවේ" යැයි මේ වීඩියෝව සමග නිවේදනයක් නිකුත් කරන එම යැදුම් ජාලයේ ජගත් අධ්‍යක්ෂ ෆ්රෙදෙරික් ෆොර්නොස් ජේ.නි. පියතුමා කියයි. "ප්‍රවිචය යන්නේ තේරුම සුදොතුම් පියතුමා අපට පැහැදිලි කර දෙයි. සිනොඩ් ගමන සැබෑ ආධ්‍යාත්මික ක්‍රියාවලියක් වන්නට නම් සවන් දීම, සංවාදය, යාච්ඥාව සහ ප්‍රවිචය යන සිව් වැදෑරුම් ක්‍රියා අවශ්‍ය වේ. යාච්ඥාවෙන් තොරව අපට ප්‍රවිච කල නොහැකිය. යාච්ඥා ]වෙන් තොරව අපට සුන්දර භාවනා කල හැකි නමුදු යාච්ඥාවෙන් තොරව අපට සිනොඩ් ගමනේ ප්‍රධාන ක්‍රියාකාරිකයා වන ප්‍රාණයාණන් වහන්සේට සවන් සිය නොහැකිය. 'යාච්ඥාව නොමැතිව සිනොඩ් ගමනක් නැත' යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසන්නේ ඒ නිසාය' යි ජේසු නිකායික ෆොර්නෝස් පියතුමා සඳහන් කරයි. 

සුදොතුම් පියතුමා ගේ ඔක්තෝබර යැදුම් අදහස සම්පූර්ණයෙන් 

"සිනොඩ්" යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? එයින් අදහස් වන්නේ "එක්ව ගමන් කිරීම" යන්නයි. Syn-od : ග්‍රීක බසින් එහි අරුත මෙයයි: "එකට ගමන් කිරීම" සහ එක මාවතක ගමන් කිරීම. 

දෙවියන් වහන්සේ තුන් වන සහශ්‍රකයේ සභාවෙන් බලාපොරොත්තු වන්නේ මෙයයි: එනම්, තමන්, මාවතේ ගමන් කරන, එකට සංචාරය කිරීමට  කැඳවීමක් ලබා ඇති ජනතාවක් ය යන  වැටහීම නැවත ලබා ගැනීමයි. 

මෙම සයිනෝඩීය පන්නයේ   සභාවක් යනු සවන් දෙන සභාවකි; එසේ ම 'සවන් දීම' යනු හුදෙක්  'ඇසීමට' වඩා වැඩි දෙයක් ය යන්න දන්නා සභාවකි. 

එහි අදහස නම්, අපගේ විවිධත්වය තුළ අප එකිනෙකාට සවන් දීම සහ සභාවෙන් පිටත සිටින්නන්ට දොරවල් විවෘත කිරීමයි. එහි අදහස මතිමතාන්තර එක්රැස් කිරීම හෝ පාර්ලිමේන්තුවක් පැවැත්වීම හෝ නොවෙයි. සිනොඩ් කතිකාව යනු සමීක්ෂණයක් ද නොවේ. එහි සිදුවන්නේ  ප්‍රධාන ක්‍රියාකාරිකයාණන්  වන ප්‍රාණයාණන් වහන්සේට සවන් දීමයි. යාච්ඥා කිරීමයි. යාච්ඥා කිරීමෙන් තොරව සිනොඩ් ගමනක් කල නොහැකියි. 

සමීපත්වයේ සභාවක් වීම සඳහා ලැබී ඇති මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගනිමු. සමීපත්වය. දෙවියන් වහන්සේ ගේ ශෛලිය එයයි. සිය සාවධාන සවන් දීම සමග සයිනෝඩීය  මාවතේ ගමන් කරන සියලු දේව ජනතාව වෙනුවෙන් අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. 

සභාව, සුවිශේෂයට විශ්වාසවන්ත වන  සහ එය දේශනා කිරීමට ධෛර්යවන්ත වන්නාවූ ද, දිනෙන් දින වැඩෙන සිනොඩීය බවේ පරිසරයක් තුළ ජීවත් වන්නාවූ ද,   සහයෝගීතාවයේ, සහෝදරත්වයේ සහ උණුසුම් පිළිගැනීමේ සංඝයක් වන ලෙස අපි යාච්ඥා කරමු.  

Comments

  1. Dear Saman.. Grateful indeed for this translation work.. God bless you..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය