"කටුක ජනතා සන්තාප අවභාවිත කරන ජනප්‍රියවාදී බලවේග වලින් ඈත් වී සංවාදයේ සමාජ මිත්‍රත්වයක් ගොඩ නගමු" - ජූලි මස සසුන් පිය යැදුම් අදහස

"That may be courageous architects of dialogue and friendship": Pope’s prayer intention for July



(2021 ජූලි 8)

ජනප්‍රියවාදී දේශපාලනයෙන් අප ඈත් කොට ගෙන සංවාදයේ සහ සමාජ මිත්‍රත්වයේ නිර්මාපකයන් වෙමු යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවට ඇරැයුම් කරයි. සමාජ, ආර්ථික සහ දේශපාලන ගැටුම්කාරී තත්ත්ව  වලදී ජනතාව සංවාදයේ සහ මිත්‍රත්වයේ නිර්භීත නිර්මාපකයන් බවට පත් වන පිණිස අපි යාච්ඥා කරමු යි එතුමා එම ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ආරාධනය කරන්නේ 2021 ජූලි මාසය වෙනුවෙන් සිය යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව නිකුත් කරමිනි. සෑම මාසයක ම සිය යැදුම් අදහසට එක් වන ලෙස එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවර ආරාධනා කරයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම  ධුරයට පත් වීමෙන්  පසුව එම යැදුම් අදහස බෙදා ගන්නේ සසුන් පිය වීඩියෝව මගිනි. 

යථාව අලුතින් දකින්න 

සුදො තුම් පියතුමා සිය යැදුම් අදහස ඇතුලත් වීඩියෝ පණිවිඩය ආරම්භ කරන්නේ "මිතුරකු සොයා ගන්නා  කෙනෙකු නිධානයක් සොයා ගෙන ඇති බව බයිබලය ප්‍රකාශ කරයි" යි කියමිනි. 

සංවාදය යනු යථාව නව කෝණයකින් බැලීමට අප යොමු කරන මාවතක් බව එතුමා පෙන්වා දෙයි. "මේ මගින් අප මුහුණ දෙන අභියෝග අනුරාගීව ජීවත් කිරීමටත් ඒ මගින් පොදු යහපත  ගොඩ නැගීමටත් අපට හැකි වන බව එතුමා කියයි.  

සමාජ ගැටුම් වල දී සංවාදයට ප්‍රමුඛත්වය දීමේ වටිනාකම එතුමා පහදා දෙයි. ඒ මගින් අප භේද කරන ධ්‍රැවීකරණයේ ක්‍රමවේදය අතහැර දමා  එය සෙසු ජනතාවට ගෞරව කිරීමෙන් පුරවන්නට එතුමා ආරාධනා කරයි. "මිතුරු කණ්ඩායම් වලින් ඔබ්බට ගොස් සමාජ මිත්‍රත්වයන්  ගොඩ නගා ගන්න. මනාව එකට ජීවත් වීමට එය අත්‍යවශ්‍ය වේ" යි එතුමා සඳහන් කරයි. 

ප්‍රශ්න වලට විසඳුම් ලබා නොදී, හුදෙක් ආකර්ෂණීය මායාවන් යෝජනා කරමින්  ජනතාවගේ කටුක සන්තාපයන් අවභාවිත කරන ජනප්‍රියවාදී දේශපාලනයෙන් ඈත් වන ලෙස එතුමා ඉල්ලා සිටියි. "සමාජ මිත්‍රත්වය තහවුරු කරමින් සෑම විට ම සරණ වීමට සූදානම්ව සිටින කාන්තාවන් සහ මිනිසුන් බිහිවන ලෙසත් සතුරු කම සහ යුද්ධයට අවස්ථාව නොලැබෙන ලෙසත් යාච්ඥා කරමු"යි එතුමා කතෝලික ජනතාවට ආරාධනා කරයි. 

භේදයට එරෙහිව සංවාදය 

සුදොතුම් පියතුමන් ගේ යැදුම් අදහස් පනිවිඩය  ඇතුළත් සසුන් පිය වීඩියෝව නිකුත් කරන සසුන්  පිය ලෝක ව්‍යාප්ත යැදුම්  ජාලය එම වීඩියෝව සමග ඊට සම්බන්ධ අදහස් ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබේ.

1946 සිට ලොව පුරා යුද්ධ වලින් මිය යන මිනිසුන් සහ ගැහැණුන් ගේ සංඛ්‍යාව අඩු වෙමින් පැවතිය ද සමාජයීය මට්ටමින් සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා සහ ගැටුම් වැඩි වෙමින් තිබෙන බව එම නිවේදනය පෙන්වා දෙයි. වර්ධනය වෙමින් පවතින භේද අවසන් වන්නේ බොහෝ සම්බන්ධතා විනාශ කරමිනි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2016 සිට විටින් විට මේ ගැන අනතුරු ඇඟවීම් කරන බව එම නිවේදනය කියයි. නිදසුනක් ලෙස "අප අතරේ සිටින ආගන්තුකයන්, සාංක්‍රමනිකයන් හෝ සරණාගතයන් අපට තර්ජනයක් සේ සලකා ඔවුන් අප ගේ සතුරන් බවට අප පත් කර නොගන්නෙමු ද?" යි එතුමා ප්‍රශ්න කරයි. භේදය, ධ්‍රැවීකරණය සහ සතුරු කම අපගේ සිතිවිලි, හැඟීම්  සහ ජීවන රටාව  ආක්‍රමණය කරන වෛරසක් බවට පත් වී ඇති ආකාරය ද එතුමා පෙන්වා දී තිබේ. 

එසේ ම අද දවසේ අපගේ සමාජය , දේශපාලනය සේ ම ජන මාධ්‍ය ද "බල ක්‍රීඩා" ඇති කරමින් භේදය සතුරු කමත් වර්ධනය කරන්නට ක්‍රියා කරන ආකාරය ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙන බව එම නිවේදනය පහදා දෙයි.  

"යහතින් එක ජීවත් වීමට අත්‍යවශ්‍ය වන සමාජ මිත්‍රත්වය ගොඩ නැගීමට අප ක්‍රියා කල යුත්තේ එබැවිනි. මුණගැසීමේ සංස්කෘතියක් ගොඩ නැගීම නොකඩවා කරගෙන යා  හැක්කේ එවැනි මිත්‍රත්වයකට ය. එය සෑම දෙනෙකුටමත්, විශේෂයෙන් සමාජයේ පරිධියේ ජීවත් වන්නන් සහ අන්ත දුප්පත්, දුර්වල සහ පීඩිත ජනතාව වෙතටත් අප සමීප කරයි" යි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ. 

සුදොතුම් පියතුමන් ගේ  ජූලි මස යැදුම් අදහස් පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේ ය: 

"මිතුරකු සොයා ගන්නා තැනැත්තෙකුට  නිධානයක් හමු වී  ඇතැයි බයිබලය කියයි.

සිය මිත්‍රත්ව කණ්ඩායම් වලින් ඔබ්බට යමින් සමාජ මිත්‍රත්ව ගොඩ නගා ගන්නා ලෙස සෑම කෙනෙකුට ම ආරාධනා කිරීමට මම කැමැත්තෙමි. යහතින් එකට  ජීවත් වීමට එය අත්‍යවශ්‍ය ය. 

විශේෂයෙන් ම අප අන්ත දුප්පත් සහ දුර්වල ජනතාව සමගත්, පරිධියේ සිටින ජනතාව සමගත් නව මුණගැසීම් ඇතිකර ගත යුතු ය. ප්‍රශ්න වලට  විසඳුම් ඉදිරිපත් නොකර, විසඳුම් නොවන ආකර්ශනීය මායාවන් යෝජනා කරමින් ජනතාව ගේ කටුක සන්තාපයන් අවභාවිත කරන ජනප්‍රියවාදී බලවේග වලින් අප ඈත්  විය  යුතු ය. 

ධ්‍රැවීකරණය ඉතිරි කරමින් විනාශය එක ම ප්‍රතිඵලය බවට පත් කරන  සමාජ සතුරු බවින් අප පලා යා යුතු ය.    

 මෙය සෑම විට ම පහසු නැත. විශේෂයන් ම බල ක්‍රීඩා මගින් අනෙකා පරාජය කිරීම අරමුණු කරගත් සතුරන් ම ජනිත කිරීමට  අපගේ දේශපාලනය  සමාජය සහ ජනමාධ්‍ය නැඹුරු වී ඇති අපේ යුගයේ මෙය ඉතා අපහසු කාර්යයකි. 

යථාව නව දෘෂ්ටි කෝණයකින් දැකිය හැකි මාවත සංවාදයයි. ඒ මගින්,  අප මුහුණ දෙන අභියෝග අනුරාගී අභිලාශයකින් ජීවත් වෙමින් පොදු යහපත ගොඩ නගන්නට අපට හැකියාව ලැබේ. 

ගැටුම්කාරී සමාජ, ආර්ථික සහ දේශපාලන තත්ත්ව වල දී සංවාදයේ සහ මිත්‍රත්වයේ නිර්භීත සහ අනුරාගී නිර්මාපකයන්  වන පිණිසත්, සමාජ මිත්‍රත්වය තහවුරු කරමින් සෑම විට ම සරණ වීමට සූදානම්ව සිටින කාන්තාවන් සහ මිනිසුන් බිහි කරන  ලෙසත්, සතුරු කමට  සහ යුද්ධයට අවස්ථාව නොලැබෙන ලෙසත් අපි යාච්ඥා කරමු."


Comments

  1. ""wathican sulaga"" msg ewanna
    nikini0908

    ReplyDelete
  2. ""wathican sulaga"" msg ewanna
    nikini0908@gmail.com

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය