"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මිථ්‍යා දෘෂ්ටිය පතුරුවනවා": අප්‍රකට සහ කුප්‍රකට කණ්ඩායමක්‌ චෝදනා කරයි; අන්තර්ජාල පෙත්සමකුත් ප්‍රසිද්ධ කෙරේ

A group accuses Pope Francis of "spreading heresy"; Scholars say accusations are marked by 'hypocrisy' 

සුදොතුම් පියතුමා කොලම්බියාවේ දී තුවාල ලැබුවා

(2017 සැප්තැම්බර් 25)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් "මිථ්‍යා දෘෂ්ටියක්" පතුරුවන බවට චෝදනා කරමින් බුද්ධිමතුන් යැයි පවසන පිරිසක් විසින් එතුමන් වෙත යොමු කරන ලද ලිපියක් එම කණ්ඩායම විසින් දැන් අන්තර් ජාලයට මුදා හැර තිබේ. ඔවුන් පවසන්නේ මෙම "පෙත්සමට" පක්ෂව තවත් අයගේ අත්සන් එකතු කිරීම සඳහා මෙය අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කල බවයි.

මෙම "පෙත්සම" නම් කර ඇත්තේ ලතින් බසින්  ‘Correctio filialis de haeresibus propagatis’ යනුවෙනි. එහි අදහස " මිථ්‍යා දෘෂ්ටියක් පැතිරවීමට අදාළ දාරක නිවැරදි කිරීම" යන්නයි.

මෙම පෙත්සමට පාදක වී ඇත්තේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් 2016 වසරේ දී නිකුත් කරන ලද  "Amoris laetitia" හෙවත් "ප්‍රේමයේ ආනන්දය" නමැති අපෝස්තලික හසුනයි.

සුදොතුම් පියතුමන් මෙම අපෝස්තලික හසුනට අමතරව  වචනයෙන් , ක්‍රියාවෙන් සහ අතපසු කිරීම් මගින්, විවාහය, ශිල ධර්මය සහ දේව ප්‍රසාද නිධාන ලබා ගැනීම සම්බන්ධයෙන් මිථ්‍යා දෘෂ්ටික මත (හෙවත් දුර්ලබ්ධීන්)  7 ක්  පතුරුවා ඇති බවට මීට මුලින් අත්සන් තබන  ලද 63 දෙනා චෝදනා කරති.

පෙත්සමේ කොටස් තුනක් 

මෙම කණ්ඩායම නිකුත් කර ඇති සුදොතුම් පිය විරෝධී  පෙත්සම කොටස් තුනකින් සමන්විතය.

පළමු කොටසින් ඊට අත්සන් තැබූ පිරිස විස්තර කරන්නේ පාප් වහන්සේ නිවැරදි කිරීමට තමන් සතුව ඇති අයිතිවාසිකම හා යුතුකමයි. ජනතාව නොමග යවන පූජක වරුන් ඉදිරියේ නිහඬව නොසිටිය යුතු බවට සභා නීතියම නිර්දේශ  කරන බව ඔව්හු පවසති. පාප් වහන්සේ ගේ නිරවද්‍ය භාවය වලංගු වන්නේ එතුමන් උගන්වන දේ කතෝලික සභාවේ වේද සත්‍යතා වලට  (dogma)  පටහැනි නොවන්නේ නම් පමණක් බව ඔව්හු ප්‍රකාශ කරති. දෙවියන් වහන්සේ විසින් තමනට යමක් හෙළිදරව් කර ඇති බව පැවසීමට ද පාප් වහන්සේ කෙනෙකුට නොහැකි බව ඔව්හු කියති.

පෙත්සමේ දෙවැනි කොටසේ  අත්සන් කරුවන් විස්තර කරන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පතුරුවන  බවට ඔවුන් චෝදනා කරන මිථ්‍යා දෘෂ්ටික (හෙවත් දුර්ලබ්ධික)  ඉගැන්වීම් ය. සභා ඉගැන්වීම් වලට පටහැනි වන බව ඔවුන් පවසන "ප්‍රේමයේ ආනන්දය" අපෝස්තලික හසුනේ කොටස් මෙහි උපුටා දක්වා තිබේ. ඊට අමතරව වෙනත් දේශනා ක්‍රියා සහ අතපසු කිරීම් වලින් එතුමන් විසින් උගන්වා ඇති බව කියන 'මිථ්‍යා දෘෂ්ටික අදහස් ද ඔවුන් විස්තර කර ඇත.

තුන්වන කොටස ඔවුන් නම් කර ඇත්තේ "පහදා දීම" යනුවෙනි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම 'අදහස්' ප්‍රකාශ කරන්නේ හේතු දෙකක් නිසා බවට මෙම කොටසේ පෙත්සම් කරුවෝ චෝදනා චෝදනා කරති. ඉන් එකක් නම් එතුමා නූතනවාදයට (Modernism) ගොදුරුව සිටීම බව ඔව්හු කියති. නූතනවාදය පවසන්නේ දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයාට සන්නිවේදනය කර ඇත්තේ  අත්දැකීම් පමණක් බවයි. එම ඉගැන්වීම් අත්දැකීම් අනුව වෙනස් විය හැකිය. මේ අනුව සභාව දෙවියන් වහන්සේ ගැන උගන්වන දේ කිසි විටෙක වේද සත්‍යතාවක් බවට පත්  නොවන්නේය යන්න නූතනවාදයේ ඉගැන්වීමයි. එසේම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ප්‍රොතෙස්තන්තවාදයේ නිර්මාතෘ මාටින් ලූතර් ගේ බලපෑමට ගොදුරු වී ඇති බවට ද ඔව්හු චෝදනා කරති. විවාහය, දික්කසාදය, සමාව දීම වැනි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ ඉගැන්වීම් වලට පාදක වී ඇත්තේ මාටින් ලූතර් ගේ ඉගැන්වීම් ය යන්න ඔවුන් ගේ මතයයි.

කුහක කමක්

මෙම චෝදනා වලින් කියවෙන කරුණු පිළිබඳව  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිනයකින් හෝ සිතුවාද යන්න ප්‍රශ්නයකි. ඒ තරමටම මවා ගත් චෝදනාවලින් ගහන මෙම පෙත්සම හුදෙක් සභාවට මග පෙන්වීමට ඉදිරිපත් කල ලියවිල්ලක් නොව හුදෙක් වෛරය හා භේදය ඇතිකිරීම අරමුණු කරගත් මඩ ප්‍රකාශයක් පමණක් ලෙස පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් රෝමයේ සහ ඇමෙරිකාවේ දේවධර්මය පිලිබඳ  වියතුන් පෙන්වා දෙන්නේ මෙම චෝදනා කුහක කමින් ගහන වූ ඒවා බවයි.

"පාප් වහන්සේට මිථ්‍යා දෘෂ්ටියක්   ගැන චෝදනා කරන මේ  පෙත්සම් කරුවන් යෝජනා කරන්නේ ඉතා භයානක  ශාසන වේදයක් (Ecclesiology), භායනක දෙවධර්මයක්, එසේම සභා ව්‍යුහයේ ස්වභාවය  පිලිබඳ බියකරු චිත්‍රයක් " යයි   කතෝලික සභාවේ අධිකාරී බලය පිලිබඳ කෘති කිහිපයක් ලියා ඇති බොස්ටන් දේවධර්ම සරසවියේ දේවධර්ම ආචාර්ය රිචර්ඩ් ගේලාඩේට්ස් පවසයි. "කතෝලික සභාවේ නායකයන් සමග සමවායෙන් දැනට කෙරෙමින් පවතින නිශ්චය කිරීම් සඳහා සිය නිහතමානි අදහස් ඉදිරිපත්කරන දේවධර්ම වේදීන් හෝ පූජකයන් පිරිසක් මේ පිරිස අතර අපට හමුවන්නේ නැහැ. ඔවුන් සුදොතුම් පියතුමන් නිවරැදි කරන්නට යන්නේ තමන් නිවැරදිය යන භයානක සිතිවිල්ලේ සිටයි" යයි ඔහු සඳහන් කරයි.

ස්ටීවන් වොල්ෆාර්ඩ් යනු පාප් ධුරය හා දේවධර්මය පිලිබඳ කෘති කිහිපයක් ලියු ගත්  කතුවරයෙකි. ඔහු පවසන්නේ මෙම පෙත්සම් කරුවන් ගේ මිථ්‍යා දෘෂ්ටි චෝදනා සුදොතුම් පියතුමා විසින් කිසිදා නොකියන ලද ඒවා බවයි. "මේවා අමූලික බොරු. අති දැවැන්ත කුහකකම්" ඔහු අවධාරණය කරයි.

"මාටින් ලූතර් සම්බන්ධයෙන් ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා සතුව ඇතැයි කියන  ආකල්පය ගැන ඔවුන් එතුමාට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. එහෙත් පාප් වහන්සේ ගේ ගුරු බලය පිළිබඳව ඔවුන්ගේ විනිශ්චය ප්‍රොතෙස්තන්තවාදය ම මිස  අන් දෙයක් නොවේ. ඒකට කියන්නේ DIY කතෝලික කම (do-it-yourself "ඔබම කර ගන්න" කතෝලික කම) කියලා." ඔහු පෙන්වා දෙයි. .

මේ වන විට ප්‍රැන්සිස් පාප් වහන්සේටත් එතුමන්ගේ  උපදේශකයන් හා එතුමන්ගේ දැක්මට සහාය දක්වන පූජක, පැවිදි, ගිහි පිරිස් වලට එල්ල වන ප්‍රහාර ගැන ද වෝල්ෆ්ර්ඩ් සිහිපත් කරයි. "සමාජ මාධ්‍ය ජාලවල ගැවසෙමින් ටික වෙලාවක් ගත කරන විට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාටත් එතුමාට පක්ෂපාතී අයටත් එල්ලවන විනිශ්චයෙන් යුත් ප්‍රහාර කෙතරම් ද්වේශ සහගත දැයි වටහා ගන්නට පුළුවන්. ඒවායේ තිබෙන්නේ කෝපය, ද්වේශය, අහංකාරය, ගර්හාවට ලක් කිරීම සහ අකාරුණික බව මිස වෙනත් ගත යුත්තක් නොවේ" ඔහු සඳහන් කළේය.

අප්‍රකට මෙන්ම කුප්‍රකට පෙත්සම් කරුවෝ 


එසේම ඊට අත්සන් තැබූවන් නියෝජනය කරන්නේ වියතුන් අතර ආන්තික පිරිසක් බවත් ඔවුන් අතර ප්‍රකට හා ගෞරවයට පාත්‍ර වූ කතෝලික වියතුන් නොමැති බවත් මෙම විචාරකයෝ  පෙන්වා දෙති. පෙත්සම් අත්සන් කරුවන් බොහෝ දෙනෙක් කිසිදු ප්‍රසිද්ධියක් නොමැති අයයි.

"මේ පෙත්සමට අත්සන් තැබූ අයගේ ප්‍රමුඛත්වය බලන්න. ඒ අය ඇත්තෙන් ම කිසිවෙකුවත්  නොදන්නා අයයි " යැයි ආචාර්ය රිචර්ඩ් ගේලාඩේට්ස් පෙන්වා දෙයි.

මෙම පෙත්සමට අත්සන් තබුවන් අතර කුප්‍රකට පුද්ගලයෝද වෙති. නිදසුනක් ලෙස "ආගමික කටයුතු ආයතනය" යන නිල නමින් හැඳින්වෙන වතිකාන බැංකුවේ හිටපු සභාපති එට්ටෝරේ ගොට්ටි තෙදේෂි ද වෙයි. වතිකාන බැංකුව කළු සල්ලි විශුද්ධි කරණය කරන බවට චෝදනා එල්ල වූයේ ඔහු සභාපති වරයාව සිටි සමයේය. 2012 දී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන ආ විශ්වාස භංග යෝජනාවකින් තෙදේෂිට සභාපති ධුරය අහිමිවිය. වතිකාන බැංකුවට එල්ල වූ මෙම චෝදනාව සොළොස්වන බෙනඩික් පාප් වහන්සේට විශ්‍රාම යාමට බලපෑ ප්‍රධාන හේතු අතර එකක් ද වූයේය.

මෙම පෙත්සමට අත්සන් තැබූ තවත් කෙනෙකි, ශු දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේට අකීකරු වී .සභා භේදයක් ඇති කල  දසවැනි පියුස් සමාජයේ වත්මන් නායක බර්නාඩ් ෆෙලේ රදගුරු තුමා. ඔහු ශු. පේදුරු තුමන් ගේ ආසනයට අභියෝග කරමින්, සුදුතුම් පියනමකට අකීකරු වෙමින් අති  සාම්ප්‍රදායික නිකායක් පිහිටු වූ කෙනෙකි. මෙම නිකාය හා එහි නායකයන් සභාවෙන් නෙරපා හැරීමට ශු. ජුවාම් පාවුළු  පාප් වහන්සේට එදා සිදුවිය. පාප් වහන්ස් ගේ ගුරු බලය හා දුර්ලබ්ධිය ගැන මෙවැනි පුද්ගලයන් අද කතා කරන විට කතෝලිකයනට හැඟී යන්නේ කුමක්දැයි  විචාරකයෝ ප්‍රශ්න කරති.


කාදිනල් රේමන්ඩ් බර්ක් ?


ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ "ප්‍රේමයේ ආනන්දය" අපෝස්තලික හසුනට මුලින්ම දැඩි ලෙස චෝදනා  කලේ ඇමෙරිකානු ජාතික රේමන්ඩ් බර්ක් කාදිනල් හිමි ය.  "ඩුබියා" හෙවත් "සැකය" නමැති ලියවිල්ලක් පාප් වහන්සේට දී වහාම ඊට පිළිතුරු දෙන්නයි එතුමනට  මුලින්ම බල කලේ ඔහුය.

ඉන් පසුව පාප් වහන්සේ බර්ක් කාදිනල් තුමන් පත්කර තිබුණේ නයිට්ස් ඔෆ් මෝල්ටා යන ඉපැරණි සංවිධානයේ ආත්මික අධ්‍යක්ෂවරයා ලෙසය. එම සංවිධානයේ නායකත්වය තුළ ඇති වූ අරගලයක් සංකීර්ණ තත්වයට පත් කර යලිත් වරක් සුදොතුම් පියතුමා අස්ථාවර කිරීමට එතුමා තවත් අසාර්ථක උත්සාහයක යෙදුනේය,  

කෙසේ නමුත්  කාදිනල්  බර්ක් හිමි මෙම පෙත්සමට අත්සන් කර නැත. 

එහෙත් මෙම පෙත්සම ඉදිරිපත් කල අප්‍රකට සහ කුප්‍රකට බලවේගය පසුපස කිසියම් අදිසි ප්‍රබල හස්තයක් තිබේ ද  ද යන්න ගැන මෙතෙක් පැහැදිලි නැත. 





Comments

  1. This article has no depth and there is no explanation of the issues in detail. The duty of the Cardinals is to correct the Pope when he is in error. This does not go against Papal infallibility. Papal infallibility is another entity. In the Acts of the Apostles when St. Peter, the first Pope had issues regarding the gentiles, St. Paul corrected him. The Pope is the defender of the Faith and his personal opinions does not matter on this regard. His duty is to present the Church doctrine and to safeguard the Orthodoxy. Stephen Walford is not a Theologian. He is just a writer. There are theological and canonical issues (Canon 915) in Amoris Latitae especially regarding conscience and divorce. God Him self in the Ten Commandments that adulatory is a mortal sin and St. Paul in 1 Cor. 11:23-29 gives the reason and consequences for doing so. This is also against the former Papal encyclical by St. John Paul II and Pope Emeritus Benedict XVI. Think about it.

    ReplyDelete
    Replies
    1. I would appreciate if you can be brave, manly and Christian enough to write a comment in your name.
      Author Stephen Walford has a PhD and a ThD and he has authored a number of books on Catholic themes including Our Blessed Mother, Divine Mercy and and Popes. He is now writing a book on "Amoris Latitea". He is NOT 'just' a writer; A Theologian-Author.

      This is a huge topic to discuss in a few words. Yes. The Sixth Commandment says that adulatory is a mortal sin. But Jesus, the Word Incarnate, told the 'woman caught in the very act of adultery', "I do not condemn you either. Go and sin no more." He told sinful Zakeus that he would come to dine at his home that night. He called the tax collector Matthew to join his team when Matthew was at his cashier's desk counting money. Jesus related the story of the fishing net to describe the Kingdom of God. He said all the fish, big and small, good and bad are caught in the net. But after the fishermen come to shore they throw away the bad and select the good ones. This is the "inclusive Church" that Pope Francis is talking about. Those days Pharisees and the Doctors of Law did not get His point. Similarly today, hard-hearted theologians and Doctors of Law do not get the point. Alas!
      Saman Wijesuriya
      Canada

      Delete
    2. Well, I have decided to be anonymous for various reasons. But I am Priest from the United States. I have a friend of mine who is a Sri Lankan and he translated this and he sent it to me. Yes, Jesus did not condemn the woman caught in adultery, but He told her not to sin anymore. Often we forget that.
      There is only one Church and you cannot talk about an inclusive or exclusive Church, because Christ established only one Church.
      If you highly admire Stephen Walford, he is an author. Having two Doctorates doesn't not make you a Theologian. It is quite amusing, because Martyn Luther himself was a scholar. Well, if I have to compare Stephen Walford and Cardinal Ratzinger, I have to accept Ratzinger, because he is a Theologian.
      No Pope has the authority to change Church's doctrine, because even the Pope is under God.

      Delete
  2. Please watch this video and it will help you.
    https://www.youtube.com/watch?v=2qpArUYqXno

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය