සුව සේවා අරමුදල් කාදිනල් නිවස ප්‍රතිසංස්කරණයට යෙදවූ වතිකාන නිලධාරීන් දෙදෙනෙකුට නඩු

Vatican charges two former officials over re-directing hospital funds to renovate a Cardinal's apartment  

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජේසු බිලිඳු ළමා රෝහලේ රෝගී දරුවකු සැනැසු මොහොතක්

(2017 ජූලි 13)
වතිකානය මුදල් කළමනාකරණයේදී දුෂණවල යෙදුනු නිලධාරීනට එරෙහිව නඩු පැවරීම ආරම්භ කර තිබේ. මෙවැනි ප්‍රධාන නඩු  විභාගයක් ජූලි මස 18 වනදා ආරම්භ වීමට නියමිතව ඇත. වතිකානයේ  ළමා රෝහලකට සපයන ලද මුදල් නීති විරෝධී ලෙස වතිකානයේ හිටපු රාජ්‍ය ලේකම් තාර්ෂිශියෝ බර්තෝනේ කාදිනල් තුමන් ගේ පෞද්ගලික එපාර්ට්මන්ට් නිවස ප්‍රතිසංස්කරණය කිරීමට යොමු කිරීම මෙම නඩු නිමිත්ත වී තිබේ.

වතිකාන නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙලෙස නඩු පවරා ඇත්තේ පාප් වහන්සේ ගේ අරමුදල් මත පවත්වාගෙන යන රෝමයේ "බැම්බිනෝ ගෙසූ" (ජේසු බිලිඳු) ළමා රෝහලේ  හිටපු සභාපති ජිසේප්පේ ප්‍රොෆිටි සහ එහි හිටපු භාණ්ඩාගාරික මැස්සිමෝ ස්පයිනාට යන අයට එරෙහිවයි.

ඔවුනට එරෙහිව ඇති චෝදනාව වන්නේ ජේසු බිලිඳු ළමා රෝහල් අරමුදලට අයත් මුදලින් යුරෝ 422,000ක් හිටපු රාජ්‍ය ලේකම් බර්තෝනේ කාදිනල් තුමන් ගේ එපාර්ට්මන්ට් නිවස ප්‍රතිසංස්කරණය සඳහා ලබා දීමයි. මෙම සාපරාධි මුදල් සැපයීම 2013 නොවැම්බර සහ 2014 මැයි අතර සිදු වී ඇති බව වතිකාන නීති අංශ කියයි.  මෙම චෝදනව පිලිබඳ පර්යේෂණය වතිකානය විසින් ආරම්භ කරන ලද්දේ 2016 මාර්තු මාසයේදීය. කෙසේ නමුදු මීට අදාලව බර්තෝනේ කාදිනල් තුමන්ට එරෙහිව චෝදනා එල්ල වී නැතැයි වතිකාන මාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ ග්‍රෙග් බර්ක් ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් තමන් අතින් වරදක් වී නැතැයි හිටපු රාජ්‍ය ලේකම් බර්තෝනේ හිමි ද කියා සිටියි. කෙසේ නමුදු දෙසැම්බර් මාසයේ දී එතුමා ජේසු බිලිඳු ළමා රෝහලට යුරෝ 150,000 ක විශාල පරිත්‍යාගයක් කළේය. එතුමා මෙම පරිත්‍යාගය කලේ ඉතාලියේ පලකෙරෙන සඟරාවක් විසින් මෙම එපාර්ට්මන්ට් නිවසට කරන ලද වියදම පිළිබඳව සවිස්තර වාර්තාවක් පල කිරීමෙන් පසුවය.

2006 සිට 2013 ඔක්තෝබර දක්වා වතිකානයේ රාජ්‍ය ලේකම් ධුරය දැරුවේ තාර්ෂිශියෝ බර්තෝනේ  කාදිනල් තුමායි. වතිකානයේ ධුරාවලිය අනුව රාජ්‍ය ලේකම්තුමා දෙවැනි වන්නේ පාප් වහන්සේට පමණි. මෙම තනතුර සමාන වන්නේ වෙනත් රටවල අග්‍රාමාත්‍ය ධුරයටයි.

වතිකාන නගරය තුළ කලින් තිබූ එපාර්ට්මන්ට් නිවාස දෙකක් වර්ග අඩි 6,500ක සුවිශාල නිවසක් ලෙස විශාල කිරීම පිළිබඳව එතුමාට විරුද්ධව චෝදනා එල්ල වී තිබිණ.

Comments


  1. Hi there, You've done a great job. I'll definitely digg it and personally suggest to my friends. I'm sure they'll be benefited from this site. netflix member login

    ReplyDelete
  2. Use this mortgage calculator to judge and develop a strategy by testing the effects of your respective repayment options. mortgage payment calculator canada Once all information has become gathered, you can input it all to the mortgage calculator to get your estimated loan payment. mortgage payment calculator canada

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය