"රැකියා උදා කරන සැබෑ ආර්ථිකය අර්බුදයට ලක් වෙලා. එහෙත් මූල්‍ය වෙළෙඳ පොළ පිම්බිලා" - මැයි මාසය සඳහා යැදුම් වීඩියෝවෙන් සුදොතුම් පියතුමා කියයි

Pope’s May prayer intention: ‘For the world of finance’



(2021 මැයි 9)

"මුල්‍ය පාලනය  නියාමනය නොකළහොත්, එය විවිධ මුල්‍ය ප්‍රතිපත්ති විසින් දුවවනු ලබන හුදු අනුමානයක් පමණක් වනු ඇත. ,මෙම තත්වය  ධරණීය එකක් නොවේ. එය අනතුරු දායකය ...."

"මේ නිසා එහි අනතුරු වලින් පුරවැසියන් ආරක්ෂා කරනු පිණිස, ඒවා නියාමනය කරනු සඳහා  මුල්‍ය ක්ෂේත්‍රයේ නියුතු වූවන් ආණ්ඩු සමග එක්ව ක්‍රියා කරන ලෙස මැයි  මාසයේ දී යාච්ඥා කරමු" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවට ආරාධනා  කරයි. 

එතුමා මේ ඉල්ලීම කරන්නේ මැයි  මාසය සඳහා සිය යැදුම් අදහස ප්‍රකාශයට  පත්කරමිනි. 

සුදොතුම් පියතුමන් ගේ මාසික යැදුම් අදහස අන්තර්ගත  "සසුන් පිය වීඩියෝව" ඉකුත් දා නිකුත් කරනු ලැබිණි. එය නිෂ්පාදනය කර ප්‍රවර්ධනය කරනු ලබන්නේ  "සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය"  විසිනි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මාසික යැදුම් අදහසේ විශේෂත්වය වන්නේ වෙනත් පාප් වහන්සේලා මෙන් නොව, එතුමා යැදුම් අදහස සමග ඊට පාදක වන දේශපාලන, සමාජයීය හෝ ධාර්මික සන්දර්භය ඇතුළත් පණිවිඩයක් ද ඊට ඇතුලත් කිරීමය. ලෝකයේ මුල්‍ය වෙළෙඳ පොළ වෙනුවෙන් යාච්ඥා  කරන ලෙස මෙවර ඉල්ලා සිටින එතුමා, වර්තමානයේ ලෝක මූල්‍ය වෙළෙඳපොළ හසුරුවනු ලබන ආකාරය  නිසා ලෝක සමාජයේ විශාල පිරිසක් දුප්පත් කමට ගොදුරු වී ආකාරය පෙන්වා දෙයි. 

"සැබෑ ආර්ථිකය, රැකියා උදා කරන ආර්ථිකය, අර්බුදයට ලක් වී තිබේ," යි සුදොතුම් පියතුමා සසුන් පිය වීඩියෝ පණිවිඩය ආරම්භ කරමින් අනතුරු අඟවයි. 

"මේ වන විට කෙතරම් ජනතාවක්  රැකියා විරහිතව සිටිත්ද ! එහෙත් මූල්‍ය වෙළෙඳ පොළ අද දකින්නට ඇති තරමට පිම්බුණු තවත්  කාලයක් දක්නට නොවී ය." 

මූල්‍ය වෙළෙඳ පොළ රැසෙක වර්තමානයේ  දක්නට ලැබෙන තාවකාලික 'පෙණ බුබුළු ' සහ සාමාන්‍ය ජනතාව ගේ ජීවිත අතර ඇති අසම්බන්ධතාව කෙරෙහි එතුමා ප්‍රතිපත්ති සම්පාදකයන් ගේ අවධානය යොමු කරයි:

"මේ වන විට කෙතරම් ජනතාවක්  රැකියා විරහිතව සිටිත්ද ! එහෙත් මූල්‍ය වෙළෙඳ පොළ අද දකින්නට ඇති තරමට පිම්බුණු තවත්  කාලයක් දක්නට නොවී ය." 

නියාමනය අවශ්‍යයි 

අති මූල්‍ය තත්වය නියාමනය නොකර එසේ පවතින්නට ඉඩ හරින්නේ නම්, එය විවිධ මූල්‍ය ප්‍රතිපත්ති විසින් දුවවනු ලබන හුදු අනුමානයක් බවට පවත්වන බව සසුන් පිය වීඩියෝව කියයි. 

"මෙය පවත්වා ගත හැක්කක් නොවේ. එය අනතුරු දායකය,: යි එතුමා සඳහන් කරයි. "මේ ක්‍රමය නිසා දුප්පත් ජනතාව දුක් විඳීම වැලැක්වීම සඳහා මූල්‍ය අනුමානය පරෙස්සමින් නියාමනය කළ යුතු ය" යි එතුමා කියා සිටියි. 

යුක්තිය සහ ආර්ථිකය 

මුදල් පාලනය ජනතා අවශ්‍යතා සපුරාලීමේ වාහනයක් වීම වඩා හිතකර තත්වයක් උදා කරනු ඇතැයි එතුමා බලාපොරොත්තු පල කරයි.

"මූල්‍ය පාලනය සේවාවේ ආකෘතියක් ද, ජනතාවට සේවාව කිරීමේ උපකරණයක් ද අපගේ පොදු නිවහනට  (මිහිතලයට ) සත්කාර කිරීමේ මාර්ගයක් ද වේවා!" යි එතුමා ප්‍රාර්ථනා කරයි. 

"මූල්‍ය පාලනය සේවාවේ ආකෘතියක් ද, ජනතාවට සේවාව කිරීමේ උපකරණයක් ද අපගේ පොදු නිවහනට  (මිහිතලයට ) සත්කාර කිරීමේ මාර්ගයක් ද වේවා!"

වර්ධනය වෙමින් පවතින අසමානතාව 

සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය සසුන් පිය වීඩියෝව සමග මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. උච්චාවචනය වන  වෙළෙඳ පොළ සහ කෝවිඩ්-19 වසංගතය නිසා දරුණු වූ අසමානතා සම්බන්ධයෙන් සුදොතුම් පියතුමන් ගේ සැලැකිල්ල යොමු වී ඇතැයි යැදුම් ජාලය එම නිවේදනයෙන් පැහැදිලි කරයි. 

දෙවන ලෝක මහා සංග්‍රාමයට පසුව ප්‍රථම වරට දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මේ වන විට රැකියා අහිමි වී ඇති බවත් මෙහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය දල දේශීය නිෂ්පාදිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද එහි සඳහන් වේ. 

පොදු යහපත සඳහා මුදල් යොදවන්න 

මෑතක දී ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලියුමක් ලියූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා, සමාජයේ පරිධියේ සිටින ජනතාව මූල්‍ය වෙළෙඳ පොළවලින් බැහැර කිරීම ගැන සිය කණස්සල්ල පල කලේ ය. 

මූල්‍ය වෙළෙඳ පොළ නියාමනය කල යුතු බව එතුමා පවසන්නේ මේ නිසා ය. ඒවා සමාජ අරමුණු සහ පොදු යහපත වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ය යන්න එතුමා ගේ අදහස ය. 

මැයි මස යැදුම් අදහස සම්පූර්ණයෙන් 

"රැකියා උදා කරන්නා වූ සැබෑ ආර්ථිකය අර්බුදයට ලක් වී තිබේ. දැන් කෙතරම් ජනතාවක් විරැකියාවට ගොදුරු වී සිටිත් ද! - එහෙත් දැන් තරම් මූල්‍ය වෙළෙඳ පොළවල් විස්තාරණය වූ කාලයක් නොවී ය. 

අධි මූල්‍ය පාලනය සාමාන්‍ය ජනතාව ගේ ජීවිත වලට කෙතරම් දුරස්ථ ද ! මුල්‍ය පාලනය නියාමනය නොකරන්නේ නම්, එය විවිධ මුදල් ප්‍රතිපත්ති විසින් දුවවනු ලබන හුදු අනුමානයක් වනු ඇත. 

මෙම තත්වය පවත්වාගත නොහැකිය. එය අන්තරාදායක ය. 

මේ ක්‍රමයේ  වේදනාකාරී ආදීනව වලින් දුප්පතුන් පීඩනයට පත් වීම වැලැක්වීම සඳහා මුල්‍ය අනුමාන කිරීම නියාමනය කල යුතු ය. 

අනුමාන කිරීම. මම එය අවධාරණය කරනු කැමැත්තෙමි. 

මූල්‍ය පාලනය සේවාවේ ආකෘතියක් ද, ජනතාවට සේවය කිරීමේ උපකරණයක් ද අපගේ පොදු නිවසට සත්කාර කිරීමේ ක්‍රමයක් ද වේවා! 

වෙනස් ආකාරයේ ආර්ථික ක්‍රමයක් වෙත ගෝලීය වශයෙන් වෙනස් වන ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා අපට තවමත් කාලය තිබේ; එය වඩාත් සාධාරණ, සියල්ලන්  අන්තර්ග්‍රහණය කරගන්නා සහ වඩාත් ධරනීය එකක් ද, කිසිවෙකුත් අතර මග අතහැර නොයන එකක්  ද විය යුතු ය. 

අපට  මෙය කල හැකිය. ඉතින්, පුරවැසියන් එහි අනතුරු වලින් ආරක්ෂා කිරීම සඳහා එය නියාමනය කරනු පිණිස   මූල්‍ය පාලනය භාරව සිටින්නන්, ආණ්ඩු සමග එක්ව ක්‍රියා කරන ලෙස අපි යාච්ඥා කරමු.


Comments

  1. Do appreciate the translation work..need of the hour.. blessings

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය