වතිකානයට පහරදීමේ කුමන්ත්‍රණයකට හවුල් හය දෙනෙක් අත්අඩංගුවට - "ISIS සමග ඔවුන් සම්බන්ධතා පැවැත්වුවා"

 Six suspects believed to have been plotting to attack Vatican arrested 


(2016 මැයි 2)
වතිකානයට හා රෝමයේ ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයට පහර දීම සඳහා ISIS සංවිධානයෙන් යොදවනු ලැබ සිටි බව කියන සැකකරුවන් සය දෙනෙක් ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනෙති.

මිලාන් දිසා අධිකරණ අංශය හා ඉතාලි ත්‍රස්ත මර්දන ඒජන්සිය විසින් සම්බන්ධීකරණය කරන ලද වැටලීම් කිහිපයක දී ලොම්බාඩි සහ පියෙද්මොන්ට් ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි ANSA ඉතාලි ප්‍රවෘත්ති සේවාව වාර්තා කරයි.

අත්අඩංගුවට ගෙන ඇති සය දෙනාම මොරොක්කෝ ජාතිකයෝය. අබ්දෙර්රහීම් මුටාහරික් සහ සල්මා බෙන්චාර්කි යන විවාහක යුවලක් ද ඒ අතර වෙති. ISIS සංවිධානයට එක් වීම සඳහා මීට වසරකට කලින් සිරියාවට ගිය යුවලක් සමග ඔවුන් සම්බන්ධතා පවත්වාගෙන තිබේ. මෙම සැකකරුවන් හා සිරියාවේ සිටින ISIS නියෝජිතයන් අතර හුවමාරු වූ "වට්ස්අප්" (WhatsApp) පණිවිඩ සහ වෙනත් සන්නිවේදන සමීපව පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගත්බව ඉතාලි බලධාරීන් උපුටා දක්වන අන්සා ප්‍රවෘත්ති  සේවාව කියයි.

"හිතවත් සහෝදරයා, මම ඔබට බෝම්බ කවිය එවනවා...ෂෙයික් ට සවන් දී පහර දෙන්න" යයි සිරියාවේ සිටින යුවල විසින් අබ්දෙර්රහීම් වෙත එවන ලද එක පණිවිඩයක සඳහන් වේ. "ෂෙයික්" යන වචනය ISIS ත්‍රස්ත නායක අබු බකර් අල්-බග්ඩාඩි සඳහා අන්වර්ථ නාමයක් බව ඉතාලි පොලිසිය වාර්තාකරුවනට කියා සිටියේය. මෙම දයාවේ ජුබිලි වසරේ දී වතිකානයට පැමිණෙන වන්දනාකරුවනට සේ ම රෝමයේ ඊශ්‍රායෙල්  තානාපති කාර්යාලයට ද පහර දෙන බව මෙම පණිවිඩ හුවමාරුවේ සඳහන් වී තිබිණි.

" මෙම කුරුස යුද්ධකරුවන් ගේ නගරයේ දී ඔවුනට පහර දෙන පළමුවැනියා මම වන බවට මම දිවුරනවා. දෙවියන් ගේ කැමැත්ත අනුව මේ වතිකාන නගරයේ ඊට මම පහර දෙන බවට දිවුරනවා," යැයි තවත් පණිවිඩයක සඳහන් වී තිබුණු බව ද පොලිසිය කියයි.
සිරියාවට ගිය බව කියන යුවල අත්අඩංගුවට ගැනීම සඳහා  ද වරෙන්තු නිකුත් කර තිබේ.

කෙසේ නමුදු මේ ජුබිලි වසරේ දී වතිකානයේ ක්‍රියාත්මක ආරක්ෂක විධි විධාන ගැන තමන්  තුළ තමන් තුළ දැඩි විශ්වාසයක් ඇතැයි වතිකාන ප්‍රකාශක ෆෙඩරිකෝ ලොම්බාඩි පියතුමා එංගලන්තයේ කැතලික් හෙරල්ඩ් පුවත්පතට පැවසුවේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය