"දුප්පත්කම නොවැලක්විය හැක්කක් නොවේ" - "මිත්‍රත්වයේ නගරයක් " වූ මැඩගස්කරයේ පැරැණි කුණු වළේ දී සුදොතුම් පියතුමා කියයි. - "අප එක්සත් වූ විට සිහිනයක් නොවූ දේ ගැන සිහින දකින්නට පුළුවන්"

"Poverty is not inevitable!" Pope Francis says at the 'Friendship City'-turned-old Garbage dump in Madagascar: 'Together we can dream of and undertake things undreamt of"

සුදොතුම් පියතුමා අකමසෝවා නගරයේ දී. එතුමාගේ දකුණු පසින් සිටින රැවුල සහිත පියතුමා පෙද්‍රෝ ඔපෙකා පියතුමා යි. 

(2019 සැප්තැම්බර් 9)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පාප් ධුර සමය ආරම්භ කල මොහොතේ සිට කරන ප්‍රකාශයක් තිබේ. එනම් සභාව ධර්මදානය සඳහා "පරිධිය" (Peripheries) වෙත ගමන් කල බවයි. වචන සහ ප්‍රකාශ වලින් නොනැවතී එතුමා පර්යන්ත වල සැරිසරයි. නවක කාදිනල් හිමි වරුන් තේරීමේ සිට ම එතුමා කරන්නේ පර්යන්තවලට ගමන් කිරීමය.

මේ දිනවල රටවල් තුනක අපෝස්තලික දූත ගමනක  යෙදී සිටින එතුමා සැප්තැම්බර් 8 වන දා එවැනි දෝංකාර දෙන පර්යන්තයකට ගියේය.

එනම් මැඩගස්කරයේ අගනුවර වන ඇන්ටනනාරිවෝව කෙලවරේ පිහිටා ඇති අකමසෝවා  හෙවත් "මිත්‍රත්වයේ නගරය" යි.

මෙම නගරය අද පවතින තත්වයට ගොඩ නගන ලද්දේ ආජන්ටිනා ජාතික   පෙද්‍රෝ ඔපෙකා ධර්මදූතික පියතුමා විසිනි. එතුමා සිය තරුණ වයසේ දී එවකට හොර්හේ මාරියෝ බෙර්ගෝලියෝ පියතුමා (වත්මන් සුදොතුම් පියතුමා) ගෙන්  දේව ධර්මශාස්ත්‍රය හැදෑරු ශිෂ්‍යයෙක් විය.   ධර්මදුතයකු ලෙස මැඩගස්කරයේ සේවාවට  පැමිණි ඔපෙකා පියතුමා 1989 දී මෙම ප්‍රදේශයට පැමිණියේ එතුමා ගේ රදගුරු තුමාගෙන් ස්ථාන මාරුවක් ඉල්ලා ගෙනය. මන්ද තමා සේවාව කල පිටිසර ගම්මාන වල තිබූ දුප්පත්කම දරා ගන්නට එතුමාට නොහැකි වීම නිසා ය. එහෙත් නගරයේ තත්වය ඊට වඩා අන්ත දුක්ඛිත බව ඔපෙකා  පියතුමාට දිනකින් දෙකකින් ම තේරුම් ගියේය. මෙම නගරයේ ළමයින් ජීවත් වුනේ කුණු  කසල වළවල් වලය. ඔව්හු කුසගිනි නිවා ගැනීමට කසළ වලේ කෑම උදුරා ගැනීම  සඳහා එකිනෙකා සමගත් බල්ලන් සහ ඌරන්  වැනි සතුන් සමගත් සටන් කළහ. මේ නගරය අද පවතින තැන එදා තිබුනේ කසළ වළකි. නගරයේ මිනිසුන් අහක දමන කසල වලින් ජීවත් වූ  ඔවුන්  කසළ වළේම මිය ගියේ කාත් කවුරුවත් නැතිව ය.  

දුපත්කමින් පළා ආ පෙද්‍රෝ ඔපෙකා පියතුමා දුප්පත්කම තුරන් කරන්නට ඉටා ගත්තේය. ඔපෙකා පියතුමා  දුප්පතුන් ගේ දුප්පතුන්ට උදව් කිරීමේ සහයෝගිතා ව්‍යාපාරයක් ලෙස 1990 දී අකමසෝවාවට මුල පිරුවේය. 

අවුරුදු 30 කට පසුව අද කුණු වළක්  වෙනුවට එහි දක්නට ඇත්තේ ගලින් බැඳුනු නිවාස 5000 කින් යුත්  නගරයකි. සෑම ගෙයක් ම එකම සැලැස්මකට ගොඩ නගා තිබේ. එහෙත් එකිනෙකට වෙනස් පාටින් ඒවා පින්තාරු කර තිබේ. ඒවායේ 30,000කට ආසන්න ජනතාවක් ජීවත් වෙති. ජීවිත හෝ සමාජ අර්බුද අවස්ථාවල සෙවන දෙන "පිළිගැනීම් මධ්‍යස්ථාන" රැසක් ද මෙම නගයේ තිබේ. ඒවායින් මේ වන විට ලක්ෂ නවයකට අධික ජනතාවක් සරණ ලබාගෙන ඇත. අකමොසෝවා නමැති මෙම නගරයේ පවතින වෛද්‍ය මධ්‍යස්ථාන, පාසල්, කාර්මික සේවා ස්ථාන සහ දූත සේවා වලින් රැකියා 3000කට අධික සංඛ්‍යාවක් ජනිත කර තිබේ.

දුප්පත් කම නියතයක් නොවේ. 

අකමොසෝවා හෙවත් "මිත්‍රත්වයේ" නගරයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැමිණෙන විට එහි රැස්ව සිටි දරු දැරියන් ගේ ප්‍රීති ඝෝෂාවෙන් සහ කන් බිහිරි කරන අත්පොලසන් නාදයෙන් පරිසරය නින්නා ද විය.

"දුප්පත්කම නොවැලක්විය හැක්කක් නොවේ" එහි රැස්ව සිටි ජනතාව සහ ළමයින් අමතමින් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

"අකමසෝවා යනු ධෛර්යයේ සහ අන්‍යොන්‍ය සහයෝගයේ දීර්ඝ ඉතිහාසයක ප්‍රතිබිම්බය යි. මෙම නගරය දීර්ඝ කාලයක් තිස්සේ මහන්සි වී වැඩ කිරීමේ ඵලයකි. එහි පදනම තුළ අප දකින්නේ කඳු සෙළවිය හැකි තරමේ විශ්වාසයක් ක්‍රියාවට හරවා තිබෙන ආකාරයයි. අනාරක්ෂිත බව වෙනුවට අවස්ථාවත්, නොවැලක්විය හැකි බව වෙනුවට බලාපොරොත්තුවත් අපි එහි දකිමු. එසේ ම කාලයකට ඉහත මරණයට සහ විනාශයට පමණක් කතා කල ස්ථානයක අපි දැන් ජීවිතය දකිමු" යි සුදොතුම් පියතුමා කීවේ ය.

"දුප්පත්කමේ අනර්ථකාරී ප්‍රතිඵල වලට එරෙහිව සටන් කිරීම කිසි දිනෙකත් නවත්වන්න එපා!" යි එතුමා එහි රැස්ව සිටි ළමයින් සහ තරුණ තරුණියන් දිරිමත් කළේය. "පහසු ජීවිතයක දුර්පරීක්ෂාවටත් ඔබ වෙතම පසු බැසීමේ පරීක්ෂාවටර්හ් කිසිදා හසුවන්නට එපා!"ඔබගේ ගැටළු වලට කිතුනු ප්‍රතිචාරයක් සොයන්න..දෙවියන් වහන්සේ සොයන්නේ තනි තනිව වීර චාරිකා වල යෙදෙන්නන් නොවේ. අපට තනිව ම විශිෂ්ට ජයග්‍රහණ ලබා ගත හැකියි. එහෙත් අප එක්සත් වූ විට කිසි දා අප නොදුටු සිහින දකින්නට අපට හැකිවෙයි" යි එතුමා කියා සිටියේය.


Comments

  1. This is why I decided to be a member of the National Intellectual Organization (NIO). Now we have formed National Peoples' Power (NPP). Our dream is to make NPP a broad movement like Jesus Movement. Inclusivity is one of the main principles of the NPP. NPP includes the people who are marginalized and those who are excluded by the existing political, cultural, commercial and socio-economic powers. In this endevour Pope Francis is an inspiration.

    Thank you Saman Kapila for letting us know about his scriptural inspiration relevant to our struggle in native language.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය